IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


මාවෙයිට ජනපති අවසන් ගෞරව දක්වයි

(රොමේෂ් මධූෂංක)

අභාවප්‍රාප්ත ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාට ජනාධිපති අනුර කුමර දිසානායක මහතා විසින් අවසන් ගෞරවය දැක්වීම අද (31) සිදු විය.

ඒ මාවෙයි සේනාධිරාජ මහතාගේ දේහය මේ වන විට තැන්පත් කොට ඇති ඒ මහතාගේ නිවස පිහිටි යාපනය මාවට්ටපුරම් ප්‍රදේශය වෙතට ජනාධිපතිතුමන් ගොස් අවසන් ගෞරවයන් දැක්වීම සහ පවුලේ ඥාතීන් හමු විය.

එහිදී මාවෙයි සේනාධිරාජා මහතාගේ පවුලේ ඥාතීන් සමග සිය ශෝකය පල කොට සිටි ජනාධිපති තුමන් විසින් මාවෙයි සේනාධිරාජා මහතා දෙමළ ජනාතව වෙනුවෙන් සිදු කරන ලද කැපවීම් සහ කැප කිරීම් මෙන්ම සිදු කරන ලද සේවාවන් මෙහිදී සිහිපත් කරන ලදි.

මාවෙයි සේනාධිරාජ මහතාගේ අවසන් කටයුතු 02 වනදා වන ඉරිදා දිනයේදී මාවට්ටපුරම් තච්චන්කාඩු හින්දු සුසාණ භූමියේදී සිදුකිරීමට නියමිතව තිබෙන බවටද මෙහිදී මාවෙයි සේනාධිරාජා මහතාගේ ඥාතීන් විසින් ජනාධිපතිතුමන් වෙතට දැනුම් දී සිටියහ.



අදහස් (1)

මාවෙයිට ජනපති අවසන් ගෞරව දක්වයි

andare Friday, 31 January 2025 05:06 PM

වැරැදිලාවත් සීයා හිටියා නම් එයා මේ ගමන යන්නේ හෙලිකොප්ටරයෙන් ඒත් අපේ ජනාධිපතිතුමා එහෙම නාස්තිකාරී වැඩ කරන්නේ නැහැ. එනිසා එතුමා කෝච්චියෙන් තමයි මේ ගමන එන්න ඇත්තේ... මයේ හිතේ...!

:       9       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 870 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2506 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site