
(ගයාන් සූරියආරච්චි)
මොණරාගල, වැදිකුඹුර වෙසක් කලාපය වෙත රැගෙන ගොස් සිටි බන්ධනාගාර රැදවියකු නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති බව මොනරාගල පොලිසිය පවසයි.
මෙසේ පලා ගොස් ඇත්තේ වැල්ලවාය, නුගේඇළ, බතලආර ප්‍ර දේශයේ පදිංචිව සිටි රැදවියකු බව පොලිසිය පවසයි.
එහ රැදවියා බදුල්ල, ඇඹිලිපිටිය, වැල්ලවාය, සියඹලාණ්ඩුව යන අධිකරණවලින් දඩුවම් ලබා මොනරාගල බන්ධනාගාරයේ රදවා සිටි රැදවියෙකු බව පොලිසිය පවසයි.
මෙම සිරකරු මොනරාගල වැදිකුඹුර වෙසක් කලාපයේ වෙසක් සැරසිලි සහ නිර්මාණ සිදුකිරීම සදහා බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටියදී නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd