රේගුව ඉතිහාසයේ ඉහළතම ආදායම ලබයි
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු පසුගිය 2023 වසරේ රුපියල් බිලියන 970 ක් හෙවත් රුපියල් කෝටි 97,000 ක ආදායමක් උපයමින් ඉතිහාසයේ වර්ෂයකදී ලැබූ ඉහළතම ආදායම වාර්තා කළ බව ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා පැවසීය.