ජපන් භූමි කම්පාවෙන් සිදුවුණු හානිය බරපතලයි
නව වසර උදාවත් සමඟ ජපානය කැලැඹූ ප්‍රබල භූමි කම්පාවෙන් සහ අතුරු භූමි කම්පාවලින් සිදුවුණු හානිය අතිමහත් බවත්, ප්‍රබල භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසක් බිමට සමතලා වූ බවත්, බොහෝ දෙනකු තවමත් සුන්බුන් අතරේ සිරවී සිටින බවත් ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මාධ්‍ය හමුවේ පැවැසුවේය.