වැටලීමට ගිය පොලිසියේ සහායෙන් චීන්නු හෝටලයෙන් පැනලා බේරුවල සංචාරක හෝටලයක රැඳී සිට අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මුදල් වංචාවේ යෙදුණු බව කියන චීන ජාතික පිරිසක් උසස් පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ ආශිර්වාදය මැද්දේ පලා ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 04 November 2024
මැගසින් බන්ධනාගාරයට හානි කළ රැඳවියන්ට ලක්ෂ 55ක් ගෙවන්න වෙයි නීතී විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් මීට වසර 12කට පෙර බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළදී කැරලි ගසා බන්ධනාගාර දේපළ වලට රුපියල් ලක්ෂ 52කට අධික අලාභ හානි කිරීම සහ පුද්ගලයින්ට පහරදී බරපතළ තුවාල කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් බන්ධනාගාර රැඳවියන් 39 දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා රුපියල් ලක්ෂ 55 1/2ක වන්දි ගෙවීමට අද (04) නියම කළේය. 04 November 2024
ලාෆ් මිල වෙනස් නොවේ ලාෆ් ගෑස් මිල මෙම මස (නොවැම්බර්) වෙනස් නොකරන බවත් පසුගිය මස පැවැති මිලම මෙම මස ද ක්‍රියාත්මක වන බවත් ලාෆ් ගෑස් සමාගමේ අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය. 04 November 2024
ඉරාන සිසුවියක් යට ඇඳුමින් සරසවි බිමේ ඇවිදලා ටෙහෙරානයේ ඉස්ලාමික් අසාද් විශ්ව විද්‍යාලයේදී සිය ඇඳුම් ගලවා යට ඇඳුමෙන් ඔබමොබ ගිය තරුණිය ප්‍රචණ්ඩකාරීව අත් අඩංගුවට ගෙන ඇති බවත් ඇයව වහා නිදහස් කරන ලෙස ඉරානය රජයෙන් ඉල්ලා සිටින බවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ප්‍රකාශ කළේය. 04 November 2024
මැතිවරණ දිනයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවතට පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වැනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය. 04 November 2024
මිදිගම මාළු ව්‍යාපාරිකයා ඝාතනයට අටක් සැකපිට මිදිගම ගොවියාපාන ප්‍රදේශයේ දී මාලු ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කොට තවත් දෙදෙනකුට බලපතල තුවාල සිදු කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අට දෙනකු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 04 November 2024
ගාල්ල ඇලෝෂියස් විදුහලේ වාර්ෂික චිත්‍ර ප්‍රදර්ශනය අද සහ හෙට ගාල්ල ඇලෝෂියස් විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුන්ගේ වාර්ෂික චිත්‍ර ප්‍රදර්ශනය විජය සහ අද පුවත්පත්වල ප්‍රධාන කර්තෘ දුමින්ද සංජීව බාලසුරිය සහ ඇලෝෂියස් විදුහලේ ආදි ශිෂ්‍ය ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය ප්රවෘත්ති කර්තෘ නිරෝෂණ ගොඩැල්ලගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (04) වන දා එම විදුහලේ දී පැවැත්වුණි. 04 November 2024
’’අලියා ශක්තිමත් කරන්න පෙරමුණ ගන්නවා’’ මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන කටයුතු කැපවී ඉටු කිරීමට ශක්තිය දෙන්නැයි රනිල් වික්‍රමසිංහ නායකතුමාගෙන් ඉල්ලා සිටි බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 04 November 2024
ලොහාන් බිරිය හත තෙක් රිමාන්ඩ් ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබා ගත් බව කියන හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිය නීතිඥයකු මගින් අද ගංගොඩවිල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් වීමෙන් පසු ලබන හත් වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගංගොඩවිල ප්‍රධාන මහේස්ත්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මිය නියෝග කළාය. 04 November 2024
කරුණාගේ ආධාරකරුවන්ට පහරදුන් පිල්ලයාන්ගේ 4 ක් අල්ලයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනායාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණාඅම්මාන්ගේ ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ පරීක්ෂණයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරගවදින අපේක්ෂකයකුට සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනකුට කඩු සහ පොලුවලින් පහරදුන් බව කියන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගේ තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් පක්ෂයේ ආධාරකරුවන් 4 දෙනකු අත්අඩංගුවට ගත් බව මඩකලපුව පොලිසිය පවසයි. 04 November 2024
කුරුණෑගල රෝහලේ හදවත් සැත්කම් කඩිනමින් අරඹන්න යයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෘද හා උරස් ශල්‍යකර්ම සේවාව කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. 04 November 2024
හරක් හොරා ළඟ අත් බෝම්බයක් තම ගෙවත්තේ බැඳ තිබූ රුපියල් ලක්ෂ හතර හමාරක් වටිනා ගවයින් දෙදෙනෙකු සොරුන් ගෙන ගොස් ඇති බවට ලුණුගම්වෙහෙර පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත ක්‍රියාත්මක වූ ලුණුගම්වෙහෙර පොලිසිය අදාළ ගවයින් දෙදෙනා සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන පරික්ෂාවට ලක් කිරීමේ දී එක් සැකකරුවකු සඟවාගෙන සිටි විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සොයාගත් බව ලුණුගම්වෙහෙර පොලිසිය කියයි. 04 November 2024
ස්පාඤ්ඤ වැසියෝ රජුට මඩ ගසා පන්නති ගංවතුර පීඩාවට පත් වැලන්සියා ප්‍රදේශයේ පයිපෝර්ටා නගරයේ සංචාරයක නිරත වූ ස්පාඤ්ඤයේ රජුට සහ රැජිනට කෝපයට පත් වැසියන් මඩ ප්‍රහාරයක් එල්ල කර නගරයෙන් පන්නා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මඩ පමණක් නොව හිස් වතුර බෝතල් වැනි දේවල්ද වැලන්සියා වැසියන් ස්පාඤ්ඤ රජු දෙසට කෝපයෙන් එල්ල කර ඇති බව පැවැසෙයි. 04 November 2024
සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති වැඩ අරඹයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අභිනව සභාපතිවරයා ලෙස සුනිල් ජයරත්න මහතා කටුනායක පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ අද (4) වැඩ භාර ගත්තේය . 04 November 2024
රියදුරුගේ මුහුණට මිරිස් කුඩු ගසා පාර්ලිමේන්තු අපේක්ෂකට පොල්ලකින් ගහලා සමගි ජන බලවේගය මොනරාගල දිස්ත්‍රික් අපේක්ෂකවරයකු රැස්වීමක් ඇමතීම සඳහා ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී දඹගල්ල බුසලේ ප්‍රදේශයේදී නාදුනන පුද්ගලයෙකු විසින් රියදුරුගේ මුහුණට මිරිස් කුඩු ගසා ජීප් රථයේ සිටි අපේක්ෂකවරයාට පොල්ලකින් පහර දී ඇතැයි දඹගල්ල පොලිසිය පවසයි. 04 November 2024
තැපැල් ඡන්ද දැමීමේ තෙවන දිනය අදයි පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ තුන්වන දිනය අද (4) ට යෙදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. 04 November 2024
ට්රැක්ටරය පෙරැළී සිසුවා මරුට දර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ අත්ට්‍රැක්ටරයක් පලාගල නාන්වත්තේගම ප්‍රදේශයේදී පෙරළීයාමෙන් එහි ගමන්ගත් 14 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් තිබේ. 04 November 2024
ඩග්ලස් ජනපතිට හේත්තු වෙයි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ එක්ව කටයුතු කිරීමට ඩග්ලස් දේවානන්ද මහතා නායකත්වය දරන ඊපීඩීපී සංවිධානය තීරණය කර තිබේ. 04 November 2024
බංගලදේශය ඉන්දියාවෙන් කළ ඉල්ලීම විසිවෙයි අදානි බලශක්ති සමාගමේ අවසන් නිවේදනයත් සමග අනිද්දා(07)ට පසුව බංග්ලාදේශය විශාල බලශක්ති අර්බුදයකට තල්ලු විය හැකි බැවින් එයට මැදිහත් වන ලෙස බංග්ලාදේශ රජය ඉන්දියාවෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 04 November 2024
ත්‍රිකුණාමලය වරාය අවට මුහුදේ මසුන් මියයෑම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ත්‍රිකුණාමලය වරාය අවට මුහුදේ මසුන් හදිසියේ මිය ගොස් ගොඩ ගැසීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අදාළ සාම්පල් ජාතික ජලජ සම්පත් පර්යේෂණ නියෝජිතායතනය වෙත යොමු කළ බව දිසාපති චාමින්ද හෙට්ටිආරච්චි මහතා පැවසීය . 04 November 2024
ජුලියා සොනාලි පිළිගනී දකුණු කොරියාවේ පැවති ආසියානු නිරූපන ශිල්පි තරගාවලියේ දී (Asian Model Festival) ආසියාවේ හොඳම නිරූපන ශිල්පිනියට හිමි ෆේස් ඔෆ් ඒෂියා සම්මානය දිනාගත් ශ්‍රී ලාංකික නිරූපන ශිල්පිනී ජුලියා සොනාලි කලුආරච්චි ඊෙය්(03)වන දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය. 04 November 2024
මුහුදු කූඩැල්ලන් ඇල්ලු 6ක් නාවික හමුදා දැලේ මන්නාරම පන්ඩරවේලි මුහුදු ප්‍රදේශයේ දී නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලු සැකකරුවන් 06කු ඩිංගි යාත්‍රාවක් සමඟ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කරයි. 04 November 2024
ලෝක නායකයන්ගේ මනාපය කාටද? ඇමෙරිකාව ලෝක බලවතා බැවින්, ඇමෙරිකා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ කවුරුන්දැයි යන්න ගැන මුළු ලෝකයම ඇස් දල්වා සිටී. 04 November 2024
පළාත් රැසකට අදත් තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තතත්වය තවදුරටත් පවතින බව කලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 November 2024
ට්‍රම්ප් හැරිස් කරටකර සටනක් ඇමෙරිකන් ජනාධිපතිවරණය හෙට (5) පැවැත්වෙයි. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේය. ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයෙන් ද හැරිස් ඩිමොක්රටික් පක්ෂයෙන් ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙති. 04 November 2024
හෙළයේ මහා ගාන්ධර්ව අමරදේවයන්ට උපහාර හෙළයේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ 8 වැනි ගුණ සමරුව වෙනුවෙන් බත්තරමුල්ල ‘අපේ ගම’ පිහිටි අමරදේව අසපුව පරිශ්‍රයේ ඉදිකළ සුසානඝරය වෙත පුෂ්පෝපහාර දක්වා ගෞරව දැක්වූහ. 04 November 2024
ලාහෝරයේ පාසල් වැසෙයි වායු දූෂණය ඉහවහා යෑම හේතුවෙන් පාකිස්තානයේ ප්‍රාන්ත කීපයක පාසල් වසා දැමීමට බලධාරීහු පියවර ගෙන ඇත. වායු දූෂණය දරුණු වී ඇත්තේ ලාහෝර් නුවර යැයි ද පැවැසෙයි. 04 November 2024
අපෙක්ෂකයෝ 7000ක් ඡන්ද සටන මඟ හරිති මැතිවරණ අපේක්ෂකයන් අටදහසෙන් හත් දහසක් පමණ කිසිදු ප්රචාරක කටයුත්තක යෙදී නැතැයි තොරතුරු අනාවරණය වන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය. 04 November 2024
සියලු තේරීම් බාර නිලධාරීන් කොළඹට සියලු දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් සහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන් හෙට (6) කොළඹට කැඳවා ඇත. 04 November 2024
රනිල් ඡන්දෙන් පසු රට යයි ලබන 14 වැනිදායින් පසුව නිවාඩුවක් ගැනීම සඳහා රට යන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැති තරුණ හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය. 03 November 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026