සිලින්ඩර් මන්ත්‍රී ධුර හොරෙන් පත් කිරීම ගැන එජාපයෙන් නිවේදනයක් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ හවුල්කාර පක්ෂ නායකයන්ගේ අනුමැතියකින් තොරව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම දේශපාලන හොරකමක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 10 December 2024
සෞඛ්‍ය - ජනමාධ්‍ය වැය ශීර්ෂය ගැන ජනපති කාර්යාලයේ දී කතා කරයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාව ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (10) පෙරවරුවේදී පැවැත්විණි. 10 December 2024
වැඩි මිල සහල් සොයන්න රටපුරා මෙහෙයුම් රජයේ පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළෙදුන් සොයා රට පුරා මෙහෙයුම් අද (10) ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 10 December 2024
විදුලි ‘මාෆියාව’ හොඳටම වැඩ ජල විදුලිබලාගාර ආශ්‍රීත ජලාශවල ජලය වාන්දමන සහ රටතුළ ඕනෑ තරම් ගල්අගුරු තිබෙන මේ දිනවල ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගෙන ඇති බවත් ආණ්ඩු මාරුවුවද විදුලිබල මණ්ඩලය තුළ විදුලි මාෆියාව ක්‍රියාත්මක වන බවත් ලංකා විදුලිබල මණ්ඩල තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා අද (10) පැවසීය. 10 December 2024
සිලින්ඩරේ ඉතිරි ජාතික ලැයිස්තුවත් හොරෙන්ම පත් කරයි ගෑස් සිලින්ඩරයෙන් තරග කළ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමිව තිබූ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා තිබේ. 10 December 2024
මහනුවර ජාතික රෝහල් යකා නැටූ අයෙක් අත්අඩංගුවට මහනුවර ජාතික රෝහල් පරිශ්‍රයට අනවසරයෙන් ඇතුළු වී එහි ආරක්ෂක නිලධාරීන්ට තර්ජනය කරමින් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු රෝහල් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන මහනුවර මූලස්ථාන පොලිසියට භාරදී තිබේ. 10 December 2024
උදයංගට - කපිලට ඇමරිකාවෙන් සම්බාධක දූෂණ හා වංචාවන්ට සහ මානව හිමිකම් කඩකිරීම් වලට සම්බන්ධ පුද්ගලයන් 14 දෙදෙනෙකුට ඊයේ (09) සම්බාධක සහ වීසා සීමා කිරීම් පැනවූ අතර එම ලැයිස්තුවට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග යන මහත්වරුන්ද ඇතුළත්ව සිටින බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. 10 December 2024
වෙඩි වැදී මියගිය වන අලියෙකුගේ සිරුරක් හමුවෙයි පොතුවිල් සෙල්වපුරම් කැලෑ ප්‍රදේශයේදී වෙඩි වැදී මියගොස් සිටි වන අලියෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා. 10 December 2024
‘ක්ලබ්‘ වසන්ත ඝාතන සැකකරුවන්ට ඇප අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත පුද්ගලයන් නැමැත්තා ඇතුළු දෙදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාව මත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයන් අට දෙනෙකු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ ශරීර ඇප සහ දැඩි කොන්දේසි මත මුදා හැරීමට හෝමාගම මාහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා අද (10) දින නියෝග කලේය. 10 December 2024
සෞඛ්‍ය - ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් අනිල් ජාසිංහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර ඇත. 10 December 2024
ඇල්පිටිය ප්‍රා.ස.සභාපති - උප සභාපති ඇතුළු පිරිස දිවුරුම් දෙති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ,උපසභාපතිවරයා ඇතුළු ජාතික ජනබලවේගයෙන් පත්වූ මන්ත්‍රිවරුන් 15 දෙනෙකු අද (10) පෙරවරුවේ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ඉදිරියේදී දිවුරුම් දෙනු ලැබීය. 10 December 2024
රැම්සාර් සම්මුති යෝජනාවට කැබිනට් අනුමැතිය තෙත්බිම් සම්බන්ධ අන්තර් ජාතික රැම්සාර් සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයට ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 December 2024
ඔපෙක් අරමුදලෙන් ඩොලර් මිලියන 50ක ණයක් ආර්ථික ස්ථායීකරණ හා ප්‍රතිසාධන වැඩසටහන සඳහා අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදලේ සහාය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 December 2024
ජනපතිගේ අමාත්‍යාංශ තුනක ඉහළ නිලධරයන් පත් කරයි මුදල්,ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තු වල ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 December 2024
ලංකාවට ඉන්දියාවෙන් කෝච්චි ඇන්ජින් 22ක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා ALCO ඩිසල් එන්ජින් 22 ක් ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙස ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 December 2024
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දිගු කරයි වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. 10 December 2024
බදු ගැන ඉන්දියාව සමඟ ගිවිසුමක් ද්විත්ව බදුකරණය මඟ හැරවීම සහ ආදායම් මත බදු ගෙවීම පැහැර හැරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කර ගනු ලබන ගිවිසුමේ සන්ධාන පත්‍රය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 December 2024
කුඩා ධීවර යාත්‍රා හිමියන්ට මසකට රුපියල් 9375 ක් ආර්ථික අර්බුදය හේතු කොට ගෙන ධීවර කර්මාන්තයට ඇති වී ඇති බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 December 2024
බදුල්ල දුම්රිය ස්ථානය ඉදිරිපිට නාඳුනන මළ සිරුරක් බදුල්ල දුම්රිය ස්ථානය ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසල තිබූ අභිරහස් ලෙස මියගිය නාදුනන පුද්ගලයකු ගේ මළසිරුරක් අද (10) උදෑසන සොයාගත් බව බදුල්ල පොලිසිය පවසයි . 10 December 2024
අයවැය හදන්න යෝජනා ගැනීම අරඹයි 2025 වසර අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් වන පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. 10 December 2024
රට පුරා ජනපති - ඇමති බංගලාවලින් වැඩ ගන්න නිලධාරී කමිටුවක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංගය යටතේ පාලනය වන බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර උපයෝජනය කිරීම පිණිස යෝග්‍ය ක්‍රම වේදයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 December 2024
රිදියගම සෆාරිය හැඩ කරන සිංහ පැංචෝ හම්බන්තොට රුහුණු රිදියගම සෆාරි උද්‍යානයට සාමාජිකයන් ලෙස අලුත් සිංහ පැටැවු හය දෙනෙක් එක් වී තිබේ. 10 December 2024
අපරාධයකින් ඉපයූ දේපළ ගැන පනත සංශෝධනය කරයි අපරාධයකින් උපයාගත් දේ පිළිබඳ පනත් කෙටුම්පත (Proceeds of Crime Bill) සංශෝධනය සඳහා කැබිනට අනුමැතිය ලැබී ඇත. 10 December 2024
වී- පොල් පෝර නැව මඟ එයි ලෝක ආහාර වැඩසවහන යටතේ මියුරියේට් ඔෆ් පොටෑෂ් පොහොර මෙට්‍රික් ටොන් 55,000 ක් ප්‍රදානයක් වශයෙන් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 December 2024
ඩිජිටල් රියැදුරු බලපතට කැබිනට් අනුමැතිය නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 December 2024
පරාටේ නීතිය තවදුරටත් අත්හිටුවයි බැංකු විසින් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 December 2024
ආහාර සුරක්ෂිතතාවයට කමිටුවක් පිහිටුවයි හාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 December 2024
නීතී විරෝධිව ගෙන ආ දුම්වැටි ගුවන්තොටේ සිර වෙයි රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු අද (10 )අලුයම ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 10 December 2024
අලි ඇතුන් 13ක ගේ රංචුවක් පොතාන වගාබිම් වනසති ඇතුන් තිදෙනෙකු ඇතුළු වන අලින් 13 කගේ රංචුවක් සීගිරිය පොතාන ප්‍රදේශයේ වගා බිම් විනාශ කරමින් නිවෙස් ආසන්නයටද පැමිණ ජන ජීවිතයට තර්ජනයක්ව ඇතැයි ගැමියෝ කියති. 10 December 2024
ගව ලොරිය මහමඟ දමා සැකකරුවෝ පළායති පොලිස් අණ නොතකා ගවයන් 26 දෙනකු පටවාගෙන යමින් තිබූ ලොරි රථයක් අද( 10) වීරකැටිය යග්ගස්මුල්ල ප්‍රදේශයේදී පොලිස්බාරයට ගත් බව අම්බලන්තොට පොලිසිය පවසයි. 10 December 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026