
(මොහොමඩ් ආසික් සහ ජේ.ඒ.එල් ජයසිංහ)
නිධානයකින් ගත් බව කියන මැණික්ගල් 14 ක් රුපියල් කෝටි දහ තුන හමාරකට අලෙවි කිරීමට සුදානම් වු කාන්තාවක් ඇතුළු පුද්ගලයන් හය දෙකු කටුගස්තොට පොලීසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
නිධානයකින් ගත් බව කියන මැණික් ගල් තොගයක් රුපියල් කෝටි 13 හමාරකට අලෙවි කිරීමට සූදානම් වන බවට පොලීසියට ලැබුණු තොරතුරක් අනුව උපාය දූතයකු මගින් මෙම පුද්ගලයින් කටුගස්තොට පැරැණි පාලම අසලට ගෙන්වා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
මෙලෙස ගෙන්වා ගත් පිරිස අතර කාන්තාවක් පිරිමි පුද්ගලයන් පස් දෙනෙකු ඇතුළු හය දෙනෙකු සිට තිබේ.
මෙම පුග්ලයින් ළඟ තිබී නිධානයෙන් ගත් බව කියන මැණික් ගල් 14 ක් ඩිජිටල් තරාදියක් කුඩා විදුලි පන්දමක් ද සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
මෙම පුද්ගලයින් හිනිදුම , ගාල්ල, හෙයියින්තුඩුව, වැනි ප්‍රදේශවල පදිංචි අවුරුදු 35- 49 ත් අතර වූවන් බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩෝ හිනිදුම ඇයොත් ගේමට බැහැලා, ආඩම්බරයි.
මරන්චි
එතකොට නිදං පොලව යටම තියෙන්න ඕනද? යමක් නිදං කරන්නෙ පහු කාලෙක කාට හරි ප්‍රයෝජනයට ගන්න.
ඔව් ඔව්. ඕවා විකුණන්න පුළුවන් ඉහළම පෙලේ හාමුදුරුවන් ගොල්ලන්ටයි , රාජපක්ෂ පවුලේ බේබි හාමුලටයි විතරයි. නිකන් මිනිස්සුන්ගේ ගෙදර මිදුලේ තිබිලා හම්බ වුණත් මොනවත් කරන්න බෑ. මේ රට අයිති ඔය උඩ සඳහන් කරලා තියෙන අයට විතරමයි.
ගේමක් දුන්නොත් දකුණේ තමයි. ඇස් වහගෙන ගේම් දුන්නු එවුන් කල්පනා කරලා ඔවුන්ගේ ගම කොහේද බලන්නකෝ....?
ඩේසි ආච්චිගේ මැණික් මල්ලට වැටෙන්න නොගිහින් යන්තම් ගැලවුණා...
මේ ෆොටෝ එකේ මැද ඉන්න ගැහැනියයි ,මිනිහයි නේද නිධන් කඩලා තියෙන්නේ ?