
(සිතුම් චතුරංග)
වවුනියාව මහරම්භකුලමේදි දුරකථන කුළුණක් ගලවා පිළිසකර කිරීමට ගිය තාක්ෂණික නිලධාරියකු ඊයේ (01) එම කුළුණමතින් අැදවැටී මියගොස් අැතැයි වවුනියාව පොලිසිය කියයි.
පෞද්ගලික සමාගමකට අයත් මීටර 50 පමණ උස දුරකථන කුළුණක කොටස් ගලවමින් සිටියදී තාක්ෂණික නිලධාරියා ඉන් අැදවැටී අැතැයිද පැවසීය.
එලෙස මියගොස් අැත්තෙ මහගිරිල්ල, නිකවැරටිය පදිංචි එච්. එම්. සුදේශ් චතුරංග හේරත් නැමති 30 හැවිරිදි තරුණයකි.
සේවකයින් සමඟ දුරකථන කුළුණට නැග කොටස් කිහිපයක් ගලවමින් සිටියදී ගැලවූ කොටස් සහිත බෑගයක් සමග මියගිය පුද්ගලයා බිමට අැදවැටී අැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුළුණු වැනි උසින් පිහිට ස්ථානවල සේවය කරන කාර්මික නිලධාරින්ට ආරක්ෂක බඳ පටි පැලඳ සේවය කිරීමට අදාල ආයතනය විසින් එම බඳ පටි නිකුත් කර ඇතිදැයි සොයා බැලිය යුතුයි.