IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හරින් හැර හිටපු ඇමතිවරු CIDය‌ට

(මනෝප්‍රිය ගුණසේකර)

ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම පිළිබඳව ප්‍රකාශ දීම සඳහා රහස් පොලිසියට කැඳවනු ලැබු අමාත්‍යවරු සිව්දෙනාගෙන් තිදෙනෙකු රහස් පොලිසියේ පෙනී සිට ඇති අතර හිටපු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා හෙට (22) දින රහස් පොලිසියේ පෙනී සිටින බව දැනුම් දී ඇත.

රහස් පොලිසියේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් කළ කැඳවීම ලැබෙන විට තමා බදුල්ල ප්‍රදේශයේ සිටීම හේතූවෙන් අද (21) දින රහස් පොලිසියේ පෙනී සිටීම අපහසු හෙයින් 22 වැනිදා පෙරවරුවේ රහස් පොලිසියේ පෙනී සිටීමට අවසර දෙන ලෙස හරින් ප්‍රනාන්දු මහතා රහස් පොලිසියෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තාවේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා 2022 සැප්තැම්බර් 26 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ, රටට අවශ්‍ය ඖෂධ මොනවාද? යන්න පිළිබඳව හෝ සඳහන් කර නොතිබියදී ඇත්ත වශයෙන්ම ඖෂධ හිඟයක් පැවතියේද? යන්න පිළිබඳවව හෝ සොයා බැලීමකින් තොරව කැබිනට් මණ්ඩලය කැබිනට් පත්‍රිකාවට අවසරය දුන්නේ කෙසේද? යන්න පිළිබඳ එම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත යුතු බව කියමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය රහස් පොලිසියට දුන් අවසරයකට අනුව හිටපු අමාත්‍යවරුන් සිව්දෙනා රහස් පොලිසියට කැඳවා ඇත.

බාල බෙහෙත් ජාවාරමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීම සඳහා මෙලෙස රහස් පොලිසියෙන් කළ කැඳවීමකට අනුව මෙලෙස එහි පෙනී සිටප්‍රකාශ දී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ, නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ යන මහත්වරුන්ය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සිමැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කළැයි කියන සිද්ධියට අදාළව කරන විමර්ශනය අතරතුරදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා 2022 සැප්තැම්බර් 26 වැනිදා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා 2022 සැප්තැම්බර් 26 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ අවශ්‍ය ඖෂධ මොනවාද? යන්න පිළිබඳව හෝ සඳහන් කර නොතිබියදී ඇත්ත වශයෙන්ම ඖෂධ හිඟයක් පැවතියේද? යන්න පිළිබඳව හෝ සොයා බැලීමකින් තොරව කැබිනට් මණ්ඩලය එම කැබිනට් පත්‍රිකාවට අවසරය දුන්නේ කෙසේද? යන්න පිළිබඳ අදාළ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත යුතු බව කියමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය අදාළ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට දුන් අවසරයකට අනුව අදාළ අමාත්‍යවරුන් මෙලෙස රහස් පොලිසියට කැඳවා ඇත.



අදහස් (6)

හරින් හැර හිටපු ඇමතිවරු CIDය‌ට

කයිය නායක Thursday, 21 November 2024 06:13 PM

ඇයි ඔතන හිටපු ජනාධිපතිත් හිටියා නේද ? එයාගෙන් ප්‍රශ්න කරන්නේ නැත්ද ?

:       0       2

Chathuri Thursday, 21 November 2024 07:35 PM

මේ මුසල ගොබ්බයෝ ජනතාවට වහ දිලා මුන් ටික හොදින් ඉන්න ගියේ. දැන් මුන්ට. මොකද වුනේ ගමේ අත් බෙහෙත් දෙන්න වෙනවා. උසවි කැදවනකොට කාපුවා වමාරද්දි. පස්මහ දොරටු වහන්න මුන්ට හූ කියන්න. මුන්ගෙම අරාක්ශකයින්. ටික ගන්න ඕන. දැන් තනියම වාහනේ අරගන යන්න පුලුවන්ද මාලිමාවට. වැන්දාද?

:       0       4

බකල ජයා Thursday, 21 November 2024 09:26 PM

මේ රමේෂ් පතිරණ මොනවට මේ ගොබ්බයො ගොඩේ ඉන්නවද? තාත්තට කරන දෙයක් කරගන්න කියලා JVP කරන්න තිබුණා. එහෙනං බල්ලෝ එක්ක ලගින්න වෙන්නෙත් නෑ. මැක්කො ඇඟේ නැගල, ලඟින් බලු ගඳ එන්නෙත් නෑ.

:       1       3

Chandima Thursday, 21 November 2024 10:04 PM

කබිනට් මන්ඩලේ ප්‍රධානියා පිනා නේද? මිනිහ බයට රට පැන්නා.

:       0       6

sam Friday, 22 November 2024 02:09 AM

ඔය නඩේම හොරු, කොමිස් කාරයෝ, බෙට්ටෙන් හරි කොමිස් ගහපු අය... රට විනාශ කළේ ඔවුන් තමයි.

:       0       6

බමුණුආරච්චි Friday, 22 November 2024 06:19 AM

මොනාද කියන්න තිබෙන්නේ ඇමතියෙක් ඉදිරිපත් කරන ඉල්ලීමක් පරික්ෂා කොරන්න කැබිනට් එක වෙනම කමිටුවක් පිහිටුවන්නේ නැහැ. එය අනුමත කරනවා පමණයි. ඒ වගේම සෞඛ්‍ය ඇමතිට අමාත්‍යාංශයෙ අදාළ නිලධාරීන් කරන ඉල්ලීමක් හරිද කියා බලන්න සෞඛ්‍ය ඇමති පරිගණකයේ වාඩිවෙලා ඉල්ලීම් හරිද වැරදි ද කියා සොයා බලන්නේ නැහැ. නිලධාරීන් මත තිබෙන විශ්වාසයට අනුමත කරනවා. එනිසා සෞඛ්‍ය ඇමති හෝ කැබිනට් ඇමතිවරුට කිසිම චෝදනාවක් ඉදිරිපත් කරන්න ලබෙන්නේ නැහැ. ඔවුන් නඩුවෙන් නිදහස් වෙනවා ෂුවර්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site