IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මාදිවෙල මන්ත්‍රී නිවාසවල කුලිය යළි තක්සේරුවට යයි

(කේ බුද්ධික කුමාරසිරි)

‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස පිහිටි මාදිවෙල නිවාස සංකීර්ණයේ නිවසක් සඳහා මාසිකව අයකරන්නේ රුපියල් 2000 ක් පමණයි. රජයේ ප්‍රතිපත්තිය නැවත තක්සේරු කිරීම නම් එම නිවාසද නැවත තක්සේරු කර නියමිත කුලිය අය කිරීම කල යුතුයි‘ යැයි පොදුජන අයිතීන් සුරැකීමේ වෘත්තීය  එකමුතුවේ ප්‍රධාන ලේකම් නීතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් අද (30) දින පැවසීය

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ නීතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා :-

පාර්ලිමේන්තුව ආසන්නයේම පිහිටි මාදිවෙල නිවාස සංකීර්ණයේ නිවසක් සඳහා මාසික කුලී මුදල් වශයෙන් අයකරනු ලබන්නේ රුපියල් දෙදහසක් (රු.2000.00 ) පමණයි. රජය විසින් ලබාදී ඇති නිල නිවාස නැවත තක්සේරු කිරීමේ ක්‍රමවේදයකට ගමන් කරන්නේ නම් , එම නිවාසද නැවත තක්සේරු කර නියමිත මාසික කුලිය අයකිරීමට කටයුතු කළ යුතුයි.

වත්මන් රජය බලයට පත්වීමට පෙර , ජනතා නියෝජිතයින්ට ලබාදෙන සියළු වරදාන වරප්‍රසාද අහිමි කළ යුතු බව පැවසුවත් මේ වන විට  එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මාසිකව රුපියල් ලක්ෂ 06 කට වැඩි වරප්‍රසාද භුක්ති විදිනවා. ඒ අනුව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනා වෙනුවෙන් මාසිකව රුපියල් කෝටි නවයහාමාරක (9.5 ක) ප්‍රමාණයක් ලබාගන්නවා



අදහස් (6)

මාදිවෙල මන්ත්‍රී නිවාසවල කුලිය යළි තක්සේරුවට යයි

යෝගා Thursday, 30 January 2025 11:38 AM

මේවා විතරක් නෙමෙයි, රජයේ සියලු නිල නිවාස නැවත තක්සේරු කර ඒ අනුව කුලිය අය කළ යුතුයි. නැතුව තමන්ට පලිගන්න අවශ්‍ය, නැත්නම් තමන්ට ඔවුන් කෙරේ දරාගන්න බැරි ඊර්ෂ්‍යාවක් තියෙන අයගේ නිල නිවාස වලට විතරක් අලුත් නීති ගේන්න බෑ. පුලුවන් නම් එහෙම කරන්න, උසාවියෙන් විසඳා ගන්න පුලුවන්.

:       22       20

වික්‍රම විදුර Thursday, 30 January 2025 11:46 AM

ඔව් මහත්මයා ඉස්සර හිටපු අයගෙනුත් අයකගන්න ඔන කියලාම කියන්න.. උන්ට පිනට මුන්ට මිලට ඕන නෑනේ... උබල ඒවා වල ඉදලා අපිවත් රටත් හොරා කාලා විනාස කොරලනේ ගියේ රටේ මිනිස්සුන්ට කැදත් නැති වෙන්න. පලයං මහත්තයෝ යන්න..

:       10       25

බකල ජයා Thursday, 30 January 2025 11:55 AM

හොඳ යෝජනාවක්. තවත් විදිහකට, එහෙම නැත්නම් යථාර්ථවාදීව බලනවා නම් කලින් රජයේ මන්ත්‍රී කෙනෙක්ගේ දීමනාවත් කියන්න. එතකොට රට ටිකක් හරි හොඳ පැත්තකට ගිහින් තියෙනවද කියලා වැටහීමක් එයි.

:       1       26

Nuran Thursday, 30 January 2025 02:08 PM

හිටපු ජනාධිපතිලගේ වියදම් ඇස්තුමෙන්තුත් ගේන්න ඕනේ රනිල් මහින්ද රු බිලියන ගාණක් මහජන මුදල් පාවිච්චි කරලා ඇති.

:       8       21

Shan Thursday, 30 January 2025 02:18 PM

මෙයට අවුරුදු 3කට විතර කලින් උබ කොහේද හිටියේ. එක මන්ත්‍රී කෙනෙකුට විතරක් වියදම් කළා ඔයිට වැඩිය.

:       9       21

දිමුත් Friday, 31 January 2025 09:39 AM

නිල නිවාස දීලා තියෙන්නේ ජනතා නියෝජනය සඳහා තමයි. නැත්නම් කොහොමද ඈත පළාතක මන්ත්‍රී කෙනෙක් රැස්වීම්වලට පාර්ලිමේන්තු එන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 615 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1098 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site