
(ආරියරත්න රණබාහු)
නාඩු සහල් හිඟය මත පාරිභෝගිකයන් ගසා කෑමට අතරමැදියන් ට ඉඩ නොතබන බවකෘෂිකර්ම පසු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා අද (22) පැවසීය
ඒ සඳහා නාඩු සහල්මෙට්‍රික් ටොන් 70000ක් ඉන්දියාවෙන් ගෙන්විම අනිවාර්යයෙන්ම සිදු කරන බව කී ඇමතිවරයාගොවියා මෙන්ම පාරිභෝගික යා රැක ගැනීමට කටයුතු කරන බවද පැවසීය
කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වැඩ භාර ගැනීමේ උත්සවයට සහභාගි වෙමින් ඒ බව පැවසූ ඇමතිවරයා එහිදී මෙසේද කීය.
නාඩු සහල් හිඟයක් වෙළඳපොලේ තිබෙනවා මිල පිළිබඳ ප්‍රශ්නෙකුත් තියෙනවා නිෂ්පාදනය පැත්තෙන් බැලුවම අවශ්‍ය ප්‍රමාණයට නාඩු සහල් තියෙන්න ඕනේ.නමුත් වෙළඳපොළට ඇවිල්ලා නෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි ඉන්දියාවෙන් හාල් ගේනවා. කාටවත් මේක ප්‍රශ්නයක් වෙන්න දෙන්නෙ නෑ අපි ප්‍රශ්නය විසඳෙනවා අතරමැදියන්ට ගසා කන්න ඉඩ තියන්නේ නෑ.
අපට මහා පරිමාණ මෝල් හිමියන් සමග ප්‍රශ්නයක් නෑ නෑ නමුත් නිෂ්පාදනයත් ඇවිල්ල තියෙනවනම් ඒගොල්ලෝ ළඟ තමයි තියෙන්න ඕන. උත්සව සමයටකිසිම සහල් හිඟයක් තියන්නේ නෑ. මෙය මේ අවස්ථාවේදී ගන්න පියවරක් මිසක් සදාකාලික උත්තර අපි ළඟ නෑතයිද හෙතෙම කීය..
මේ දී කෘෂිකර්මනියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ද අදහස් දැක්වීය.
2025 දෙසැම්බර් මස 18
639
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’සහල් හිඟයකට ඉඩ තියන්නේ නෑ’’