(ඉන්දිකා රාමනායක , ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය සහ ඩී.ජී. සුගතපාල)
දෙනියාය පල්ලේගම ප්‍රදේශයේ දී අද පස්වරුවේ හිමිනමක තියුණු ආයුධයකින් පොලිස් කොස්තාපල්වරයකුගේ ගෙල ප්‍රදේශයට එල්ලකළ පිහි පහරකින් තුවාල ලබා කරාපිටිය රොහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ දෙනියාය පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි (37) හැවිරිදි විවාහක කොස්තාපල්වරයකු බවත්, ඔහුගේ තත්ත්වය බරපතල හේතුවෙන් දෙනියාය රෝහලින් කරාපිටිය රොහලට මරුකර ඇති බවද පොලිසිය පවසයි.
මෙම කොස්තාපල්වරයා හිමිනමගේ 20 හැවිරිදි වැඩිමහල් සොහොයුරිය සමග සම්බන්ධයෙනක් පවත්වාගෙන ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
අද පස්වරු 1.00 ට පමණ දිවා සංචාරයේ යෙදී සිටින අතරතුර කොස්තාපල්වරයා ඉහත තරුණියගේ නිවසට ගොස් ඇති බවත්, එහිදී හිමිනම ඇමැතුමක් ලබා දෙමින් සුක්ෂම ලෙස පොලිස් කොස්තාපල්වරයා පල්ලේගම ගංගොඩඩපාරේ වැඩිහිටි නිවාසය ආසන්නයට ගෙන්වාගෙන ඇති බව පොලිසිය පවසයි.
එම ස්ථානයේ දී දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුව ඇති බවත් බහිස්බස්වීම අතරතුර හිමිනම ඔහුගේ මල්ලේ සඟවාගෙන සිටි පිහියෙන් කොස්තාපල්වරයාගේ ගෙල ප්‍රදේශයට පිහිපහර එල්ල කර ඇති බවද පොලිසිය පවසයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබු කොස්තාපල්වරයා දෙනියාය රෝහලට ඇතුළත් කර ඇති අතර, කොස්තාපල්වරයාගේ තත්ත්වය බරපතල හේතුවෙන් ඔහු කරාපිටිය රෝහලට මාරුකර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් හිමනම් පිහිය ද සමග අත්අඩංගුවට ගෙන ඇත . මෙලෙස අත්ඩංගුවට ගෙන ඇත්තේ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන (18) හැවිරිදි හිමිනමකි.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පෙම් හබයකින් හිමිනමක් කොස්තාපල්ට පිහියෙන් ඇනලා
විජිත් Thursday, 16 November 2023 10:40 PM
බුදුන් වහන්සේගේ කාලේ "පාණාතිපාතා වේරමණී ..."...
Nilantha Thursday, 16 November 2023 10:44 PM
මගේ පෙම්වතිගේ සහෝදරයෙකුත් දැන් මහණවී පන්සලක නායක හාමුදුරුවෝ. නමුත් උන්වහන්සේ ඉතාමත් කාරුණික කෙනෙක්. මේ වගේ නෙවෙයි...
Bamunuarachchi Friday, 17 November 2023 05:10 PM
Nilantha වීවාහක කෙනෙක්ද? එතැනයි ප්‍රශ්නය. ඔබ විවාහක නම් පොලිස් කාරයාට ලැබුණු සන්තෑසිය ලැබිය යුතුයි...
abaran Friday, 17 November 2023 01:12 AM
මේවගේ අයට ඔයවගේ දඬුවම් සැර මදි...!
Bamunuarachchi Friday, 17 November 2023 05:01 AM
සිවුර තමයි ප්‍රශ්නය. නැතිනම් විවාහක එකෙක් තම සොහොයුරියකට කරන්න හදන මේ අලුගුත්තේරු වැඩේ සහෝදරයෙක් නිහඬව බලා ඉන්නේ නැත. මේ පොලිස්කාරයා අමතක නොවන දඬුවම් විඳිය යුතුයි. මේ හාමුදුරුවෝ සෝවාන් වෙලා නැත. පෘතක්ජන ගති තිබෙනවා. මගේ සමාව ලැබෙනවා.
චින්තක Friday, 17 November 2023 06:30 AM
37 හැවිරිදි විවාහක පොලිස් කොස්තාපල් කෙනෙක් අවුරුදු 20 ක තරුණියක් සමග පෙම් සබදතාවක් පවත්වා ඇති බව කියවෙනවා .ඇත්තටම මේ පොලිස්කාරයා මේ කෙල්ල අනාත කරන්න සිතාගෙන ඉන්න ඇති .සාමනේර හිමියන් දුරදිග හිතන්න පුළුවන් වයසක නැහැ මම නම් හිතන්නේ තමන්ගෙ අක්කාගෙ අනාගතය බේරාගැනීමට සාමනේර හිමියන් කලේ නිවැරදි දෙයක් කියලා තමයි .මෙවැනි පොලිස් කාරයො පොලිසියේ ගෞරවය නැති කරනවා කිව්වොත් වැරදි නැහැ