
(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි )
වේයන්ගොඩ වඳුරව රාජමහා විහාරයට සමීපව අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් වස්තු ඇතැයි කියන ස්ථානයක් රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව ඉදිරියේ කැණීම් සිදුකරන ලෙසට අත්තනගල්ල අධිකරණයේ නියෝග මත ඊයේ (21) උදේ කැණීම් කටයුතු ආරම්භ කරන ලද අතර පස්වරු 4.00පමණ වන විට කිසිදු ප්‍රතිඵලයක් නොමැතිව මහවැසිමැද එම කටයුතු අද දිනය දක්වා කල් තැබීමට පොලිසියට සිදුවිය
මෙම කැණීම් කටයුතු උදේ දහයට ආරම්භ වීමට නියමිතව තිබුණත් පෙරවරු එකොළහි තිහ වනතුරුත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් නොපැමිණීම හේතුවෙන් ඇනහිට පැවතිණි
පෙරවරු නවයේ පමණ සිට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ආණ්ඩුවේ රස පරීක්‍ෂක කාර්යාලය, මීරිගම ප්‍රාදේශීය, ලේකම් කාර්යාලය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන රැසක නිලධාරීන් හැටකට ආසන්න පිරිසක්ද ප්‍රදේශවාසී ජනතාවද රැස්ව සිටියහ
භූ විද්‍ය හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් පෙරවරු එකොළහයි හතළිහට පමණ පැමිණීමෙන් පසු කැණීම් කටයුතු ආරම්භ කෙරිණි .එම නිලධාරීන්ට අදාළ පණිවිඩය ලැබී නොතිබුණු බව ඔවුන්ගෙන් දැනගන්නට ලැබිණි . කටයුතු ආරම්භ කිරීමට පෙර වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංග රංගන මහතා අධිකරණ නියෝගයේ සඳහන් කරුණු පැහැදිලි කර දී ඒ සඳහා සහයෝගය දක්වන ලෙස අදාළ නිලධාරින්ගෙ න්ඉල්ලා සිටියේය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් භූගත පරිලෝකනය කරන යන්ත්‍රයක ආධාරයෙන් පෙන්වා දුන් ස්ථානය දෑවැන්ත බැකෝ යන්ත්‍ර දෙකක් යොදාගෙන හෑරීම සිදු කරනු ලැබීය . එම යන්ත්‍රය වරින් වර පෙන්වා දුන් අන්දමට අදාළ ස්ථානය කැණීම් කරද්දී අධිවේගී මාර්ගයේ පස් තුනී කර ඇති කොටසේ පැති බැම්ම ද කපා පස් ඉවත් කිරීමට සිදු විය .
අධිවේගී මාර්ගයේ පස් කන්දේ පැත්තක් කපා දැමීමට සිදුවීම නිසා මාර්ග සංවර්ධන අධිකාරියට විශාල පාඩුවක් සිදුවෙන බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් දැනගන්නට ලැබිණි .
මෙම ස්ථානයේ නිදන් වස්තු සඳහා කැණීම් කළ බව කියන චීවරධාරියෙකු ඇතුළු නව දෙනකු මේ වන විට රිමාන්ඞ් භාරයේ පසුවන අතර අවස්ථා කිහිපයකදී මේ ආකාරයෙන් කැනීම් සිදුකළ පිරිස් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීම හේතුකරගෙන අධිකරණය මෙම නියෝගය ලබා දී තිබිණි .
පැය තුනක වෙහෙසකර ගැනීම් කටයුතුවලින් අනතුරුව පස්වරු දෙකයි, පනහට පමණ එම කටයුතු දිවා ආ හාරය සදහා නතර කරනු ලැබූ අතර දිවා ආහාරයෙන් පසු කැණීම් කටයුතු ආරම්භ කිරීමෙන් පසු මහා වැසි ඇදහැලීම හේතුවෙන් පස්වරු හතරට පමණ කැනීම්කටයුතු අතරමග නවතා දැමීමට සිදු විය .
අධිකරණ නියෝගය අනුව මෙම කටයුතු අද (22) පෙරවරුවේ යළි ආරම්භ කළේය.ය.
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් නියමිත වේලාවට පැමිණියේ නම් මෙම කටයුතු අවසන් කිරීමට හැකියාව තිබූ බවත් එම නිලධාරීන්ගේ ප්‍රමාදය නිසා රාජ්‍ය නිලධාරීන් හැට දෙනකුගේ පමණ රාජකාරී පැය සියයකට කට වැඩි ප්‍රමාණයක් අපතේ ගිය බව ද මෙවන් නාස්තින් අවම කිරීමට රාජ්‍ය නිලධාරීන් දැන්වත් පියර ගත යුතු බවද මෙම අවස්ථාවට එක්ව සිටි රාජ්‍ය නිලධාරීන්ගේ කතා බහෙන් තේරුම් ගියේ ය


2025 දෙසැම්බර් මස 18
640
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසාවි නියෝගයෙන් අධිවේගී රක්ෂිතයේ නිදන් වස්තු සොයයි
රට වැසියා Friday, 22 November 2024 04:15 PM
මෙම නිදන්වල තරමක් ගැඹුරට හාරා ඇති බව පෙනේ. වර්ෂාව හේතුවෙන් වතුර පිරීම නිසා, අනතුරුදායක ප්‍රදේශයක් විය හැකියි. එමෙන්ම වතුර නිසා නිධානයට කිසියම් හානියක් විය හැක.
Sars Friday, 22 November 2024 04:19 PM
අනේ මන්දා, අපි කවදා හැදෙයිද?
Samantha Friday, 22 November 2024 05:24 PM
රජයේ ආයතනවල රාජකාරි උදේ 8.30 වනවිට ආරම්භ කිරීමට නියමිත වුණත් ගෝඨාභය කාලයේ පටන්ගත් හිතුණු වෙලාවට රාජකාරියට යාම තවමත් තියෙනවා... මෙහිදි නම් භූවිද්‍යා කට්ටිය ඇවිල්ලා තියෙන්නේ දිවා ආහාර වේල සඳහාද කියලා හිතෙනවා සාමාන්‍යයෙන් අපි මගුල් ගෙවල් වලට තමයි ඔහොම යන්නේ ඇත්තටම අපි එක් අවස්ථාවකදී භූවිද්‍යා එකට ලිපියක් යැව්වා. තවමත් පිළිතුරක්වත් නැහැ. ඉතින් රටේ සංවර්ධනය අඩාල වුනේ දේශපාලුවන් නිසාද? නැත්නම් මෙහෙම කාළකණ්නියෝ නිසාද කියලා සිතීමට හැකි ජනතාවක් ලංකාවේ ඇතිවේවා..!
Mr Don Friday, 22 November 2024 05:45 PM
පිස්සු වැඩ..
අරුණි Friday, 22 November 2024 06:17 PM
ඇයි රාජපක්ෂලාගේ උගන්ඩා, සීශෙල්ස්, ඩුබායි, ස්විස් සල්ලි, ඩේසි ආච්චිගේ මැණික් මල්ල ආදිය අරගන්න බැරිද?
Lalla Friday, 22 November 2024 06:31 PM
මිථ්‍යාව පසුපස දුවන එක හරිද?
වික්‍රම විදුර Friday, 22 November 2024 08:39 PM
ගිය ආණ්ඩුකින් කරා නම් අපිට පස්.. ඔවුන්ට නිධන්...