IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඔස්ට්‍රේලියාවට ලකුණු 213 ක ඉලක්කයක්

(යොහාන් භාසුර)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ ඕස්ටේ්‍රලියාව අතර කොල්කටාහිදී දැන් පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු පිල ඕවර 49.4 කදී ලකුණු 212 කට සීමාවිය.

ඕස්ට්‍රේලියාවට අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ඕවරයකට ලකුණු 4.26 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 213 ක් රැස්කළ යුතුය.

කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීම තෝරාගත් දකුණු අප්‍රිකානු පිලේ පළමු කඩුලු හතර ලකුණු 24 කට බිඳ වැටුණි. ඉන් පසුව හෙන්රිච් ක්ලාසීන් (47) සහ ඩේවිඩ් මිලර් (101) පස්වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 95 ක සම්බන්ධතාව තරමක හිස එසවීය.

ඩේවිඩ් මිලර් අන්තයක් ආරක්‍ෂා කරමින් පන්දුවට පහර දෙමින් පන්දු 116 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 101 ක් රැස්කිරීමට සමත් විය.

දකුණු අප්‍රිකානු ඉනිමේ 14 වැනි ඕවරයේදී වර්ෂාව ඇදහැලීමෙන් තරගය පැයක් පමණ අත්හිටුවීමට සිදුවිය.

දකුණු අප්‍රිකානු පිල ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 212

(හෙන්රිච් ක්ලාසීන් 47, ඩේවිඩ් මිලර් 101, ජෙරල්ඩ් කොයිට්ෂි 19, මිචෙල් ස්ටාක් 34/3, ජෝෂ් හෂල්වුඩ් 12/2, ටේ‍රවිස් හෙඩ් 21/2, පැට් කමින්ස් 51/3) 

 



අදහස් (0)

ඔස්ට්‍රේලියාවට ලකුණු 213 ක ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site