
(සුජිත් හේවාජුලිගේ )
ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ මන්ත්‍රී ධූරය අහෝසි කෙරුණද ඇය මන්ත්‍රීවරියක ලෙස ගත් තීරණ කිසිවක් අහෝසි නොවන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඩයනා ගමගේ මහත්මිය මන්ත්‍රීවරියක ලෙස සිටියදී ගත් තීරණ කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 69 වගන්තිය අනුව අහෝසි නොවන බවයි.
ඒ අනුව පාර්ලිමේන්තුවේදී පනත් සම්මත කිරීමේදී ඇය ලබා දුන් ඡන්ද මෙන්ම අනෙකුත් තීරණද අහෝසි නොවන බව පැවසේ.
එසේම ඇය මන්ත්‍රී ධූරය දැරූ කාලසීමාවේදී රජයෙන් ලබා ගත් වැටුප් සහ වෙනත් වරප්‍රසාද අහෝසිවී යන්නේ හෝ නැවත ලබාදීමට සිදුවන්නේ හෝ අධිකරණයෙන් නියෝග කෙරුණොත් පමණක් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් සේරටම පිස්සු හොර සහතික ගත්ත දොස්තර කෙනෙක් දෙන බෙහෙත් හොද ඇති එහෙනම්
ඩයනා ගත්තු තීරණ මොනවද මන්දා... මොලේ විකාරවෙලා කියන දේවල් වෙන්න ඇති...
ගංජා ගහලාද කට්ටියම
යකෝ මේක පුදුම නීතියක්නේ. එහෙම වෙන්නේ කොහොමද. මොන පොතේද දන්නේ නෑ එහෙම තියෙන්නේ. නීති හදන්නෙත් උන්, කඩන්නේත් උන්, ඕනේ විදිහට නීති නමන්නෙත් උන්. වාසි මොකද්ද ඒක තමයි නීතිය. මෙහෙමත් රටක්.
මුන්ට පිස්සු.. දැන් දැන් හැබැයි අපිටත් පිස්සු