
(නිමල කොඩිතුවක්කු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹ දී සිදුකෙරිණ.
එහි දී වර්තමානයේ ශ්‍රී ලංකා මුහුණ දී ඇති බංකොලොත්භාවයෙන් මිදීමට පවතින ක්‍රමවේද සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය.
වර්තමානය වන විට ජනවරමකින් බිහි වූ රජයක් සහ ජනාධිපතිවරයකු සිටින බැවින් හිටපු රජය අත්සන් කළ අයි.එම්.එෆ් ගිවිසුම වෙනස් කර ජනතාවාදී ගිවිසුමකට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුවිය යුතු බව එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.
මෙයට පෙරද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ ආර්ථික කණ්ඩායමේ සාමාජිකයන් රැසක් අයි.එම්.එෆ් නියෝජිතයන් සමග අවස්ථා රැසකදී සාකච්ඡා පැවැතිවිය.
මෙම අවස්ථාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, හර්ෂණ රාජකරුණා, එස්. එම්. මරික්කාර්, මුජිබර් රහුමාන්, වෛද්‍ය කාවින්ද ජයවර්ධන සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන සහ ආර්ථික විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
639
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
IMF - සජිත් අතර හමුවක්
සිල්වා Friday, 22 November 2024 08:22 PM
විපක්ෂ නායකතුමා අයි. එම්. එෆ්. ගිවිසුම වෙනස්කළ යුතුයි කීවාට මහජන ඡන්දයේදී එය ඡන්ද දායකයින් එය ප්‍රතික්ෂේප කළා...
chandima Friday, 22 November 2024 09:39 PM
ජපන් දන්න සුද්දෝද?
AD Friday, 22 November 2024 10:53 PM
විපක්ෂ නායක පුටුව නැතිවුනොත් IMF එකටත් බෑ... ඒකට නම් උදව් කරන්න...!
saki Saturday, 23 November 2024 08:51 PM
හොඳ අදහසක්...