
(මහින්ද නිශ්ශංක )
උපරිම සිල්ලර මිලට වැඩියෙන් සහල් අළෙවි කළ සුපිරි වෙළඳසැලකට මෙතෙක් ඉහළම දඩය ලෙස රුපියල් ලක්ෂ 10 ක් නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
රුපියල් 220 ක් මිල නියම කර තිබෙන සුදු කැකුළු කිලෝවක් රුපියල් 255 කට අළෙවි කිරීම හේතුවෙන් මෙම ලක්ෂ 10 ක දඩය අධිකරණය මගින් නියම කර ඇත්තේ කැළණිය ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට බවද අධිකාරිය සදහන් කරයි.
මෙයට අමතරව වැඩි මිලට සහල් අළෙවි කළ පිටකොටුව වෙළෙඳ සමාගමකට රුපියල් 750,000 ක දඩයක් මාලිගාකන්ද අධිකරණය මගින් නියම කළ බව පාරිභෝගික අධිකාරිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ජයග්‍රහණයක්. මම වෙළදසැල් හිමියෙක් නම් කරන්නේ වහාම සහල් වෙළෙඳාමෙන් ඉවත් වන එක... පොල් කඩන උපාධි අරගෙන තනතුරුවලට පත් වෙලා මේ ගොල්ලෝ කරන්නේ මේවා තමයි. එහෙම නැතුව කාටවත් පනින්න බැරි විදිහේ ක්‍රමවේදයක් හදලා ක්‍රියාත්මක කරන්න දන්නේ නැහැ. උපරිම සිල්ලර මිලක් ලකුණු කෙරුණාට රජයත් රුපියල් 60ක බද්දක් අයකරලා ඒ මිලට සේවක වැටුප්, ප්‍රවාහන, කඩ කුලී, විදුලි බිල්, බැංකු ගාස්තු, ගෙවා සාමාන්‍ය ලාබයක් තබාගෙන සහල් විකිනීමට හැකිදැයි බලන්න. සියළු වියදම් ව්‍යාපාරිකයාගෙන් විකුණුම් මිල පමණක් රජයෙන්. පුදුම රටක් මේක. ඊළඟට කියනවා දත්තයන් නැතිලු. මට පෙනෙන්නේ දත් ඇවිල්ලත් නෑ වගේ තාම බබාලා...