IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඩී .එස් දර්ශනයෙන් සිංගප්පූරුව සංවර්ධිත රටක් වුණා

(අංජුල මහික වීරරත්න)

ඩී.එස්.සේනානායකගේ දර්ශනයෙන් ශ්‍රී ලංකාව ඈත් වුවද සිංගප්පූරුව එය ක්‍රියාවට නැංවීමෙන් සංවර්ධිත රටක් බවට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩී.එස් සේනානායක 71වන ගුණ සමරු උත්සවයේ දී පැවසීය.

රාජ්‍ය අංශය ව්‍යාපාරික කටයුතුවල නියැලීම හේතුවෙන් මහවැලි වැනි ව්‍යාපෘති 100ක් සඳහා වෙන් කළ මුදල් අහිමි වූ බව ද ජනාධිපතිවරයා කීය.

ජාතියේ පියා ලෙස විරුදාවලිය ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ 71 වන ගුණ සමරු උලෙළ කොළඹ 7 නිදහස් චතුරස්‍රයේ දී අද (22) පැවැත්විණි.

ජනාධිපති රනිල් රනිල් වික්‍රමසිංහ,ගුණසමරු කමිටු සභාපති ශ්‍රී ලංකාභිමාන්‍ය කරූ ජයසූරිය මහත්වරුන් ඩී .එස් සේනානායක පිළිරුවට මල් කළඹ තබා උපහාර දැක්වූ අතර එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන,ජාතික සංවිධායක සාගල රත්නායක, හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (8)

ඩී .එස් දර්ශනයෙන් සිංගප්පූරුව සංවර්ධිත රටක් වුණා

naleen Wednesday, 22 March 2023 11:31 PM

කොහොම හරි සින්ගප්පුරු දිවුනුවත් අපේ මොලෙන් වෙලා තියෙන්නේ. එකත් අපේ වැඩක් . Lee Kuan Yew ලගේ දක්ෂකම නෙවෙයි . අනේ මෙහෙම පම්පෝරි ගහන දේසපාලුවෝ

:       2       15

Dasa P Thursday, 23 March 2023 02:27 AM

මම දන්නා හැටියට ඩී එස් සේනානායක මහතාගේ දර්ශනය නම් වැව් තැන වගා කිරීමයි .සිංගප්පූරුවේ මොන වැව් ද .වතුර ගේන්නෙත් මැලේසියාවෙන්

:       0       0

අරවින්ද මොනරවිල Thursday, 23 March 2023 06:42 AM

ඩී.එස්. කවදද බං සිංගපූරුව පාලනය කෙරුවේ ?

:       3       17

Bamunuarachchi Thursday, 23 March 2023 07:55 AM

ඒ වගේම 2005 රනිල් බලයට පත් උනානම් අද වෙකොට ශ්‍රී ලංකාව ප්‍රබාකරන්ගේ පාලනයට යන්නත් තිබුනා.

:       10       10

fairoosThursday, 23 March 2023 12:53 PM

ලජ්ජ නැද්ද මෙහෙම අදහස් ලියන්ඩ. නන්දසේන සහ සෙට් එක ඒතතුවෙලා රටට මේ කරපු විනාසයටනම් කාටත් හොඳක් සිද්දවෙන්නෙ නෑ.

:       1       6

mahinda Thursday, 23 March 2023 10:34 AM

ඩී.එස් කියනා ප්‍රතාපවත් නායකයා ගොඩ නැගූ මෙරටේ ප්‍රතාපවත් වූ පක්ෂය ක් එහි බිහිවූ අලුගෝසු පාලයකු විසින් පැවති අවසන් මහා මැතිවරන යෙන් කි සිදු අසුනක් දිනාගැනීමට නොහැකි පක්ෂට උදා කදී ඇත.

:       4       14

Rata Perata Thursday, 23 March 2023 12:52 PM

D S ට තිබුන මොලෙන් කාලක් වත් තිබුනනම් චන්දෙන් පැරදෙයිද? දැන් ඉතින් කපටිකමින් ගත්ත පින් ජනපති කමක් අරගෙන කයිවාරු ගහනව.

:       3       3

Hafeel Thursday, 23 March 2023 02:44 PM

එහම ඩී .එස්.සේනානායකගේ දර්ශනයෙන් ශ්‍රී ලංකාව ඈත් වුනේ කියල කියන්න අපිද ආණ්ඩු බලයේ හිටියේ? දැන් ඔයා දේශපාලනයට එවින් අවුරුදු 47 සම්පූරනයි. දැන්ද ඔයාට මේක තේරුනේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site