IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දහදාහක් වැඩි කළාම 13,200ක් බදු ගෙවන්න වෙලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රජයේ සේවකයන්ට රුපියල් දහදාහක් දුන් නමුත් ඔවුන්ට  රුපියල් 13200ක් බදු ගෙවන්නට සිදුවී ඇති බව සමගි ජන බලවෙිගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබෙිසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

ඒ අනුව රජයේ සේවකයන් දහදාහක් අරගෙන 13200 රජයට ගෙවන බව අබේසිංහ අබෙිසිංහ මහතා කීය.

රජයේ සේවකයන් නොවන අයට මුකුත්ම  නැතැයි කී අබේසිංහ මහතා ඔවුන්ට නිකංම  බදු ගෙවන්නට සිදුවී ඇති බව සඳහන් කළේය.

"ලයිට් බිල සියයට හාරසිය ගුණයකින් වැඩිවෙලා. සෑම බඩුමිල තුන් ගුණයකින් වැඩි වෙලා. ඉතින් මේ රජයේ සේවකයන්ට දහදාහ දෙන එක අපිට පේන්නෙ මේ පැත්තෙන් දීල ඒ පැත්තෙන් ගන්නවා කියලා. ඉන්ධන ඇතුළු සෑම දෙයක්ම ජනවාරි සිට වැඩිවෙනවා.

මේ කාරණාත් එක්ක කොහොමද මිනිස්සු ඔලුව උස්සන්නේ? යනුවෙන් අශෝක් අබේසිංහ මහතා ප්‍රශ්න කළේය.



අදහස් (7)

දහදාහක් වැඩි කළාම 13,200ක් බදු ගෙවන්න වෙලා

[email protected] Thursday, 16 November 2023 09:52 PM

මාස‍ය‍ට ලක්ෂයට වැඩියෙන් ගන්න අයනේ බදු ගෙවන්නේ... ඇයි මේ බොරුව?

:       0       3

abaran Friday, 17 November 2023 01:07 AM

අනේ උන්නැහේ ඔහේ හැමදාමත් කලේ බාල ගැලරි දේශපාලනය බව කවුරුත් හොඳින් දන්නවා. ඔහේ කියන කාරණය ඇත්ත නම් කවුරුත් ඔය රු 10,000 ගන්නේ නැහැනේ... මන්ද 10,000ක් අරන් 13,200ක් බදු ගෙවන්න වෙනවා නම්. අනික් තමයි දැන් ඔහේ කියන්නේ මිනිස්සු ගෙවන්න ඕන බදු මුදල රජයෙන් වෙනම පැකේජ් එකක් ලෙස දෙන්න කියලාද? එහෙම නම් කොයි මගුලකටද අයිසේ බදු අයකරන්නේ? බලාගෙන පරිස්සමෙන් වාඩි වෙන්න මොකද මොලේ තැලෙන්න පුළුවනි.

:       0       3

Nuwan Friday, 17 November 2023 03:31 AM

අඩුම ගානේ ඔහෙලාට මේක තේරෙනවනේ. ඉතින් කියන්නකෝ ඔය වෘත්තිය සමිතිවලට මේක තේරුම් ගන්න හැටි. දේශපාලකයෝ වශයෙන් ඔය අන්තිම ප්‍රශ්නෙටත් උත්තරයක් දෙන්න. ඔලුව උස්සන හැටි කියලා දෙන්න...!

:       0       1

PGPThilak Friday, 17 November 2023 04:15 AM

බොර දියේ මාළු බාලා රට තව තවත් ප්‍රපාතයකට පෙරළෙන දූෂිත දේසපාලුවනි. රටේ සෑම පුරවැසියෙකුටම සෙතක් වීමට බඩුමිල තෙල් මිල බස් ගාස්තු අඩු කරන්න කියලා .උද්ගෝෂණය නොකර.දූෂිත රාජ්‍ය සේවකයන් සඳහා පමණක් පඩි කියලා ලක්ෂ ගනන් ගන්න අයට තවත් බෙදන්න කියන්නේ චන්ද මංකොල්ලයේ යෙදෙන්න නේද? රාජ්‍ය සේවක බර කියන බුර බුරා නැගෙන ගින්නට තව තවත් පිදුරු පිදුරු නොදමා රටටම සැබෑ ශක්තියක් වන ගොවියන්ට ධීවරයන්ට හා අපනයන කර්මාන්තවල නිරත කම්කරු ප්‍රජාවට ගැන කතා කරන්න වත් අවංකවෙයල්ලා!!

:       0       7

Roshan Friday, 17 November 2023 08:29 AM

කමක් නෑ කමක් නෑ .උඹලා කාලෙන් කාලෙට දාපු දේශපාලන හෙන්චයියලා ගෙන් 13200ක් නෙමෙයි මුලු පඩියම කපන්න ඕන. වැඩක් කරන්නෙ නැතුව පිං පඩි ගන්න කාලකන්නි. රාජ්‍ය සේවය තමයි මේ රටට තියෙන ලොකුම හෙනය.... මම කියන්නේ ත්‍රිවිධ හමුදාව හැර.....

:       0       5

jayasekara Friday, 17 November 2023 09:48 AM

ඉතින් හොඳයිනෙ...පෞඩ්ගලික අන්ශයෙ අපි එ මුකුත්ම නැතිව.. හැමදම හම්බවෙන සොච්චමෙන් ඒකත් ගෙවනනනෙ...

:       0       2

sarath Friday, 17 November 2023 07:30 PM

රජයේ සේවකයන්ගෙන් බහුතරයක් පගා ගහන, වැඩ නොකරන කාලකණ්ණි සෙට් එකක් ඔවුන්ගේ පඩි 10000කින් අඩු කරන්න ඕනේ... 10000 කින් වැඩි කළා කියලා අනිවාර්යයෙන් රනිල්ට ඡන්දෙ දෙන්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site