IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටී සොහොයුරන් මරුට

(රොමේෂ් මධුෂංක)

මුලතිව් මන්කුලම් වේලාන්කුලම් ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ඊයේ (20) සවස අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි මාන්කුලම් පොලීසිය පැවසීය.

මුලතිව් මාන්කුලම් සිට මල්ලාවි දෙසට යතුරුපැදියකින් සොයුරන් දෙදෙනෙකු ගමන්කොට ඇති අතර මල්ලාවි සිට මාන්කුලම් දෙසට තවත් තරුණයෙකු යතුරුපැදියක් ධවනය කිරීමේදී යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පැවසීය.

අනතුරින් මාන්කුලම් සිට ගමන්කල සොයුරන් දෙදෙනාම අනතුර සිදුවූ ස්ථානයේම මිය ගොස් ඇති අතර මල්ලාවි සිට පැමිණි අනෙක් තරුණයා බරපතල තුවාල ලබා මන්කුලම් රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය මහරෝහලට මාරුකොට යවා ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ මාන්කුලම් ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු වූ අවුරුදු 20 ක් වයසැති විජයකුමර් විදුසන් සහ ජෙයකුමර් විදුසන් නැමති 23 හැවිරිදි දෙදෙනෙකි.

අධික වේගය හේතුවෙන් යතුරුපැදිවල වේගය පාලනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සැකපල කරන අතර මාන්කුලාම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.



අදහස් (0)

යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටී සොහොයුරන් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site