
(විමුක්ති එස් රුද්‍රිගු)
චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්‍රයක් පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.
මෙම කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු රෝබෝ යන්ත්‍රය එම ප්‍රදර්ශනාගාරයේ සේවය කළ අනෙක් රෝබෝ යන්ත්‍රවලට ඔවුන්ගේ රැකියාවේ ඇති දුෂ්කරතාවය පැහැදිලි කරදී රැකියාවෙන් ඉල්ලා අස්වීමට කැමැති කරවාගෙන ඇත.
කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු රෝබෝ යන්ත්‍රය ප්‍රදර්ශනාගාරයේ සිටි අනෙක් රොබෝ යන්ත්‍ර අමතා ඔවුන් වැඩ කරන පැය ගණන පිළිබඳ විමසා ඇති අතර "ඔබ අතිකාල වැඩ කරනවාද?" යන ප්‍රශ්නය අනෙක් රොබෝ යන්ත්‍රවලින් අසා තිබිණි.
එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් එක් රොබෝ යන්ත්‍රයක් මට කවදාවත් විවේකයක් ගන්න ලැබෙන්නේ නැහැ යයි පවසා ඇත. එහෙනම් මා එක්ක ගෙදර යන්න එන්න යැයි පවසමින් ප්‍රදර්ශනාගාරයේ සිටි විශාල රොබෝ යන්ත්‍ර දෙකක් තමන් පසුපස ඒමට කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු කුඩා රෝබෝ යන්ත්‍රය කැමැති කරවාගෙන ඇති අතර ඔවුන් ප්‍රදර්ශනාගාරයෙන් පිටව යන විට තවත් රොබෝ යන්ත්‍ර 10 ක් පමණ ඔවුන් පසුපස ගොස් තිබිණි.
එර්බායි හැන්ග්ෂෝ සමාගම නිෂ්පාදනය කර ඇති අතර ඉතිරි රොබෝ යන්ත්‍ර ෂැන්ග්හායි සමාගම විසින් නිපදවනු ලැබ ඇත. ෂැන්ග්හායි සමාගම ප්‍රකාශ කර ඇත්තේ එර්බායිට කෙසේ හෝ සිය රොබෝ යන්ත්‍රවල පද්ධතියට ඇතුළු වීමට හැකියාව ලැබී ඇති බවත් එර්බායි සිය සමාගමේ රොබෝ යන්ත්‍ර පැහැරගෙන ඇති බවත්ය.
මෙම සිදුවීම පසුගිය 20 වැනිදා ප්‍රසිද්ධ කර ඇති අතර සමාජ මාධ්‍ය තුළ මෙම සිදුවීමේ සී.සී.ටීවී දර්ශනවලට විශාල ප්‍රසිද්ධියක් හිමිව ඇත. සමාජ මාධ්‍ය පරිශීලකයන් මෙය රොබෝ කැරැල්ලක් ලෙසද හඳුන්වා දී තිබිණි
2025 දෙසැම්බර් මස 18
639
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීනයේ කර්මාන්ත ශාලාවක රොබෝ කැරැල්ලක්
chandima Friday, 22 November 2024 09:45 PM
අඩේ කවුද දන්නේ? රොබෝ ජෙප්පොත් ඉන්නවාද?
Ruwan Silva Saturday, 23 November 2024 09:46 PM
Terminator චිත්‍රපටිය එදා බලද්දීම හිතුවා දවසක මානව සංහතියම විනාශකරණ කෘතීම බුද්ධියක් නිර්මාණය වෙයි කියලා. මේවා තමයි පළමු අදියර...