
(කේ බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය සහ කොට්ටාව අතුරු මාර්ගයක පාලමේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට පැනීම නිසා ධාවනය වෙමින් තිබූ වාහනය ගැටුණු තරුණයකු බරපතල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.
මෙම තරුණයා සිය දිවි නසා ගැනීමට මෙලෙස අධිවේගී මාර්ගයට පැන්නාද නැතහොත් වෙනත් පාර්ශවයක් විසින් පාලම මත සිට එම තරුණයා අධිවේගී මාර්ගයට තල්ලු කා ද යන්න පරීක්ෂණයක් ආරම්භ කළ බවද පොලිසිය පවසයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අතුරුගිරිය වල්ගම සුව මාවත සිසිලස උද්‍යානයේ පදිංචිකරුවකු වන 24 හැවිරිදි තරුණයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණ පිරිස් දැන් මානසිකව අන්ත අසරණ වෙලා, මානසිකව පිරිහිලා අන්තයටම. මේවාට පිළියම් යොදනවා තියා හිතන්නවත් කෙනෙක් නෑ.
මේක රාජපක්ෂ වැඩක් වෙන්න බැරිද?