
(රෝෂන් තුෂාර)
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 (එක් ලක්ෂ පනස් දහසක) අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය අධ්‍යාපන කොට්ඨාසයේ රාගම කරුණාරත්න බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකාරිය ලබන 06 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (22)නියෝග කළේය.
අල්ලස් ලබා ගන්නා අවස්ථාවේදී පාසලේ සීසීටිවී දර්ශන ක්‍රියාත්මක වී ඇත්නම් එම දර්ශනවල පිටපතක් රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර වාර්තාවක් කැඳවන ලෙසට ද නියෝග කළේය.
හඳුන්නෙත්ති මාලා මංගලිකා නැමැති විදුහල්පතිනිය මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සැකකාරිය බන්ධනාගාරාධිකාරිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අතර අල්ලස් දූෂණ විමර්ශන කොමිසම වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ පාසල් සංවර්ධන සමිතියේ භාණ්ඩාගාරිකවරයාගෙන් , පාසලේ මූරකරුගෙන් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන් ප්‍රකාශ සටහන් කිරීමට තිබෙන බවය.
2025 වසර පළමු ශ්‍රේණියට ළමුන් පාසලට ඇතුලත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණයේ දී ලකුණු 39ක් ලබාගත් මොහොමඩ් ඉමාද් නමැති දරුවාගේ මව වන රාගම මත්තුමගල පාතිමා පර්ශානා මවගෙන් මෙම අල්ලස් මුදල විදුහල්පති කාමරයේදී ලබා ගැනීමේදී පසුගිය හත් වැනි දින සැකකාරී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
සැකකාරිය වෙනුවෙන් නීතිඥ මෝහන් සෙල්ලපෙරුම මහතා අධිකරණය කරණු දක්වමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සියලු සාක්ෂි අල්ලස් කොමිසම මගින් අනාවරණය කරගෙන ඇති හෙයින් ඕනෑම කොන්දේසියක් යටතේ සැකකාරියට ඇප ලබා දෙන ලෙසය. සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට විදුහල්පතිනියට හැකියාවක් නොමැති බවද පෙන්වා දුන්නේය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මුරකරුගෙන් හා සංවර්ධන සමීතියෙන් සාක්ෂි ලබා ගැනීමට ඇති හෙයින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
විමර්ශන ප්‍රගතිය ලබන 06 දිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
640
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස් ගත් විදුහල්පතිනියගේ ඇපෑල විසිවෙයි
KPR Somathilake Saturday, 23 November 2024 04:56 PM
ඉස්කෝලේ ට ළමයි ගන්න සල්ලි ගන්න මේ වගේ අයට ලොකු දඬුවමක් දෙන්න ඕනෑ.