තැනින් තැනට පොඩි වැස්සක් බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර,නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 07 September 2024
දරුවාගේ හෝඩුවාවෙන් පතුරම් තොගයක් සොයා ගනී ගලෙන්බිදුණුවැව,අක්කර විස්ස ප්‍රදේශයේ නිවසක අල්මාරියක මුදල් දමන ප්ලාස්ටික් කැටයක තිබු ටී 56 ගිනි අවි සදහා භාවතා කරන පතුරම් 17 ක්,පිස්තෝල සදහා භාවිතා කරන පතුරම් 10 ක් හා රිවෝලර් සදහා භාවිතා කරන පතුරම් 01 ක් සොයාගත් බව ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි. 07 September 2024
‘‘ඉන්න බැරි නම් යන්න‘‘ මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ඉවත්ව යන ලෙස ජනාධිපතිවරයා දැනුම්දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. 06 September 2024
‘‘කොළ - රතු අලිපැටව් එකතු වෙලා‘‘ කොළ අලි පැටව් රතු අලි පැටව් එකට එකතු වී රනිල් අනුර හොර සන්ධානයක් සකස් කර ඇති බැවින් ජනතාවගේ වටිනා ඡන්දය හොරු රකින සන්ධානයට නාස්ති කරන්න එපා යැයි සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 06 September 2024
නවතා තිබූ වාහන තුනක් හදිසියේ ගිනි ගනියි පාදුක්ක මාහිංගල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ වෑන් රථයක් කැබ් රථයක් සහ ත්‍රීරෝද හදිසියේ ම ගිනි ගෙන විනාශ වී ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. 06 September 2024
සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම රිමාන්ඩ් අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතතා ගමන් කළ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ්බාරයේ රඳවා තැබීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය අද (06) නියම කළාය. 06 September 2024
ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 12 ක් බෙදලා ඉවරයි ජනාධිපතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 12 ක් පමණ අද (6) වනවිට ජන්දදායකයින් වෙත බෙදා හැර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය. 06 September 2024
රනිල්ගෙන් අනුරට අභියෝගයක් ජාතික ජන බලවේගය එක පැත්තකින් අපනයන ආර්ථිකයකට යන බව කියන අතර තව පැත්තකින් ආනයන ආර්ථිකයකට යන බව කියන්නේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මොරවක ජනපතිවරණ ජනරැළිය අමතමින් අද (6) පැවසීය. 06 September 2024
බයිඩන් පුතා වරදකරු වෙයි ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේය. 06 September 2024
තැපල් ඡන්දය දාන්න තව දින දෙකක් තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්දදායකයන්ට ලබන 11 සහ 12 දෙදිනේදී ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි 06 September 2024
පොලිසිය පොලුවලින් පහර දුන්නැයි ව්‍යාපාරිකයෙකුගෙන් පැමිණිල්ලක් අවිස්සාවේල්ල මිරිස්වත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කොස්ගම පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් නිරුවත් කර පැය පහකට ආසන්න කාලයක් අමානුෂික ලෙස පහර දී වද දී එම ව්‍යාපාරිකයාගේ බිරිඳට ද පොලිස් නිළධාරියෙකු පහර දුන් බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි සබරගමුව පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි 06 September 2024
හිමිවරුන්ගේ අතුරු පෙත්සමට විරෝධතා ගොනු කරන්නැයි කාදිනල්ට කියයි දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇති අතුරු නියෝගය ඉවත දමන්නැයි ඉල්ලා බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරත්න හිමියන් ඇතුළු හිමිවරු තිදෙනකු ගොනුකොට ඇති අතරමැදි පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන 13 වැනිදාට පෙර ගොනු කරන ලෙස අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු පාර්ශ්වකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) නියෝග කළේය. 06 September 2024
අල්ලස් ගත් රාජකීය මුරකරු රිමාන්ඩ් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ දෙක වසර පන්තියට දැරියක ඇතුළත් කිරීමේ කටයුතු සලසා දීමට රුපියල් ලස්ෂ 20ක මුදලක් ඉල්ලා ලක්ෂ හතරක අත්තිකාරම් මුදලක් ලබා ගත්තේ යැයි කියන කොළඹ රාජකීය විද්‍යාලයේ මුරකරු ඇතුළු පස් දෙනකු ලබන 20දින දක්වා බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (06) නියෝග කළේය. 06 September 2024
මැතිවරණ නීති කැඩීම ගැන බරපතල චෝදනාවක් ජනාධිපතිවරණයේදී රාජ්‍ය බලය සහ සම්පත් අවභාවිත කිරීම දැඩි ගැටලුවක් බවට පත්ව ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ සහ මැතිවරණ කොමිසමේ නියෝග ප්‍රතික්ෂේප කිරීම බරපතල තත්වයක් බවත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප්‍රධානී මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා අද (6) පැවසීය. 06 September 2024
සංජීව මහානාම ගැන පුළුල් විමර්ශනයක් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ රථයට වෙඩිතැබීමේ සිද්ධියට සැකකරුවකු සිටින සංජීව මහානාම නමැති හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය දක්වමින් අයථා අන්දමින්,මහා පරිමාණයෙන් දේපළ හා මුදල් උපයීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අනුරාධපුරය ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේ කරුණු දක්වමින් සඳහන් කළේය . 06 September 2024
අභියාචනාධිකරණයට විනිසුරුවරු හතර දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අභියාචනාධිකරණ විනිසුරුවරු හතර දෙනෙක් පත් කරනු ලැබ සිටිති. 06 September 2024
නාමලුත් හෙට ගෙන් ගෙට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ නාමල් දැක්ම වැඩ පිළිවෙල ගෙන්ගෙට ගොස් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන හෙට (7) උදෑසන දීප ව්‍යාප්තව ආරම්භ කෙරෙන බව එම පක්ෂය පවසයි. 06 September 2024
නුවරඑළියේ තැපැල් ඡන්ද පොළ ළඟ රැස්වීම් හයක් නවත්වයි නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ආසන්නයේ සංවිධාන කෙරුණු රැස්වීම් හයක් අත්හිටවූ බව නුවරඑළිය තේරීම් බාර නිලධාරි නන්දන ගලබඩ මහතා පැවසීය. 06 September 2024
එජාපය 78 වන සංවත්සරය සමරයි එක්සත් ජාතික පක්ෂයේ 78 වන සංවත්සරය සමරු උත්සවය පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (6) පෙරවරුවේ පැවැත්විණි. 06 September 2024
ඇමරිකාවෙන් ගුවන් හමුදාවට අලුත් සාමාජිකයෙක් ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරනු ලැබු බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ඊ.ආර්. වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් හෙට (8) දින සිට ගුවන් හමුදා ගුවන් යානා සංචිතයට එක්වන බව ගුවන් හමුදාව පවසයි. 06 September 2024
‘ජාති භේදයක් නැති වෙනසක් ඇති කරනවා‘ දකුණේ සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව ජනතාව වෙනසක් වෙනුවෙන් පෙනී සිටියදී උතුරේ ජනතාවද එම වෙනසෙහි කොටස්කරුවන් වන ලෙස ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර මහතා පැවසීය. 06 September 2024
ජීවිත දානය දුන් සැනින් වෙඩි තබා මරන්න වෙලා වගා ළිඳකට වැටී සිටි වන අලිපැටියකු ප්‍රදේශවාශින්ගේ ද සහායෙන් වනජීවී නිළධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා ගොඩගැණීමෙන් පසු කළහකාරී ලෙස හැසිරෙමින් කාන්තාවක පසු පස පන්නා යද්දී මෙල්ල කිරීමට තැබූ වෙඩි පහරකින් ඇත් පැටවා මියගිය බව වනජීවි කාර්යාලය කියයි. 06 September 2024
මියන්මාරයේ සයිබර් අපාරධ වලට යෙඳවූ 20ක් දිවයිනට මියන්මාරයේ කදවුරු තුළ බළහත්කාරයෙන් සයිබර් අපරාධ සදහා යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු ඊයේ (05)වැනි දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. 06 September 2024
වැඩියෙන්ම බදු ගෙවලා තියෙන්නේ ෂාරුක් ඉන්දියාවේ 2024 මූල්‍ය වර්ෂය සඳහා වැඩිම අදායම් බදු මුදල් ප්‍රමාණයක් ගෙවූ කීර්තිමත් පුද්ගලයන් අතර ප්‍රථම ස්ථානයට ෂාරුක් ඛාන් පත්ව ඇති බවත් ඔහු 2024 මූල්‍ය වර්ෂය සඳහා ඉන්දීය රුපියල් කෝටි 92 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 310 ක පමණ මුදලක්) ආදායම් බදු ලෙස ගෙවා ඇතැයි ෆෝචූන් ඉන්දියා සඟරාව වාර්තා කළේය. 06 September 2024
අනුර විදානගමගේ ඌව ආණ්ඩුකාර ධූරයට ඌව පළාතේ හිස්ව තිබු ආණ්ඩුකාරවර තනතුර සදහා අනුර විදානගමගේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්කර තිබේ. 06 September 2024
නෝර්වුඩ් වලින් අතුරුදන් වූ සිසුහූ රාගමින් හමුවෙති නොර්වුඩ් ප්‍රදේශයෙන් අතුරුදන්වී සිටි අවු 15 හැවිරිදි පාසල් සිසුන් සිව්දෙනා රාගම ප්‍රදේශයේ සිටියදී පොලිස් බාරයට ගත් බව පොලීසිය කියයි. 06 September 2024
‘අයිස් ‘සමඟ කොස්තාපල් මාට්ටු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බව කියන ඉපලෝගම පොලිසියේ කොස්තාපල්වරයකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව ගල් නෑව පොලිසිය පවසයි. 06 September 2024
මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය. 06 September 2024
ඇල්පිටිය ප්‍රා.ස.පොහොට්ටුවෙන් ඇප තියයි ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්වන කණ්ඩායම අද (06) පෙරවරුවේ ගාල්ල මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත ඇප මුදල් තැන්පත් කරනු ලැබීය. 06 September 2024
ගිං ගඟේ නෑමට ගිය සිසුවාගේ මළසිරුර සොයාගනී මිතුරන් තිදෙනෙකු සමඟ ගිං ගගේ දිය නෑමට ගොස් අතුරුදන් වූ 19 හැවිරිදි පාසල් සිසුවාගේ සිරුර අද (06) සොයාගත් බව නෙළුව පොලිසිය පවසයි. 06 September 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026