IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මෝටර් රථයෙන් ආ අයියා මලෝ ඔයට වැටී මරුට

(දිනෙෂ් උපේන්ද්‍ර)

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි  කුලියාපිටිය පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කුකුලු ව්‍යාපාර ඇතුලු ව්‍යාපාර රැසක් හිමි සොහෝදරයන් දෙදෙනෙකු වූ 27 හැවිරිදි නිර්මාල් ධනංජය හා ඔහුගේ බාල සොයුරු 25 හැවිරිදි ඉෂාන් පියුමාල් නමැත්තන්ය

වෙන්නප්පුව ප්‍රදේශයේ පැවති සාදයක් නිමවී යළි කොබෙයිගනේ ප්‍රදේශයේ නිවසට වාහනයකින් යමින් සිටියදී කඹුරාපොල බුත්ගමු ඔයේ පාලමේ වංගුවෙන් වේගය පාලනය කරගත නොහැකිව ඔයට ඇදවැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සැක පලකරති.

පොලිසිට එම ස්ථානයට යනවිටත් ඔයට ඇදවැටී තිබූ මෝටර් රථය එහි ගමන්ගත් දෙදෙනාද සමගින් ඔය මධ්‍යයේ ජලයේ ගිලී තිබී ඇති අතර මහත් පරිශ්‍රමයක් දරා උදෑසන 7ට පමණ ප්‍රදේශවාසීන්ගේ සහයද සහිතව ගොඩට ගැනීමට කටයුතු කළහ.

ගොඩ ගන්නාවිටත් එම රියේ ගමන්ගත් සහෝදරයන් ජීවිතක්ෂයට පත්ව තිබූ අතර මෘත දේහයන් වහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට යොමුකළහ.



අදහස් (4)

මෝටර් රථයෙන් ආ අයියා මලෝ ඔයට වැටී මරුට

Tikiri Saturday, 23 November 2024 11:56 AM

කාලෙකට පෙර මම අහල තියෙනවා පියා සහ පුතා පමණක්, සහෝදරයින් දෙදෙනෙක් පමණක් අලුත විවාහයට පත්වූ යුවල පමණක් එක මග එකට ගමනක් නොයා යුතුයි... කියලා. එහෙම කියලා තිබුනේ සමාජය දැනට වඩා බොහෝම නොදියුණු මිනිස්සු හිටපු කාලයේ තමයි. එම පැරණි අදහසේ වරදක් නැහැ නේද කියලා සිතා බලන්න...

:       0       2

උපාසක Saturday, 23 November 2024 01:17 PM

සිය ආයුෂ කෙටි වූ හැටි. කර්මය එක්ක සෙල්ලම් කරන්න බෑ. සුගතියක ඉපදේවා...!

:       0       1

nimal Saturday, 23 November 2024 04:56 PM

ඊයේ Discover එකක් ගිනි ගත්තා.. අද V8 එකක් පෙරලිලා ජීවිත් දෙකක් නැතිවෙලා. පදින වාහනේ ගැන නොව, කරන පින් පව් ගැන දෙපාරක් හිතන්න.!

:       0       2

Bunny Preena Monday, 25 November 2024 12:23 PM

නිදිමතේ වාහන එළෙව්වොත් ඔහොම වෙනවා. අපරාදේ රටට වැඩදායී තරුණ ජීවිත දෙකක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 640 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site