IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඡන්දය දැම්මාට සහතිකයක්

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් නවදිල්ලි අගනුවර ඡන්ද පොළකදී සිය ඡන්දය ප්‍රකාශ කළේය. ඒ, අදියර 7 ක් යටතේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ 6 වැනි අදියර ආරම්භ වීමෙන් පසුවය.

එම ඡන්ද පොළට පැමිණ, මුලින්ම ඡන්දය ප්‍රකාශ කළ, පිරිමි ඡන්දදායකයා වූයේ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර්ය. එහෙයින් මැතිවරණ බලධාරීන් ඔහුට විශේෂ සහතිකයක් ද පිරිනැමුවේය.

එම සහතිකය ද අතැතිව ඡන්දය දැමූ බව පෙන්වමින්, එස්. ජයිශංකර් සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් පළ කරමින් කියා සිටියේ මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට ශක්තියක් වෙමින්, භාරතීය ජනතා පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය ලබා දෙන ලෙසටය.



අදහස් (5)

ඡන්දය දැම්මාට සහතිකයක්

sam Saturday, 25 May 2024 10:00 AM

අපේ රටේ මුලින්ම ඡන්දේ දාපු අයට සහතික දුන්නේ මීට අවුරුදු හතලිස් පහකටත් කලින් නේ! 1989 ජනාධිපතිවරණයේ මුලින්ම ඡන්දෙ දීපු බොහෝමයක් දෙනාට මරණ සහතික ලැබුණා.

:       5       93

Sarath Saturday, 25 May 2024 03:33 PM

හතලිස් පහකට නොවෙයි තිස් හයකට කලින් කිව්වා නම් නේද හරි...? මට මතක හැටියට 1988 කාලයේ තමයි එහෙම කළේ. කොහොම වුණත් ඒ ගොල්ලෝම දැන් නැවතත් මර්දනය ආරම්භ කරමින් ඔවුන්ගේ සාමාජිකයින් ලවා සාමාජිකයින්ගේ නෑයින්ට බල කරනවා මාලිමාවට ඡන්දය දීපල්ලා කියලා...

:       7       63

Leyon dharmasiri hapuarachchigeSaturday, 25 May 2024 10:21 PM

ඒ අමන මතකය ඇතිතාක් ඔවුන් හෝ නමින් එන කිසිවෙක් සඳහා මගේ ඡන්දය නමි හිමි නොවේ.....

:       1       20

හේරත් බණ්ඩා Sunday, 26 May 2024 07:39 AM

එදා එහෙම කෙරුවට දැන් එහෙම කරන්නේ නෑ. දැන් ඒ ගොල්ලෝ ගොඩක් හොඳයි. බෞද්ධ ආගමට අකමැති උනාට දැන් මිනී මරන්නේ නෑ. බොහෝම නිහතමානීයි.

:       1       2

KuttikandageSunday, 26 May 2024 10:47 AM

බණ්ඩො උඹ කියන්නෙ මාලිමාවෙ එව්වො බෞද්ධ ආගමට අකමැතියි කියලා නේ ඒක ඇත්ත වෙන්න පුළුවන් මොකද අපේ එකෙකුත් උන්ගෙ පංතියට ගිහිල්ලා ඇවිල්ලා කියනවා බුදුහාමුදුරුවෝ නවවරක් වදින්නේ ඇයි කියලා මොකක්ද නව වරක් ඇහුවම කියන්නෙ බුද්ධං සරණං ගච්ඡාමි තුනයි ධම්මං සරණං ගච්ඡාමි තුනයි සංඝං සරණං ගච්ඡාමි තුනයි කියලා නවයක් වෙනවා කියලා තමයි ඊළඟට කියන්නෙ ඇයි බුදු දහම පාලියෙන් කියන්නෙ කියලා එහෙම වැරදි පේන එවුන්ට අනෙක් ආගම් වල මුල් භාෂාවෙන් පිළිවෙත් කිරීම පේන්නෙ නැහැ එහෙම මෝඩයින්ට ඡන්දය පාවිච්චි කරන්න කියලා කියන්නෙ මොන තරම් උගතුන්ද කියලා හිතාබලන්න නුවනැත්තන්ට භාරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site