(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

වෙසක් සිරි නැරඹීම සඳහා පිරිසක් සමඟ යමින් සිටි පුද්ගලයකුට ඔරුගොඩවත්ත  බේස්ලයින් මාර්ගයේදී  පිහියකින් ඇන ඝාතනය කල පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව  ග්‍රෑන්ඩ්පාස්  පොලිසිය කියයි. 

සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ  පෑලියගොඩ මීගමුව පාර නෙල්ලි ගහවත්ත  ප්‍රදේශයේ පදිංචි ටි ලුක්ශාන් නමැති 22 හැවිරිදි පුද්ගලයෙකි .

ග්‍රෑන්ඩ්පාස්  පොලිස් වසමේ බේස්ලයින් පාර බණ්ඩාරනායක වටරවුම දෙසින්  මියගිය අය තවත් පිරිසක් සමග ඔරුගොඩවත්ත  මාර්ගයට වෙසක් සිරි නැරඹීම සඳහා යමින් සිටියදී  සැකකරුවන් තිදෙනා මුහුණට මුහුණ හමුවී ඇති අතර එහිදී පේම සබඳතාවයක් මුල් කරගමින් ඇතිවූ ආරවුලක් මත  පිහියෙන් ඇන ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

.