
(හේමන්ත රණසූරිය )
වෙසක් කූඩුවකට විදුලිය ලබා ගැනීමට යාමේදී විදුලිය සැර වැදීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි.
කැබිති ගොල්ලෑව කුරුලුගම රජමහා විහාරස්ථාන භූමියේ දී මෙලෙස විදුලිය සැර වැදීමෙන් මියගොස් ඇත්තේ සරත් ප්‍රසන්න පතිරාජ නමැති 51 ක් හැවිරිදි එක් දරු පියෙකි.
වෙසක් උත්සවයට සමගාමීව වෙසක් කූඩු ප්‍රදර්ශනයක් පැවති අතර,මෙම පුද්ගලයා විසින් කැරකෙන කූඩුවකට විදුලිය සම්බන්ධ කිරීමට උත්සාහ කිරීමේදී එහි විදුලිය සහිත කම්බියක් ඔහුගේ සිරුරේ ගැටීමෙන් ඔහු බිම ඇද වැටී බරපතල තත්ත්වයට පත් ව තිබේ.
රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd