
( මහින්ද නිශ්ශංක)
කොළඹ හා බදුල්ල, බදුල්ල හා කොළඹ අතර ධාවනය කෙරෙන රාත්‍රී විශේෂ දුම්රියයන් තුන්වන දිනටත් අද (26) අවලංගු කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමෙන්තු උසස් නිලධාරියකු පැවසීය.
මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට සිදුවන ගස් කඩාවැටීම් හා ගල් වැටීම් නිසා මෙම රාත්‍රී දුම්රිය දෙක ධාවනය නොකිරීමට තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.
කොළඹ හා බදුල්ල, බදුල්ල හා කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය දෙක ඇතුළු සෙසු දුම්රියන් අද ධාවනය කෙරෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිදා ධාවනය නොවන දුම්රියක ඇති විශේෂතාවය කුමක්ද