විවාහ වෙන්න බෑ කී වැයි අමානුෂික දඬුවමක් විවාහ වීමට කැමැත්ත පළ නොකිරීම හේතුවෙන් පිරිමි පුද්ගලයෙකු ලිංගේන්ද්‍රිය කපා ඔහුට පහරදුන් වෛද්‍යවරියක් බිහාර් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 02 July 2024
උඩු ගුවනේ තවත් අනතුරක් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර සිට උරුගුවේහි මොන්ටෙවීඩියෝ නගරය බලා පියාසර කළ එයාර් යුරෝපා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් දැඩි වායු රික්තකයට හසුවීම හේතුවෙන් ආරක්ෂක පටි පැළඳ නොසිටි මගියෙකු උඩ විසිවී හිසට ඉහළින් ඇති බඩු මලු දමන මැදිරියේ සිරවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 02 July 2024
ලිට්රෝ මිල පහළට ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල රුපියල් 100 කින් අඩු කළ බව ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (2) පෙරවරුවේ පැවසීය. 02 July 2024
බෝම්බ බියකින් මහනුවර අධිකරණ නොසන්සුන් මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) ලද තොරතුරකට අනුව අධිකරණ සංකීර්ණය තුළ සියලු නඩු කටයුතු නවතා එහි සිටි ජනතාව ඉවත්කොට පුළුල් පරීක්ෂාවක් සිදු කරන බව පොලිසිය කියයි . 02 July 2024
ට්‍රම්ප්ට නඩු පවරන්න බැහැ ඇමෙරිකානු ජනාධිපතිවරයකු ධුරය දැරූ සමයේදී ගත් රාජාකාරී තීරණ අභියෝගයට ලක් කරමින් ඔහුට කිසිම විටකත් නඩු පැවැරිය නොහැකි බවත් එය හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටද අදාළ වන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 02 July 2024
අඟහරු පසේ වගා කරන්න පුළුවන් ශාකයක් අඟහරු මත වියළි නිසරු කර්කශ පරිසරයේ වගා කළ හැකි සහ එවැනි පරිසරයක හොඳින් වැඩිය හැකි ශාකයක් පෘථිවියේ ඇතැයි විද්‍යාඥයෝ පවසති. 02 July 2024
ෂැංග්හයි සහයෝගීතා සමුළුව ඇරැඹේ ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ, සාමාජික රටවල රාජ්‍ය නායක සමුළුව කසක්ස්තානයේ අස්තානා අගනුවරදී ආරම්භ විය. ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ, සාමාජික රටවල රාජ්‍ය නායක සමුළුව මෙවර පැවැත්වෙන්නේ 24 වැනි වරටය. 02 July 2024
ලංකාවේ විදෙස් ණය ඩොලර් බිලියන 37යි ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 02 July 2024
දොස්තර නිලමුද්‍රා සොරකම් කර අධි මාත්‍රා බෙහෙත් ගත් තිදෙනෙක් අල්ලයි නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විකලංග කායික විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ සහ එම වෛද්‍යවරුන් සේවය කරන වාට්ටුවේ නිල මුද්‍රාව යොදා නුවරඑලිය නගරයේ ඔසුසැල් වලින් අධි මාත්‍රා ඖෂධ ලබාගත් සැකකරුවන් දෙදෙනෙකු සහ එම රෝහලේ හෙද සහයකයකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලීසිය කියයි. 02 July 2024
රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආඥාවක් නිකුත් කර ඇතැයි කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (2) දැනුම් දුන්නේය. 02 July 2024
ඖෂධ මිල නියම කර ගැසට්ටුවක් ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාලව ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 02 July 2024
සැකකරු පැහැරගන්න ආ හතරක් අත්අඩංගුවට බීමත්ව කලහකාරී ලෙස හෝමාගම නගරයේ හැසිරුණු පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු පැහැරගෙන යාමට පැමිණි ව්‍යාපාරිකයෙකු ඇතුළු තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත් අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 02 July 2024
අනියම් සැමියා මැරූ අනියම් බිරිය මාට්ටු අනියම් පුරුෂයා ගිනි තබා ඝාතනය කළ බවට සැකපිට අනියම් බිරිය අත්අඩංගුවට ගත් බව මරදන්කේනි පොලීසිය පවසයි. 02 July 2024
තැනින් තැනට අදත් වැස්ස බස්නාහිර ,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 July 2024
අනියම් බිරිය මරා සැඟවෙන්න බැරි වේ බියගම ප්‍රදේශයේ දී අනියම් බිරිය මාරා කොස්ගොඩ කයිකාවලට පැමිණ සිටියදී අනියම් සැමියා බව කියන පුද්ගලයා අද (2) අලුයම කාලයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි. 02 July 2024
කැන්ඩි පිල කඩුලු 6 කින් ජයගනී ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලිය (2024) ආරම්භ කරමින් පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (1) රාත්‍රී පැවැති තරගයේදී කැන්ඩි ෆෝල්කන්ස් ක්‍රීඩකයෝ කඩුලු 6 කින් දඹුල්ල සික්සර්ස් පිල පරාජය කිරීමට සමත් වූහ. 02 July 2024
ආත්මා දිලුක්ෂිට නඩු පවරන්නැයි නිර්දේශයක් ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න මහත්මිය අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරුද්ධ ජයරත්න මහතාගේ මන්ත්‍රී වරප්‍රසාද කඩ කර ඇති බැවින් ඇයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව නිර්දේශ කර ඇත. 02 July 2024
නීතිඥයත් හොර වැඩක් කරලා බලපත්‍රයක් රහිතව නීති විරෝධී ලෙස යුරෝපයයේ රැකියා සදහා යැවීමේ ජාවාරමක නිරතව සිටි පුද්ගලයකු කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ විශේෂ වැටලීම් අංශය පැවසීය. 01 July 2024
හොරෙන් වැට පැන්න ධීවරයෝ 25ක් අත්අඩංගුවට ශ්‍රීලංකා නාවික හමුදාව විසින් යාපනය ඩෙල්ෆ් දුපතට ඔබ්බෙන්වූ මෙරට මුහුදු සීමාව තුල සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් මගින් මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුව ධිවර කටයුතු වල නිරත වූ ඉන්දියානු ධිවර යාත්‍රා 04ක් සමගින් ඉන්දියානු ධිවරයින් 25 දෙනකු අත්අඩංගුවට ගත බව නාවික හමුදාව සදහන් කරයි. 01 July 2024
බන්ධනාගාරයෙන් පැන කිලෝ මීටර් 65 මාංචු පිටින් ඇවිත් බන්ධනාගාර නිලධාරීන්ගේ මිදී පැන ගිය රැදවියන් දෙදෙනා යතුරුපැදියක් සොරාගෙන අත්මාංචුපිටින්ම කිලෝමීටර් 65 ක් දුරක් පදවාගෙන පැමිණ මොරගහහේන ඔලබොඩුව නිවසකට පැමිණ වෙස්වලාගෙන සැඟව සිටි අනෙක් රැඳවියා සමග අද අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි. 01 July 2024
ගජමුතු සමග සෙබලෙක් අත්අඩංගුවට තංගල්ල කොට්ඨාස අපරාධ විමරශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ගජමුතු තුනක් සමග යුධ හමුදා සෙබලෙක් තංගල්ල නගරයේදි අද (01) සවස අත්අංගුවට ගෙන ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි. 01 July 2024
රෝහලේ සිටි අයකු පැහැර ගත්තැයි කතකට ඇප කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි 89 හැවිරිදි පුද්ගලයෙකු පැහැරගෙන ගියේ යැයි කියන කොළඹ ජාවත්ත ප්‍රදේශයේ කාන්තාවක් ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (1) නියෝග කළේය. 01 July 2024
නවක වෛද්‍යවරුන් 475 ක් සීමාවාසික පුහුණුවට නවක වෛද්‍යවරුන් 475 දෙනෙකු සදහා සීමාවාසික පුහුණුව ආරම්භ කිරීමේ පත්වීම් ලිපි ප්රදානය කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී අද(1) සිදු කෙරිනි. 01 July 2024
ලක් දියණිය ලොවක් දිනයි එක්සත් රාජධානියේ ජාත්‍යන්තර කාර්යාල කළමනාකරණ ආයතනය විසින් පිරිනමනු ලැබු ’’ ජාත්‍යන්තර කාර්යාල කළමනාකරු - 2024’’ සම්මානය පරිපාලක වෘත්තිකයන්ගේ විද්‍යායතනයේ සභාපතිවරයා මෙන්ම ස.ණ.ස.සංවර්ධන බැංකුවේ විධායක ලේකම්වරයා වන ආචාර්ය සුනේත්‍රා ජයරත්න නුගවෙල මහත්මිය දිනාගත්තාය. 01 July 2024
කමාන්ඩෝ සෙබළාගේ දේපළ පොලිස් බාරයට පොත්තපිටිය මැණික්දිවල තිරුවානාකන්ද ප්‍රදේශයේ පදිංචි යුද හමුදා කමාන්ඩෝ සෙබළකු නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන ලද මුදලින් මිලදී ගත් බව කියන ලක්ෂ 30 ක් පමණ වටිනා දේපොළ මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . 01 July 2024
“ත්‍රීරෝද ගාස්තුව අඩු කරන්න බෑ“ පෙට්‍රල් මිල අඩු කළ ද ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බවත් මාසකට වරක් ඉන්දන මිල සංශෝධනය කරද්දී ගාස්තු අඩු කළ නොහැකි බවත් සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසීය. 01 July 2024
හිරුණිකාගෙන් අභියාචනයක් තරුණයකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගැන්වීම සඳහා සිය ආරක්ෂක නිලධාරීන්ට ආධාර අනුබල දීම ඇතුළු චෝදනාවන්ට වරදකාරිය වී බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරමින් තමන්ට පනවා ඇති දණ්ඩන ඉවත දමා සියළු චෝදනවලින් තමන් නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළඹ මහාධිකරණයට අභියාචනයක් අද ඉදිරිපත් කළාය. 01 July 2024
මහනුවර පොත් ප්‍රදර්ශනය ඇරැඹේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 17 වැනි වරටත් සංවිධානය කළ ‘‘පැණසර ලොවකට පියාපත්‘‘ මහනුවර පොත් ප්‍රදර්ශනය මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හිදී අද (1) අති උත්කර්ශවත් අයුරින් ආරම්භ විණි. 01 July 2024
බණ්ඩි ටොන් 55000ක් බෙදයි ලෝක ආහාර වැඩසටහන විසින් බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර මෙට්‍රික් ටොන් 55000ක් ගොවීන්ට නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 01 July 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026