පාසල් 20 වැනිදා වහයි දිවයිනේ සියලුම පාසල් ජනාධිපතිවරණයට පෙර දින එනම් මේ මස 20 වැනිදා වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. 09 September 2024
රිෂාඩ්ගේ පිරිසක් රනිල්ට ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට තම පුර්ණ සහාය ලබා දෙන බව රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජිත පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වමින් අද පැවැසුහ. 09 September 2024
විසදුමක් ලැබෙන තෙක් ඔන් අරයිවල් වීසා ක්‍රියාත්මකයි වීසා ගැටලුවට අධිකරණ විසදුමක් ලැබෙන තෙක් දිවයිනට පැමිණි පසු (ඔන් අරයිවල්) වීසා නිකුත් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය. 09 September 2024
ගීතා සජිත්ගේ වේදිකාවට ගොඩ වේ රජයේ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිණී ගීතා කුමාරසිංහ මහත්මිය මහනුවර මධ්‍යම වෙළඳ පොල ඉදිරිපිට පැවති සජබේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ වේදිකාවට ගොඩවී සජබේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයට එක් වන බව පැවැසුවාය. 09 September 2024
දරුවන් 16000කට උග්‍ර මන්ද පෝෂණය දරුවන් 16000කට ආසන්න ප්‍රමාණයක් උග්‍ර මන්ද පෝෂණයෙන් පීඩා විඳින බව ළමා මන්ද පෝෂණ තත්වය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාවේ සඳහන්වේ. 09 September 2024
ඉඩම් ආරවුලෙන් අයිය මලෝ රෝහලේ ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඥාතීන් දෙපිරිසක් අතර ඊයේ (8) ඇතිවූ බහින්බස්වීමකදී සැකකාර පාර්ශවයේ පුද්ගලයන් දෙදෙනකු විසින් කඩුවකින් සහ පොල්ලකින් කළ පහරදීමකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව හික්කඩුව පොලිසිය පවසයි. 09 September 2024
නිරිතදිගට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට දැනට පවතින වැසි තත්ත්වනේ තරමක වැඩි වීමක් අද (09)වැනි දින සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 09 September 2024
මහනුවර සබජ රැස්වීමේ රතිඤ්ඤා පත්තු වී පොලිසියේ හයක් රෝහලට ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය වෙනුවෙන් මහනුවර මධ්‍යම වෙළඳපොල ඉදිරිපිට පැවැත්වෙන රැස්වීම ආරම්භයට මොහොතකට පෙර ආධාරකරුවන් රතිඤ්ඤා විශාල ප්‍රමාණයක් දැල්වීමෙන් පොලිසියේ හය දෙනකු ඇතුළු අට දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 09 September 2024
දැව ජාවාරම්කරුවෝ පැන ගිය ලොරිය ඇලකට පෙරැළෙයි නීති විරෝධීව බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කළ දැව ජාවාරම්කරුවන් පිරිසක් වනජීවි නිළධාරීන් හඹා යද්දී දැව ජාවාරම් කරුවන් සමග ලොරි රථය රදවිබැදි ඇලට ඇද වැටි දෙදෙනෙකු බරපතල ලෙස තුවාලව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කල බව වනජීවි නිළධාරීන් පවසයි. 09 September 2024
ඡන්ද දැන්වීම් පත්‍රිකා 51%ක් බෙදා අවසන් ජනාධිපතිවරණය වෙනුවෙන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 51%ක ප්‍රතිශතයක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි තැපැල්පති පී. සරත්කුමාර මහතා පැවසීය. 09 September 2024
’’පෞද්ගලික අංශය සහන සලසනවා’’ පෞද්ගලික අංශයේ සේවාවන් වලට තිබෙන බාධාවන් ඉවත් කිරීමට කටයුතු කරන බවජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (08) කොළඹදී පැවසීය 09 September 2024
රජයේ ඉඩමක් ලක්ෂ 40 ට විකුණූ බව කියන විත්තිකරු නිදොස් කර නිදහස් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් බව කියන ඉඩමක් බණ්ඩාරගම ප්‍රදේශයේ වෛද්‍යවරයකුට රුපියල් ලක්ෂ හතලියකට විකිණීමෙන් ’’වංචාවක්’’ සිදුකල බවට අධිචෝදනා ලද සිටි විත්තිකරුවෙකු පැමිනිල්ලේ නඩුව අවසානයේදී විත්තියේ සාක්ෂි නොකැදවාම නිදොස්කර නිදහස් කිරීමට ගරු පානදුර මහාධිකරණ විනිසුරු කේ.ඩි.එල්.එස්.කුමාර මහතා නියෝග කලේය. 09 September 2024
පිටසක්වළ සිරුරු වසං කරලා පිටසක්වළ ජීවීන්ගේ සිරුරු පෘතුවියෙන් සොයාගෙන තිබෙන බවත් ඇමෙරිකානු රජය පිටසක්වළ ජීවින් පිළිබඳ තොරතුරු සියල්ල දන්නා බවත් ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පර්යේෂකයකු වන ලුවිස් එලිසොන්ඩෝ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. 09 September 2024
ඉම්රාන් නිදහස් කරන්නැයි බල කෙරේ ඉම්රාන් ඛාන් නිදහස් කිරීමට බලකරමින් පාකිස්තාන තාරික් ඊ ඉන්සාෆ් සංවිධානය කර තිබූ රැළිය අවසානයේදී ආධාරකරුවන් ගල්මුල් වලින් පොලිසියට පහරදී ඇති බවත් ආධාරකරුවන් සහ පොලිසිය අතර ඇතිවූ ගැටුමින් පොලිස් නිලධාරීන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය. 09 September 2024
අලුත් ගමනකට මාන්නප්පෙරුමගෙන් යෝජනාවක් සියලු දෙනා එකතු කරගෙන යන ගමනක් රටට අවශ්‍ය යැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. 09 September 2024
නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරණය කළ 6ක් අත්අඩංගුවට ස්වාධීන ජනපති අපේක්ෂකයකුගේ ජන්ද සළකුණ යතුරු පැදියක බැඳ ප්‍රචාරය කරමින් නීති විරෝධි අයුරින් මැතිවරණ ප්‍රචාරණය සිදුකළ පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි. 09 September 2024
වී මිල ඉහල යයි වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම ආරම්භ කිරීමත් සමග වෙළෙඳපොළේ වී මිල ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 09 September 2024
රනිල්ගෙන් අනුරට ප්‍රශ්න දෙකක් අනුර කුමාර දිසානායකට තමා මූලික ප්‍රශ්න දෙකක් යොමු කරන අතර එම ප්‍රශ්න දෙකට පිළිතුරු දෙනතුරු තමා හැම වේදිකාවකම එම ප්‍රශ්න දෙක විමසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැලිමඩ දී පැවසීය. 09 September 2024
සජිත්ගේ බලාපොරොත්තුව කියයි ජනාධිපතිවරණය ජයග්‍රහණයත් සමඟ තමා නුවරඑළියට එන්නේ ලැයිම් කාමරවලට සීමා වූ වතු කම්කරු ජනතාවට සහ විරැකියාවෙන් පෙළෙන තරුණයන් කුඩා තේ වතු හිමියන් ලෙස සවිබල ගැන්වීමට බව සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නුවරඑළියේදී පැවසීය. 09 September 2024
අලියාගේ පහරින් තිදරු පියා මරුට අම්බලන්තොට කොග්ගල්ල මදයමලලන්ද ප්‍ර දේශයේ දි අද (09) අලියෙක් පහරදීමෙන් තිදරු පියෙක් මිය ගොස් ඇති බව අම්බලන්තොට පොලිසිය කියයි. 09 September 2024
මොළයට හානිකරන අලුත් වයිරසයක් චීනයෙන් මොළයට හානි කරන නව වයිරසයක් ගැන චීන විද්‍යාඥයෝ අනතුරු අඟවති. චීන විද්‍යාඥයන් මෙම වයිරසය නම් කර ඇත්තේ ‘තෙත් බිම් වයිරසය’ යනුවෙනි. 09 September 2024
ඉලොන් මස්ක් ට්‍රිලියනපතියෙක් වෙන්නයි යන්නේ ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලෝන් මස්ක් 2027 වසරේදී ලොව ප්‍රථම ට්‍රිලියනපතියා වනු ඇතැයි ඉන්ෆෝර්මා කනෙක්ට් ඇකඩමියේ නවතම විශේලෂණ වාර්තාවක් පෙන්වා දෙයි. 09 September 2024
රත්කිද ජලාශයේ වාන් දොරටු 6ක් අරී උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු හයක් අද (9) අලුයම විවෘත කල බව උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා පවසයි . 09 September 2024
දුම්රිය ස්ථානාධිපති - ගෝලයා කුඩු ඇදල දුම්රිය ස්ථානාධිපතිවරයකු සහ දුම්රිය සහායකවරයකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය කියයි. 09 September 2024
පොලිසියටත් පාට් දමා නව යුවලක දළදා මැදුරේ මංගල ඡායා ගනී අලුත විවාපත් යුවළක් ශ්‍රී දළදා මාළිගාවට පැමිණ ශ්‍රී දළදා සමිඳුන්ට අපහාස වන ආකාරයට මංගල ඡායාරූප ගෙන ඇතැයි මහනුවර දළදා මාලිගාවේ ආරක්ෂාවට සිටින පොලිසියෙන් වාර්තාවේ. 09 September 2024
පාස්පෝට් අවුල ලිහන්න පිරිසක් පෝලන්තයට දිනෙන් දින විදේශ ගමන් බලපත්‍ර අයැදුම්පත් ගොඩගැසෙමින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩරය හේතුවෙන් නිර්මාණය වී ඇති ’’හදිසි’’ තත්වයට තාවකාලික පිළියමක් ලෙස කඩිමුඩියේ ඇණවුම් කළ යන්ත්‍රයෙන් කියවිය හැකි විදේශ ගමන් බලපත්‍ර පොත් තොගයේ නිෂ්පාදන ක්‍රියාවලිය පරික්ෂා කිරීම සඳහා ආගමන විගමන පාලක ජනරාල්වරයා සහ නියෝජ්‍ය පාලක ජනරාල්වරයා පෝලන්තයේ අදාළ කර්මාන්තශාලාවේ සංචාරයකට ගොස් ඇත. 09 September 2024
ඉන්දියාවෙන් වඳුරු උණ ආසාදිතයෙක් ‘වඳුරු උණ’ එසේත් නැතිනම් ‘එම්පොක්ස්’ ආසාදිතකු යැයි සැක කෙරෙන රෝගියකු හඳුනාගත් බවත්, එම රෝගියා නිරෝධායනය කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බවත් ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු පවසති. 09 September 2024
පාප්තුමා පැපුවා නිව්ගිනියාවේ ආසියානු කලාපයේ සංචාරයක යෙදෙන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා සිය ඉන්දුනීසියා සංචාරය අවසන් කිරීමෙන් පසු පැපුවා නිව්ගිනියාවට ගියේය. පැපුවා නිව්ගිනියා රජයෙන් සහ එරට ජනතාවගෙන් පාප්තුමන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. 09 September 2024
දෙවරක් හැප්පුන කොට්ටාවේ අනතුර රිය අනතුරකට ලක්ව මාර්ගය මැද වැටී සිටි යතුරු පැදිකරුවෙක් ආයාසයෙන් නැගිටීමට උත්සාහ දරද්දී පිටුපසින් පැමිණි ජීප් රථයක් එම යතුරු පැදිකරු තවත් අනතුරකට ලක්කොට පලා ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය කියයි. 08 September 2024
සැඩ පහරට හසුව තරුණයෙකු අතුරුදහන් පානදුර මුහුදු වෙරළේ විනෝදයට දියනාමින් සිටි තරුණයන් දෙදෙනකු අද(08)වැනි දා පස්වරුවේ රළ පහරට හසුව ගසාගෙන ගොස් එක් තරුණයෙකු අතුරුදන්ව අනෙක් තරුණයා බේරාගෙන ඇති බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි. 08 September 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026