(මනෝප්‍රිය ගුණසේකර)
දරුවන්ගේ උදෑසන ආහාර වේල සැපයීමේ කටයුත්ත කරදරයකින් තොරව කරගෙන යෑම සඳහා ආහාර වේල සැපයීමේ ටෙන්ඩරය ලබාගත් කාන්තාවගෙන් රුපියල් 30,000/-ක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේදී ඇහැලියගොඩ ප්‍රදේශයේ දමිල පාසලක විදුහල්පතිවරයකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් විදුහල්පති කාමරයේදීම අත්අඩංගුවට ගන්නා ලදී.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදී අදාළ විිදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් කෙමිසමේ නිලධාරියකු පැවසීය.
පාසැල් දරුවන්ට උදෑසන ආහාර වේල සැපයීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයකට අනුව ඇහැලියගොඩවත්ත ප්‍රදේශයේ දමිල පාසලක ඉගෙනුම ලබන දරුවන්ට උදෑසන ආහාර වේල සැපයීම සඳහා කාන්තාවකට ටෙන්ඩරය ලබාදී ඇති බවත් ඒ අනුව ඇය මාර්තු සහ අප්‍රේල් මාස සඳහා සැපයු ආහාර වේල් වලට ගෙවිය යුතු මුදල් ලබාදීමට නිර්දේශ කිරීම සඳහා සැකකාර විදුහල්පතිවරයා කාන්තාවගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ඇති බවත් එම ප්‍රකාශකයා පැවසීය.
සැකකාර විදුහල්පතිවරයා මුලින් රුපියල් 20,000/-ක මුදලක් ලබාගෙන ඇති බවත් ඉතිරි රුපියල් 30,000/-ක මුදල ඉල්ලු අවස්ථාවේදී ලැබුණු පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදී විදුහල්පති නිල කාමරය තුළදී රුපියල් 30,000/-ක අල්ලස් ගන්නා විට සැකකරු අත්අඩංගුවට ගත් බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇහැලියගොඩ කියන්නෙ කිරිඇල්ලේ බුදුහාමුදුරුවන්ගේ ආසනය නේද දැනට අවුරුදු 54ක සිට ඒ බුදුහාමුදුරුවෝ ඇහැලියගොඩ ආසනයේ නාමිකව වැඩ සිටිනවා මම අහල තියෙන හැටියට මුලු ලංකාවෙන්ම ආහාර ද්‍රව්‍ය මිල වැඩිම ප්‍රදේශය ඇහැලියගොඩ තමයි අනෙක් භාණ්ඩ මිල වුණත් එහෙම තමයි නගරයේ සංචාරයේ යෙදෙන කෙනෙකුට නගරයේ අඩුපාඩු තිබේද කියලා දකින්නට පුළුවන්
සල්ලිවලට මළමිනීත් දිව දික්කරනවලු... මෙයා ඇවිදින මළ මිනියක්.. පෙන්ෂන් එකත් නැතිකරගෙන හිරේට යමන්කෝ...
පලාතේ බලවත් දේශපාලන කාන්තාවකගේ නෑයෙක්ලු