(හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර)
පවතින වර්ෂාවත් සමඟ අද (25) රාත්‍රියේ හපුතලේ දිසාරෝහල අසල නිවසක් මතට විශාල කරපන්ටයින් ගසක් කඩා වැටී එහි සිටි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා හපුතලේ දිසාරෝහලින් දියතලාව මූලික රෝහලට මාරු කළ බව හපුතලේ පොලිසිය පැවසීය.
නිවසේ මුළුතැන්ගෙයි ආහාර පිසමින් සිටි 62 හැවිරිදි කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත් වී තිබේ.
ඒ ආසන්නයේ සිටි 83 හැවිරිදි පිරිමි අයෙකු සහ 73 වියැති කාන්තාවක් ද වන අඹු සැමි යුවළක් මෙසේ බරපතල තුවාල ලබා තිබේ.
හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd