‘‘දුන්නු ඇත්තු යළි ගෙන යන්නේ නෑ‘‘
සමාජ මාධ්‍යයේ මොන පුවත් සංසරණය වුවත් තායි රාජා, කණ්ඩුල රාජා, හෝ තායිලන්තයෙන් මෙරටට ලබාදුන් කිසිදු ඇතකු යළි ලබා ගැනීම සම්බන්ධයෙන් තායිලන්ත රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති පොජ් හර්න්පෝල් (Poj Harnpol) මහතා පවසයි .