මන්ත්‍රීවරු පහකට ගමන් පහසුව අගමැති කාර්යාලයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු සඳහා මාස දෙකක කාලයකට අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් ප්‍රවාහන පහසුකම් ලබාදීමට අග්‍රමාත්‍ය කාර්යාලය තීරණය කර ඇතැයි වාර්තා වේ. 09 August 2022
හික්කඩුවේ හෝටලයක ගින්නක් හික්කඩුව වවුලගොඩ ප්‍රදේශයේ හෝටලයක් අද (08) රාත්‍රියේ ගිණි ගැනිමට ලක්ව ඇති බැව හික්කඩුව පොලිසිය පවසයි. 08 August 2022
ජාතික විරෝධතාවයට රට සැරසෙන හැටි ආණ්ඩුවට සහ ආණ්ඩුව සිදු කරන්නේ යැයි පැවසෙන මර්දනයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂය මූලික කරගත් ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය සහ වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන උද්ඝෝෂණ මාලාවක් හෙට (9) රටපුරා ප්‍රධාන නගරවලදී පැවැත්වේ. 08 August 2022
නගර සභා හතකට - ප්‍රා.සභා තුනකට උසස් වීම් නගර සභා හතක් මහ නගර සභා ලෙස ද,ප්‍රාදේශීය සභා තුනක් නගර සභා ලෙසද උසස් කිරීමටත රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය රජයට කර ඇත. 08 August 2022
විදුලි පාරිභෝගිකයන්ගේ තැන්පතුවලට පොලිය ගෙවන්න යයි ලංකා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය ලබා ගැනීමේ දී පාරිභෝගිකයන්ගෙන් ලබාගන්නා මුදල් තැන්පතුවලට හිමිවිය යුතු පොලිය පාරිභෝගිකයන්ට ගෙවීමට කටයුතු කරන බව නීතිපතිවරයා නිතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (08) දැනුම් දුන්නේය. 08 August 2022
රජයට කෝටි 1600ක් අහිමි කළ සීනි බදු සිද්ධියට විමර්ශනයක් සීනි ආනයනයේදී පනවා තිබූ බදු මුදල රුපියල් 50 සිට ශත 25 දක්වා අඩුකර ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 1600කට ආසන්න බදු මුදලක් අහිමි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එන්. ඉලංගසිංහ මහතා ඉදිරියේ අද (08) කරුණු වාර්තා කර ඇත. 08 August 2022
යුවාන් වැන්ග් 5ට විරෝධය දැක්වීම පදනම් විරහිතයි යුවාන් වැන්ග් 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට ඉන්දියාව විරෝධය දැක්වීම පදනම් විරහිත ක්‍රියාවක් බවත් ශ්‍රී ලංකාව සහ චීනය අතර සිදුවන සාමාන්‍ය හුවමාරුවකට ඉන්දියාව බාධා නොකල යුතු බවත් චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මහතා ප්‍රකාශ කළ බව ’ද හින්දු’ පුවත්පත පැවසුවේය. 08 August 2022
ඊජිප්තු ජනපතිගෙන් රනිල්ට සහතිකයක් ශ්‍රී ලංකාව ප්‍රගතිය සහ සෞභාග්‍යය කරා ගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇති හැකියාව පිළිබඳ ඊජිප්තු රජය විශ්වාසයෙන් පසුවන බව ඊජිප්තු අරාබි ජනරජයේ ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 08 August 2022
අද ‘කොවිඩ්’ ආසාදිතයන් 180 ක් ‘කොවිඩ්’ ආසාදිත රෝගීන් 180 දෙනකු අද (8) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය. 08 August 2022
කොවිඩ් මරණ තවත් දෙකක් ‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් දෙදෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (8) පස්වරුවේ තහවුරු කළේය. 08 August 2022
සැර කොරෝනා සෙවීමේ පරීක්ෂණ ඇරඹේ සැර කොරෝනා වයිරස ප්‍රභේද සෙවීමේ තවත් පරීක්ෂණ වටයක් අද(8) ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය 08 August 2022
ලිප්ටන් වටරවුමේත් විරෝධතා ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කොළඹ ලිප්ටන් වටරවුමේදී අද (8) පස්වරුවේ උද්ඝෝෂනයේ නිරත විය. 08 August 2022
ලිට්රෝ ගෑස් මිල 246කින් පහළට ලිට්රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල අද (8) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 246 කින් අඩු කරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (8) පස්වරුවේ පැවසීය. 08 August 2022
බස් සදහා වෙනම කිව්. ආර් කේතයක් පොදු ප්‍රවාහන සේවයේ නියැළී සිටින ලංගම බස් රථ සහ පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය වෙන්වෙන් වශයෙන් හඳුනාගෙන එය වෙනුවෙන් වෙනමම කිව්. ආර් කේතුවක් හඳුන්වාදීමට තීරණය කර තිබේ. 08 August 2022
අරගලකරුවෙක් අත්අඩංගුවට අධිකරණ නියෝග කඩ කිරීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ රජයේ දේපළ වලට හානි කිරීම සම්බන්ධයෙන් අරගල සාමාජිකයකු මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු අද (8) කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් කොළඹ 7 මහජන පුස්තකාලය අසලදී අත්අඩංගුවට ගෙන ඇත. 08 August 2022
ලක්ෂ 20 මත්කුඩු සමග කතක් ගෑන්ඩ්පාස්හිදී අත්අඩංගුවේ රුපියල් ලක්ෂ 20 ට අධික වටිනා මත්කුඩු තොගයක් සමග කාන්තාවක්, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අද (8) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 08 August 2022
මත් රකුසාට වැට බඳින්න අලුත් නීති නාගරික ජනාවාස වල දරුවන් හා තරුණ පරපුර මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සහ සමාජ විරෝධී ක්‍රියා වලින් බෙිරා ගැනීමට නව නීති සම්පාදනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (8) පැවසීය. 08 August 2022
ඉන්ධන පිරවුම්හල් 1,246 කිව්.ආර්. වැඩ ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. පද්ධතිය හරහා පසුගිය සතියේ රටපුරා ඉන්ධන පිරවුම්හල් 1,246 කදී වාහන ලක්ෂ 43 කට ඉන්ධන ලීටර 36,599,301 ක් ලබාදී ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 08 August 2022
පුත්තලමේ රසායනාගාර මාෆියාවක් පුත්තලම මූලික රෝහලට නේවාසික ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණේන රෝගීන්ගේ රසායනාගාර පරික්ෂණ සඳහා පෞද්ගලික රෝහලකට යැවිමේන් රෝගීන්ට අනවශ්‍ය මුදලක් දැරිමට සිදුව ඇතැයි රෝගීහු චෝදනා කරති. 08 August 2022
අලුත් මන්ත්‍රීවරියක් දිවුරුම් දෙයි බොරලැස්ගමුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරියක ලෙස සුජීවනී නානායක්කාර මහත්මිය අද (08) පෙරවරුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නාය. 08 August 2022
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අද සවස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (8) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය. 08 August 2022
බොරතෙල් මිල ඉහළට ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල පෙරදිනට සාපේක්ෂව අද (08) සුළු ඉහල යාමක් පෙන්නුම් කළේය. 08 August 2022
ජෝසප් ස්ටාලින්ට ඇප අධිකරණ නියෝග කඩකළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (08) නියෝග කළේය. 08 August 2022
නාවික හා ගුවන් හමුදාවට ඕස්ට්‍ර්ලියාවෙන් නොමිළේ ඉන්ධන රටතුළ පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් සමුද්‍රීය මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා ඕස්ට්‍ර්ලියානු රජය විසින් ශ්‍රි ලංකා නාවික හමුදාවට හා ගුවන් හමුදාව වෙත නොමිළේ ඉන්ධන තොගයක් ප්‍රධාන කර ඇත. 08 August 2022
කිව්.ආර්. නව ලියාපදිංචි කිරීම් නැවත අරඹයි ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ හෙවත් කිව්.ආර්. කේතයේ නව ලියාපදිංචි කිරීම් නැවත ආරම්භ කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (8) පැවසීය. 08 August 2022
ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදය හෙට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත සභාව කල් තබන අවස්ථාවේ තෙදින විවාදය හෙට (9) පස්වරු 1.00ට ආරම්භ කෙරේ. 08 August 2022
හමුදාව කන්දකාඩුවෙි බඩ ඉරිඟු වවයි ලබන මාස් කන්නයේ දී වගාවට අවශ්‍ය බඩ ඉරිඟු බීජ ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පොලොන්නරුව කන්දකාඩු ගොවිපළේ අක්කර 100ක බීජ බඩඉරිඟු මේ වගා කර තිබේ. 08 August 2022
කොටුවේ අදත් විරෝධතා රාජ්‍ය මර්ධනයට හා විරෝධය පෑමට ඇති අයිතිය සුරකින ලෙසත් හදිසි නීතිය වහා හකුලා ගන්නා ලෙස රජයට බලකරමින් අන්තර් ආගමික කමිටුව සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට අද (08) පැවැත්වේ 08 August 2022
අයි.ඔ.සී පිරවුම්හල් 50ක් විවෘත කිරීමට අවසර ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට (අයි.ඔ.සී) දිවයින පුරා නව ඉන්ධන පිරවුම්හල් 50ක් විවෘත කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් අවසර දුන් බව එම අමාත්‍යංශය උසස් නිලධාරියෙකු පැවසීය. 08 August 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025