(ප්‍රදීප් කුමාර)

යාපනය තාවඩි ප්‍රදේශයේ  සිදු වූ පිහි ඇනුමකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ තරුණයෙකු මියගොස් ඇති බව චුන්නාකම් පොලිසිය සදහන් කරයි.

මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 23 ක් පමණ වන වරදරාසා නිරුක්ෂන් නමැති තරුණයෙකි.

මෙම තරුණයාගේ සහෝදරියගේ සැමියා විසින් එල්ල කල පිහි ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති අතර එහිදී මෙම තරුණයා ජිවිතක්ෂයට පත්ව තිබේ.

සිය පියා හා සොහොයුරියගේ සැමියා අතර ඇතිවූ ගැටුමක් සමතයට පත් කිරීමට යාමේදී තරුණයා මෙම පිහි පහරට ලක්ව තිබේ.