මහින්ද - ගෝඨා මගේ කවුරුත් නොවේ මහින්ද රාජපක්ෂ සිය තාත්තා හෝ ගෝඨාභය රාජපක්ෂ බාප්පා හෝ නොවන බවත් වාහන අළෙවිසැලකින් මිලදීගත් වාහනය ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්දෙට පාවිච්චි කිරීම පිළිබඳව තමන්ට වගකීමක් නොමැති බවත් ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි මහත්මිය අද (1) පැවසුවාය. 01 July 2024
පෙරහරට යන්න පෙර වාසනා ආශිර්වාද ගනී චාරිත්‍රාණුකූලව පැවති බැහුම් ලිහීමේ මංගල්‍ය අනතුරුව කතරගම දේවාලයේ දෙවියන් ඇතුළු දේවාභරණ වඩම්මන වාසනා හස්ථි සම්ප්‍රදායාණුකූලව කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නා හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව වාසනා හස්ථියා කිරිවෙහෙර සෑ රදුන් වැද ආශිර්වාද ලබා ගත්තේය. 01 July 2024
මෝදි සම්බන්දන්ගේ අභාවයට කණගාටුව පළකරයි දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන්ට සහ හිත මිතුරන්ට බලවත් ශෝකය පළ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය. 01 July 2024
කොන්ත්‍රාත් කරුවන්ට බිලියන 200ක් ගෙවා අවසන් කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීමට නොහැකි වූ රුපියල් බිලියන 200 කට අධික මුදලක් මේ වනවිට ගෙවා අවසන් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 01 July 2024
බස් ගාස්තු අඩු කරයි බස් ගාස්තු අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 5.07 කින් පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. 01 July 2024
විවෘත විශ්ව විද්‍යාලයට නව උපකුලපතිවරයෙක් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.එම්.සී තිලකරත්න මහතා පත් කරනු ලැබ ඇත. 01 July 2024
ජනපතිගෙන් හෙට මැතිසබයට ප්‍රකාශයක් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සදහාවූ යෝජනා සම්මතය හෙට (2) අනිද්දා (3) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය. 01 July 2024
අධිවේගයට ගුවන් යානයක් වැටිලා ප්‍රංශයේ අධිවේගී මාර්ගයකට කුඩා සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. 01 July 2024
‘රට නොව ජනාධිපතිවරයා වැල්පාලමෙන් ගොඩවුණා‘ ජනාධිපතිවරයා ලංකා මාතාව වැල්පාලමින් එගොඩ කළා යැයි පැවසීම මිථ්‍යාවක් බවත් එම වැල්පාලමෙන් ගොඩ වූයේ ජනාධිපතිවරයා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. 01 July 2024
කොටස් වෙළෙඳපොළ පාසල් පොතට කොටස් වෙළඳපොළ ආයෝජයනය 6 ශ්‍රේණියේ සිට පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය 01 July 2024
පියුම් හංසමාලි ප්‍රකාශය දෙන්න එයි සැකසහිත ලෙස දේපළ උපයාගෙන ඇතැයි චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුම් හංසමාලි මහත්මිය මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් ඒකකය පෙනී සිටියාය. 01 July 2024
රිය අනතුරින් හතක් රෝහලේ බණ්ඩාරගම කලුතර මාර්ගයේ ගල්තුඩේ මාරගස් හන්දිය ප්‍රදේශයේ දී පිරිසක් ගමන් ගත් වෑන් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කුඩා දරුවන් දෙදෙනෙක් ඇතුලු පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි . 01 July 2024
නුවරඑළියේ බස් වර්ජනයක් බස් රථ දෙකකට පහරදීමේ සිදුවීමක් මුල්කර ගනිමින් තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ සියලුම පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව අද (01) වර්ජනයක නියලී සිටිති. 01 July 2024
අසාධ්‍යව සිටින ධීවරයා හම්බන්තොට මහ රෝහලට මුහුදේ පාවෙන් තිබූ බෝතලයක තිබු යම් දියරයක් පානය කිරීමෙන් රෝගි තත්ත්වයට පත්ව සිටි බහුදින ධිවර යාත්‍රාවේ ධිවර කාර්මිකයා අද (01) උදේ හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇත. 01 July 2024
බස් බස් ගැටී 20කට තුවාල කොළඹ මහනුවර මහා මාර්ගයේ වේවැල්දෙණිය පල්ලිය ආසන්නයේ වංගුවේදී ලංගම හා පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් විස්සකට වැඩි පිරිසක් තුවාල ලබා වතුපිටිවල හා වරකාපොල රෝහල්වලට ඇතුළත් කළ බව දංඕවිට පොලිසිය කියයි. 01 July 2024
ධීවර ප්‍රජාවට රතු නිවේදන බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 July 2024
දෙමටගොඩදී දුම්රියට ගල් ප්‍රහාරයක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (30) පස්වරු 6.40 ට රඹුක්කව බලා පිටත්වූ දුම්රියට දෙමටගොඩ ප්‍රදේශයේදී කළුගල් ප්‍රහාරයක් එල්ලවීමෙන් දුම්රියේ වීදුරුවකට සහ දොරකට හානි වී තිබේ. 01 July 2024
වැරදි පාරේ ගිය මූල්‍ය ආයතනවලට ලක්ෂ 30 ක් දඩ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් මූල්‍ය ආයතනවලට ලක්ෂ තිහක දඩ මුදල් පනවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 01 July 2024
සම්බන්දන් අභාවප්‍රාප්ත වෙයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතා අද (30) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. 01 July 2024
ප්‍රංශ මහ මැතිවරණයෙන් විපක්ෂයට ජය හිමිවන ලකුණු ප්‍රංශ මහ මැතිවරණයෙන් විපක්ෂ නායිකා මෙරීන් ල පෙන්ගේ අන්ත දක්ෂිණාංශික ජාතික පක්ෂයට ජය හිමිවනු ඇතැයි පශ්චාත් මැතිවරණ සමීක්ෂණවලින් තහවුරු වී ඇත. 01 July 2024
අලුත් ඉන්ධන පිරවුම්හල් 100 කට අනුමැතිය දීලා ‘සිපෙට්කෝ’ යටතේ නව ඉන්ධන පිරවුම්හල් 100 ක් ආරම්භ කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලය පසුගිය සතියේ අනුමැතිය දී ඇතැයි එම සංස්ථාවේ වෘත්තිය සමිති පවසයි. 01 July 2024
ඩයනාට යළි අල්ලස් කොමිසමෙන් විමර්ශන ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බව දනිමින්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය අමාත්‍යවරියක වශයෙන් වසර 04කට ආසන්න කාලයක් කටයුතු කිරීමෙන් රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විමර්ශන ආරම්භ කර ඇත. 30 June 2024
පෙට්‍රල් - සුපිරි ඩීසල් මිල බස්සයි පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) අද රාත්‍රී නිවේදනය කළේය. 30 June 2024
අධිවේගයේ කඩවත - මීරිගම කොටස යළි පටන් ගනී? චීන අපනයන සහ ආනයන බැංකුව සමඟ මෙරට ණය සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමත් සමඟ ණය අර්බුදය හේතුවෙන් අතරමග නවතා දමා තිබූ ව්‍යාපෘතිවලට වෙන්වී තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය. 30 June 2024
මාතරින් නව දේශපාලන ගමනක් ඇරැඹුවා අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 30 June 2024
වෙරි වූ රියැදුරා කෝච්චිය මග දමා දුවලා කොළඹ සිට මහනුවර බලා අද පෙ.ව. 10 .40 ධාවනය වූ දුම්රියේ රියදුරා අධික ලෙස මත්පැන් පානය කර කලබලකාරී ලෙස හැසීරී දුම්රිය මහනුවර නගරයට ආසන්න සුදුහුම්පොල පෙදෙසේ ස්ථානයක නවතා දුම්රියෙන් බැස පලා යද්දී දුම්රියේ සිටි මගීහු ලුහු බැඳ ගොස් අල්ලා දුම්රිය සහාය රියදුරා යොදවා දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයට ධාවනය කිරීමට කටයුතු කළහ. 30 June 2024
මෙතෙර වෛද්‍යවරුන් 5000ක් එතෙර විභාග සමත් වෙලා මෙරට රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් 5000 ක් විදේශයන්හි වෛද්‍ය වෘත්තියේ නිරත වීම සඳහා අවශ්‍ය විභාග සමත්වී ඇති බවත් එය සෞඛ්‍ය අමාත්‍යාංශයට බරපතළ ගැටළුවක් වී ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 30 June 2024
බයිඩන්ට ගෙදර යන්න කියයි ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට මේ අවස්ථාවේ ඇමෙරිකාව වෙනුවෙන් කළ හැකි එකම සේවය වන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී ඒ සඳහා සුදුසු අපේක්ෂකයෙක් තෝරා ගැනීම සඳහා ඩිමොක්රටික් පක්ෂයට ඉඩ ලබාදීම බව ඇමෙරිකානු මාධ්‍ය ක්ෂේත්රයේ දැවැන්තයින් එක හඬින් ප්‍රකාශ කළේය. 30 June 2024
ඉතිරි ධීවරයා බේර ගන්න ලොකු සටනක් ජාත්‍යන්තර මුහුදේ අසාධ්‍යව සිටි ධීවරයන් 6 දෙනාගෙන් 5 දෙනකු මියගොස් ඇති අතර අනෙක් ධීවරයා බේරාගැනීම සදහා නාවික හමුදාවේ වෛද්‍යවරයකු ඇතුළු සිංගප්පූරු නැවක නාවික පිරිසක් උත්සාහයේ යෙදී සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසීය. 30 June 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026