
(තිලකරත්න දිසානායක)
ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.
රජයේ පාලන මිල වශයෙන් නාඩු සහල් සදහා රුපියල් 220 ක මිලක් නියම කොට ඇති නමුත් මේ දිනවල ගම්පහ ප්‍රදේශයේ වෙළඳසල්වල නාඩු සහල් කිලෝවක් රුපියල් 240 ක් වැනි මිලකට අලෙවි කෙරෙන තත්ත්වයක් පවතින බව පාරිභෝගිකයෝ පවසති.
රජය මගින් සහල් සදහා පාලන මිලක් නියම කොට තිබියදී එය නොසලකා හරිමින් වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීම සම්බන්ධයෙන් අදාල ආයතන මගින් සොයා බැලීමක් සිදු වන්නේ දැයි ඔව්හු විමසා සිටිති.
2025 දෙසැම්බර් මස 18
639
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ නාඩු පාලන මිල පැනලා
pj Saturday, 23 November 2024 09:37 AM
හාල්, පොල්, ළූණු, බිත්තර වගේද කාර්...? තේරෙන්නේ නැතිද? අපිට කාර් ගැන තව හොයන්න තියෙනවා.
කිසල් Saturday, 23 November 2024 11:12 AM
පුනරුදය කියන්නේ ඒකට තමයි. සියයට අසූවක් ඡන්දේ දුන්නානේ...!
NDF Leader Saturday, 23 November 2024 04:37 PM
පවුලකට දවසකට හාල් කිලෝ 1 ක් ඇති. රු. 20ක් වැඩියි. අමතර රු. 20 ක්වත් නැති හිඟන්නො රැලක් ද ජාජබට ඡන්දය දුන්නේ? නැතිනම් ජාජබ විරෝධී මීඩියා මේවා උලුප්පලා දක්වනවද?
Ruwan De Silva Saturday, 23 November 2024 09:43 PM
ලංකාවේ හාල් මිල තීරණය කරන්නේ අරලිය, රත්න, නිපුන විතරයි නේද? මම ජනපති නම් ඔය හාල්මෝල් කාරයෝ ඔක්කෝම ජීවිතාන්තය දක්වා හිරේ, ව්‍යාපාර ඔක්කෝම රාජසන්තක කරනවා.
Ranil Monday, 25 November 2024 12:40 PM
නියමයි සහෝදරවරුනි... නියමයි...!