රුසියා යුද ශක්තියට යුක්රේන හමුදා බිය වෙලා රුසියාවේ යුද ශක්තිය හමුවේ යුක්රේන සොල්දාදුවන් අධෛර්යමත්ව හෙම්බත්වී ඇති බවත් යුක්රේන හමුදාවට බඳවා ගන්නා නව සොල්දාදුවන් බොහෝදෙනා යුද්ධයට යාමට ප්‍රතික්ෂේප කරන බවත් සී.එන්.එන් පුවත් සේවය වාර්තා කළේය. 08 September 2024
බයිඩන් වැඩිපුර ‘‘අයිස්‘‘ ගහල ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඔහුගේ වසර 4 ක ධුර කාලයෙන් දින 532 ක් සාමාන්‍ය නිවාඩු දින ලෙස ලබා ගෙන ඇති බවත් එය ඇමෙරිකානු සාමාන්‍ය කාර්යාල සේවකයකු වසර 48 කදී ලබා ගන්නා සාමාන්‍ය නිවාඩු දින ගණනට සමාන බවත් රිපබිලිකන් ජාතික කමිටුව කළ විශ්ලේෂණයකදී හෙළිවී ඇතැයි නිව් යෝර්ක් පොස්ට් පුවත්පත වාර්තා කළේය. 08 September 2024
තලතා රනිල්ගේ වැලිමඩ වේදිකාවට නගී සමගි ජන බලවේගයේ හිටපු මන්ත්රීනී තලතා අතුකෝරල මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහා වැලිමඩ ජනපතිවරණ රැළියට සහභාගී විය. 08 September 2024
ගංජා සමඟ යුද හමුදාවේ දෙන්නෙක් මාට්ටු අමුණු කොළේ ප්‍රදේශයේදී ගංජා සමග යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාන්නේරිය පොලිසිය පවසයි. 08 September 2024
ගෙයින් ගෙට යා හැකි සීමාව මැකෝ කියයි ගෙයින් ගෙට මැතිවරණ අත්පත්‍රිකා බෙදා හැරීමට යෑමට හැක්කේ උපරිම වශයෙන් පස් දෙනෙකුට පමණක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දේශපාලන පක්ෂවලට දැනුම් දෙයි. 08 September 2024
’’ මං තරුණයන්ට අත් තටු දෙන විට ජවිපෙ කකුල් වලට විලංගු දැම්මා’’ සෑම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම සඳහා තමා ධවල පත්‍රිකාව ගෙන ආ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට විරුද්ධ විම නිසා මෙරට තරුණ තරුණියන් විශාල පිරිසකට ඉංග්‍රීසි අධ්‍යාපනය අහිමි වු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. තමන් තරුණ තරුණියන්ට අත්තටු ලබා දෙන විට ජනතා විමුක්ති පෙරමුණ එදා ද සිදු කළේ ඔවුන්ගේ කකුල්වලට දම්වැල් දැමීම බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. 08 September 2024
ධීවර යාත්‍රාවේ ගැටුණු නෞකාව ත්‍රි.මලේ වරායට ගාල්ල මුහුදු තීරයේදී බහු දින ධීවර යාත්‍රාවක හැපී සිදුවූ අනතුරෙන් ධීවර කාර්මිකයන් තිදෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියට සම්බන්ධ නෞකාව නාවික නීතිය යටතේ සිය භාරයට ගෙන ත්‍රිකුණාමල වරායේ රඳවා ගත් බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි . 08 September 2024
ගුවන් සෙබළිය පැහැරගත් ගුවන් සෙබලා-පියා අත්අඩංගුවට පාලවිය ගුවන් හමුදා කදවුරේ සේවයට පැමිණෙමින් සිටි ගුවන් හමුදා සෙබළියකු පැහැර යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරකාපොල ප්‍රදේශයේ පදිංචි පිය පුතු දෙපළක් අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි. 08 September 2024
මෝටර් රියක් දුම්රියක ගැටිලා පුත්තලම සිට ගල්කිස්ස බලායමින් තිබු දුම්රියක ජාඇල ඒකල කණුවන අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් ගැටි ඇති බව ජාඇල පොලිසිය පවසයි. 08 September 2024
ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගැසූ ලංගම රියදුරා අත්අඩංගුවට මූතූර් ලංගම ඩිපෝව තැපැල් ඡන්ද මධ්‍යස්ථානයේ තැපැල් ඡන්දය සලකුණු කළ එම ඩිපෝවේ සේවය කරන රියදුරෙකු සිය ජංගම දුරකථනයෙන් සලකුණු කළ සිය ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් බව මූතූර් පොලිසිය කියයි . 08 September 2024
අඹු සැමි යුවළකගේ සිරුරු නිවසකින් හමුවෙයි මිහින්තලය , කුරුන්දන්කුලම, කුංචිකුලම ප්‍රදේශයේ නිවසක බරපතළ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් සොයාගත්බව මිහින්තලේ පොලීසිය කියයි. 08 September 2024
ළමා නිවාසයෙන් පැන්න දරුවා පියා සොයා ගිහින් මතට ඇබ්බැහි වූ මාපියන්ගෙන් නිසි රැකවරණයක් නොලැබීම නිසා ළමා හා කාන්තා කාර්යාංශයේ මූලස්ථානය මගින් අධිකරණයට ඉදිරිපත් කොට හෝමාගම හිරිපිටිය ප්‍රදේශයේ ළමා නිවාසයකට භාරදී තිබූ නව හැවිරිදී පාසැල් දරුවෙකු ඉන් පලාවිත් සිය පියා සොයා යමින් සිටියදී පොලිසිය මගින් සොයා ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි. 08 September 2024
ඡන්ද පත්‍රිකා බෙදූ තැපල්කරුට ගහලා ඡන්ද පත්‍රිකා බෙදමින් සිටී කළුතර දකුණ තැපැල් කාර්යාලයේ තැපැල්කරුට පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි . 08 September 2024
වැරදීමකින් අක්මාව ඉවත් කරලා ඇමෙරිකන් වෛද්‍යවරයකුට සිදුවුණු අකරතැබ්බක් ගැන එරට මාධ්‍ය වාර්තා කරයි. වෛද්‍යවරවයා, අත්වැරදීමකින් ප්ලීහාව ඉවත් කිරීමට නියමිතව තිබූ රෝගියකුගේ අක්මාව ඉවත් කර ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පෙන්වා දෙයි. 08 September 2024
ජනපති නැවත ජය ගෙන උතුරේ ගැටලු විසඳාවි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර දෙමළ ජනතාවගේ ගැටලු විසඳා උතුරු පළාතේ සංවර්ධනය තහවුරු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය. 08 September 2024
බෝට්ටු දෙකකින් ඇවිත් තවත් බෝට්ටුවක් කොල්ල කාලා ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදු කරමින් සිටියදී තවත් බෝට්ටු දෙකකින් පැමිණි අට දෙනෙකු එම බෝට්ටුවේ එන්ජිම ඇතුළු ලක්ෂ දහඅටක දේපළ කොල්ලකා පලා ගොස් ඇතැයි කළුවාන්චි කුඩි පොලිසිය කියයි. 08 September 2024
රන් ගුවන්තොටින් පන්නන්න බැරිවෙයි රුපියල් කෝටි තුනක් පමණ වටිනා රන් බිස්කට් තොගයක් තම කළිසම් සාක්කුවේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තයේ රැදී සිටි ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 08 September 2024
අදත් වැසිවාර කිහිපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 08 September 2024
අනුර උතුරෙන් සමාව ගත යුතුයි අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළියේදී අද (7) පැවසීය. 08 September 2024
‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘ එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්රයන් එකට එකතු කරළා එක් විෂය පතයකට යටතේ තමයි ඇමති මණ්ඩලය පත් කරන්නේ යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පුත්තලම නගරයේ පැවති ජන හමුවකිදී පැවැසීය. 08 September 2024
‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘ රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. 07 September 2024
විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එම සංගමයේ සභාපති මහේස් ඉලංගසීංහ මහතා පවසයි . 07 September 2024
කදුරුවෙල නගරයේ කඩයක ගින්නක් පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි. 07 September 2024
නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක් සහිතව පැමිණි තරුණයන් දෙදෙනකු සැකපිට අත් අඩංගුවට අඹගස්දෝව පොලිසිය පවසයි. 07 September 2024
සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 07 September 2024
අලියාගේ පහරින් විශ්‍රාමික යුධ භටයා මරුට පුංචිහලමිල්ලෑව ප්‍රදේශයේ කුඹුරැ යායකට කඩාවැදුන වන අලියන් පලවා හැරිමට ගිය විශ්‍රාමික යුධ හමුදා භටයෙකු වන අලියෙකුගේ පහර කෑමට ලක්ව අද(07)දින මිය ගිය බව කහටගස්දිගිලිය පොලිසිය කියයි. 07 September 2024
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදන්න විශේෂ දිනයක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට හෙට(8) විශේෂ දිනයක් ප්‍රකාශ කර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය. 07 September 2024
ළදු කැළෑවකින් මත්පෙති 35,470ක් සොයාගනියි පුත්තලම, සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, ළදු කැළෑවක් තුළ සඟවා තිබූ මත්පෙති 35,470 තොගයක් සොයාගත් බව නාවික හමුදාව පවසයි. 07 September 2024
ඡන්දපොළේ කලබල කළොත් වෙඩි ඡන්ද මධ්‍යස්ථානවලදී කලබල ඇති කර ඡන්දයට බාධා කරන සහ මැතිවරණ කටයුතු කඩාකප්පල් කරන පුද්ගලයන්ට සහ මැර කණ්ඩායම් පාලනයට වෙඩි තැබීමට පොලීසියට බලයදී ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. 07 September 2024
පුපුරන ද්‍රව්‍ය සමග දෙකක් දඹුල්ලෙන් අල්ලයි යම් අපරාධයක් කිරීමට පුපුරන ද්‍රව්‍ය තොගයක් රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි. 07 September 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026