රට යවන බව පවසා මුදල් වංචා කළ කතක් ගුවන්තොටුපොළින් අල්ලයි
පෝලන්තයට යවන බව පවසා රුපියල් ලක්ෂ 130 ක මුදලක් වංචා කළ බවට පැමිණිළි 53 ක් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලැබී තිබූ කාන්තාවක් ඉන්දියාවේ සිට ශ්රී ලංකාවට පැමිණෙමින් සිටියදී අද (30 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .ඇය 44 හැවිරිදි කොළඹ , බත්තරමුල්ල ප්රදේශයේ පදිංචි කාන්තාවකි.