(සුජිත් හේවාජුලිගේ)
අල්ලස් දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් හතළිහකට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
මින් වැඩි පිරිසක් ප්‍රාදේශීය දේශපාලඥයන් බව එම කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර ප්‍රබල දේශපාලනඥයන් හා රජයේ වගකිවයුතු තනතුරු දැරූ රාජ්‍ය සංස්ථා හා ආයතන ප්‍රධානීන් පිරිසකට එරෙහිව විවිධ දූෂණ චෝදනා යටතේ පවරා තිබියදී තාක්‍ෂණික දෝෂ මත ඉල්ලා අස්කර ගත් සියලුම නඩු නැවත පැවරීමට කඩිනමින් පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය.
නව විමර්ශන කොමිෂන් සභාව යටතේ සියලු විමර්ශන සක්‍රියාකාරයෙන් සිදුකිරීමට විශේෂිත වැඩපිළිවෙලක් අරඹා ඇතැයි කොමිසමේ නිලධාරිහු පෙන්වා දෙති.
එසේම රාජ්‍ය සේවයේ දුෂිතම ආයතන අතරින් මුල් තැනට පොලිසිය පත්ව සිටින බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
ඒ අසලින්ම සිටින්නේ පාර්ලිමේන්තුව ඇතුළු ජාතික හා ප්‍රාදේශීය රාජ්‍ය පාලන අධිකාරීන් බවද එම ආයතනය සඳහන් කරයි.
දිවයිනේ වඩාත් කැපී පෙනෙන දුෂණ වංචා සිදුවන්නේ රාජ්‍ය අංශය තුළ බව පවසන එම ආයතනය පොලිසියේ, පළාත් පාලනයේ, සහ නියාමකයන්ගේ රැකියා වලට සැලකිය යුතු බලයක් සහ අධිකාරයක් හිමිවීම ඊට හේතුව ලෙස සඳහන් කරයි.
වඩාත් පැතිර පවතින, වඩාත් පැමිණිලි කරනු ලබන සහ වඩාත් විනාශකාරී දූෂණ වංචා සිදුවන්නේ පොලිසිය හා රජයේ නිලධාරීන් අතින් බවද එහි සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් ටිකකාලයක් හීන දකින්න පුළුවන් වෙයි වගේ....!
ඇලෝසියස්ගෙන් ගත්තු රවී කරුණානායකගෙන්ම පටන් ගමු නේද?
මේ පරීක්ෂණ වල ප්‍රතිඵල දැන්ම කියන්න පුළුවන්
නරි වාදන් වැඩකාරයන්ට බොරු බෑ .. බොරුකාරයන්ට වැඩ බෑ අපි නම් දන්නේ එච්චරයි
"මේ ගොල්ලෝ ඔක්කොම යාළුවො මල්ලි."
මේ නඩු හරියට නොපැවරීමෙන් දූෂිත ආයතන අතරට අල්ලස් කොමිසමත් වැටෙන්න පුළුවන්
වසර ගණනාවක් නඩුවලට මහජන මුදල් කෝටි ගනනක් වියදම් කර සහ මාද්‍ය සංදර්ශන රැසක් පවත්වා අන්තිමට නිදොස් කොට නිදහස්. පාර්ලිමේන්තුව අසල මේ විහිලු සදහා වෙනමම උසාවියක් පිහිටුවා විහිලු නඩුකාරයෙක් පත්කර හොරා පොලිස් සෙල්ලම එතැනම කිරීමට ඉඩ සැලසීම මගින් මුදල් ඉතිඉතිරිකර ගතහැකියි.
අඩෝ අඩෝ මේ විහිලු එපා ඩෝ. උඹලව විශේෂයෙන්ම තෝරල ඔතැනට දාල තියෙන්නෙම උන්ව බේරගන්න. රාජපක්ෂලගෙම නඩු 30ස් ගණනක් ඉල්ලා අස්කරගෙන තියෙනව, උඹලගේ විහිලුවලට හිනායන්නේ නැහැ. ලේ කෝපවෙනවා.
මේ රජයන් යටතේ මේවාා කෙරෙන්නෙ නැහැ කෙරුනෙත් නැහැ, ඒක ස්තීරයි. අර ෆයිල් ගැන මඩකතා කියන අයට පැහැදිලි වෙනවා ඇති නඩු දාල වැඩක් නැතිවග, ඒක නිසා හොරු අල්ලන පාලනයක් අරගෙන එමු. හැබැයි එහෙට මෙහෙට පනින හොරු ඉන්න පක්ෂ එපා.
ලංකාවේ දූෂණ වලට විරුද්ධව කටයුතු කරන්න අපහසුතා ඇතිවෙන තාක්ෂණික දෝෂ හැදෙන්නේ කාළකණ්නි දේශපාලුවො කරන බලපෑම් මත මිසක් වෙනත් හේතුවකට නොවෙයි.උන්දැලා රට දැය සමය ගැන නොසලකා ඒවා කරන්නෙ උන්ගෙ බඩගෝස්තරය හා පරපුරේ පැවැත්මට තමයි පේනවා නේද රැවුලට ඡන්දය දීලා රටට වෙලා තියෙන තත්වය ඒවාට දුරදිග නොබලා කතිරය ගසන ඡන්ද දායකයින් සම්පූර්ණයෙන්ම වගකිවයුතුය .
හරි හරි ... පාර්ලිමේන්තුවේ අය නම් නිදොස් කොට නිදහස් වෙයි.