(අංජුල මහික වීරරත්න)
මෙරට බෝවන මෙන්ම බෝනොවන රෝග හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට දැවැන්ත බරක් පැටවෙන බැවින් ඉහත රෝගවලට ප්‍රතිකාර සේවා සිදු කරනවා සේම රෝග වළක්වා ගැනීම හා පාලනය සඳහා ප්‍රමුඛත්වයක් ලබා දී කටයුතු කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා මේ බව කීවේ ශ්‍රී ලංකා පෝෂණ සංගමයේ 2025 වර්ෂයට අදාල වාර්ෂික විද්‍යාත්මක අධ්‍යයන සැසිවාරයට එක් වෙමිනි.
ශ්‍රී ලංකා පෝෂණ සංගමයේ (The Nutrition Society of Sri Lanka) 2025 වර්ෂයට අදාළ වාර්ෂික විද්‍යාත්මක අධ්‍යයන සැසිවාරය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.
“උසස් පෝෂණය සහ සෞඛ්‍ය සාක්ෂරතාව තුළින් ප්‍රජාවන් සවිබල ගැන්වීම” යන්න තේමාව කර ගනිමින් මෙවර 2025 වර්ෂයට අදාළ වාර්ෂික විද්‍යාත්මක අධ්‍යයන සැසිවාරය පැවැත්වුණි.
සැසිවාරය අමතමින් වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා පෝෂණ තත්ත්වයන් ඉහළ නංවමින් සෞඛ්‍ය සුරක්ෂිතතාව නඟා සිටුවීම මෙන් ම වැඩි ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමට අවස්ථාව සලසා දෙමින් රෝගවලින් ආරක්ෂාවීමට අවශ්‍ය මුලික දැනුවත්භාවය ජනතාවට ලබාදීම රෝග ව්‍යාප්තිය පාලනයට අතිශය වැදගත් බව පැවසීය.

2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
870
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පෝෂණ සැසිය රැස් වෙයි