
(රංජිත් රාජපක්ෂ)
ජනාධිපති මැතිවරණය මේ වසරේ ඔක්තොබර් 17 වන දින පවත්වන බවත්, එම මැතිවරණය කිසිවකුටත් වළක්වාලිය නොහැකි බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසිය.
විජයදාස රාජපක්ෂ මහතා ඒ බව අද (25) දින කියා සිටියේ කඳුරට ජනතා පෙරමුණේ නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වි රාධාක්‍රිෂ්ණන් මහතා හැටන් නගරයේ පැවැත්වූ එම පක්ෂයේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී විමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙවර ජනාධිපති මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මැතිවරණයේ තීරණාත්මක ශක්තිමත් පක්ෂයක් ලෙස කටයුතු කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත වෙන්න ඇති. මෙයා නැති ආණ්ඩුවක් නෑනේ ඉතින්.
මෙයා කොහොමද මැතිවරණ දින තීරණය කරන්නේ?
කවදා ඉඳලා ද මෙයා මැතිවරණ කොමසාරිස් උනේ.
ජනාධිපතිවරණයට දිනය නියම කරන එකම බලධාරියා මැතිවරණ කොමසාරිස් වරයායි. එසේ කරන්නටත් තව කල් තියෙනවා.මේ කොහේදෝ යන, එක එකාට කඩේ යන ගස් බල්ලෙක් කොහොමද කියන්නේ ඡන්දෙ තියෙන්නේ ඔක්තෝබර් මාසේ 17 කියලා....? මේවගේ උන් මුළු රටටම පිළිලයක් !!!
මේත් සිරිසේන ජාතියෙම මිනිහෙක්. වෙනස උගත්කම සහ ඉංග්‍රීසි පුලුවන්කම විතරයි.මෙලෝ රහක් නැති කපටියෙක්.
විජේදාස ( ඩිල්දාස ) නේද කියන්නේ . වැඩිය ගණන් ගන්න එපා .
ජනාධිපතිවරණයට දින නියම කිරීමට මේ සහෝදරයාට ඇති බලය කුමක්ද? ඔහුට ජනාධිපති වීමට දවල් සිහින දැකිය හැකි නමුත් ඔබ බලධාරියෙකු බව පෙන්වීමට නොයන්න.
මෙයාල ගැන කිසිම විස්වාසයක් නෑ මිනිස්සුන්ට. හෙට කොහාට පනීද දන්නේ නෑ. වාසි පැත්තට පැන්න. රට ගැන, රටවැසිය ගැන නෙමෙයි හිතන්නේ.
ඉතින් ඔයැයිත් ඒකට තරග කරනවැයි ඇමතිතුමා .දැන්මම කියන්න සමහර ඈයො අනුගාමිකයන් ගෙවල්වලට එවනවා දෙගොල්ලටම මෙච්චර කාලයක් කලානේද අරුන්ට දීපල්ලා කියලා තර්ජන කරනවා ඉතින් ඔයැයි ඉල්ලනවා නම් කලින්ම කියන්න හොදේ මහත්තයෝ
කිසිම කෙනෙක්ගුට 51% ලැබෙන්නේ නැ තවත් අගාධයකට ළවැටෙනවා නියතයි
අවුරුදු 75ක සැපය ඉවරයක් කරන්න මිනිස්සු පෙලබිලා ඉවරයි