IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ UN කොමිසමේ අසුනක් ලංකාවටත්

(විමුක්ති එස් රුද්‍රිගු)

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට පසුගියද 20 වැනිදා තෝරා පත්කර ගන්නා ලද සාමාජිකයන් 31 දෙනා අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්ව ඇත.

ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමේ අසුනක් දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාව අසියා ශාන්තිකර කලාප කණ්ඩායමෙන් තරඟ වැද ඇති අතර එහිදී ශ්‍රී ලංකාවට ඡන්ද 177 ක් ලබා ගැනීමට හැකියාව ලැබී තිබිණි. මෙම ඡන්ද සංඛ්‍යාව අසියා ශාන්තිකර කලාප කණ්ඩායමේ රටක් දෙවැනි ස්ථානයට ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාවද වන අතර එම කොමිසමට තේරී පත් සාමාජිකයන් 31 දෙනා අතරින් දෙවැනි ස්ථානයට ලබා ගත් වැඩිම ඡන්ද සංඛ්‍යාවද වේ.

අසියා ශාන්තිකර කලාප කණ්ඩායමෙන් මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව, වියට්නාමය, චීනය, ජපානය සහ කොරියානු සමූහාණ්දුව යන රටවල්ද ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට තේරී පත්වී ඇත.

සාමාජිකත්වය වසර 6 ක් සඳහා බලපැවැත්වෙන අතර එය ලබන ජනවාරි මාසයේ සිට ආරම්භ වේ. ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම යනු ජාත්‍යන්තර වෙළඳාම සඳහා තිබෙන ප්‍රධාන නීති කොමිසමකි. ජාත්‍යන්තර වෙළඳාම සඳහා තිබෙන බාධක ආමන්ත්‍රණය කිරීම එහි එක් අරමුණකි.

 



අදහස් (1)

ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ UN කොමිසමේ අසුනක් ලංකාවටත්

chandima Friday, 22 November 2024 09:34 PM

අපරාදේ? රනිල්ට කට්ටියක් එක්කළ ගිහින් යාලු මචන්ලා බලලා එන්න තිබුණු සන්චාරයක් නැති වුනා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 640 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site