
(සුජිත් හේවාජුලිගේ )
ජල සම්පත් මණ්ඩලයේ දත්ත මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක් ඉදිකිරීම අතරමග නතරවීමෙන් නෙදර්ලන්ත කොන්ත්‍රාත්කරුට ගෙවා තිබූ රුපියල් කෝටි 54 කට වැඩි අත්තිකාරම් මුදල නාස්තිවී ගොස් තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට නියමිතව තිබී ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් බත්තරමුල්ලේ ඉඩමක බව එම වාර්තාවේ දැක්වේ.
මෙම ආත්තිකාරම් මුදල ගෙවීමෙන් පසු ඉඩමේ හිමිකාරීත්වය ලැබී නොතිබීම හේතුවෙන් දත්ත මධ්‍යස්ථානය ඉදිකිරීම අතරමග නතර වී තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
දත්ත මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 25 ක් වෙන්කර තිබූ අතර රුපියල් කෝටි තිස් දෙකක අවිනිශ්චිත වෙන් කිරීම් ද දත්ත මධ්‍යස්ථානය සඳහා භාවිත කිරීමට තීරණය කර තිබූ බව වාර්තාව සඳහන් කරයි.
මේ අතර ජල සම්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට අදාළ කෙටුම්පත පිළියෙල කිරීම සඳහා පෞද්ගලික නීතිඥයෙකු සහ නීතිඥ සමාගමක සේවය ලබාගෙන
මිලියන 0.645ක් ගෙවා තිබුණද එම කාර්යය ඉටුකර නොතිබූ බව වාර්තාව සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය ජල සම්පත් මණ්ඩලයට අදාළව නිකුත් කළ විගණන වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළපුරුද්ද වැඩිකමට වෙන්න ඇති මෙහෙම වෙන්න ඇත්තේ?
වැඩක් නොකර කුට්ටියක් කඩාගන්න සැලැස්මක එක අංගයක් වගේ ඉඩමේ හිමිකාරීත්වය නොතිබීම.
ලංකාවේ මෙච්චර සමාගම් තියෙද්දී... නෙදර්ලන්ත සමාගම් වලට දෙන්නේ මොකටද කොන්ත්‍රාත්..?
ඔය ගොඩනැල්ල හදන්න ලංකාවේ සමාගම්වලට බැරිකම මොකක්ද? මණ්ඩලයේ ලොක්කන්ට විදේශීය සංචාර දෙන්න අපේ සමාගම් බෑ කියලාද?
දැන් මේ පුවතේම තියෙනවා.... ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට අයත් කියලා. එතකොට රජයේ ආයතන දෙකක් අතර පවා ඉඩමක් හුවමාරු කරගන්න තියෙන කරදරය පේනවනේ. අනික මේ පුවතේ දාලා නෑ... අත්තිකාරමක් ගෙවන කොට ඒකට ඇපයක් ගන්නවා.. ඒකට මොකද වුනේ කියලා...?