කෝටි 7 ක කොකේන් කටුනායකින් අල්ලයි කටුනායක ගුවන් බඩු ගම්මානයේ කූරියර් සේවය හරහා නිදහස් කළ පාර්සලයක තිබී රුපියල් කෝටි 7 කට අධික වටිනාකමින් යුත් කොකේන් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.139 ක් අත්අඩංගුවට ගැනීමට රේගු නිවාරන අංශයේ කටුනායක කාර්යාලයේ නිලධාරීන් සමත් වු බව අතිරේක රේගු අධ්යක්ශ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 11 September 2024
‘‘මාලිමාවට නොදුන් අයටත් ටික දවසකින් දුක හිතෙයි‘‘ තමුන්නාන්සේලා අපි කෙරෙහි තබන විශ්වාසය ආරක්ෂා කිරීම අපේ වගකීමක්. සැප්තැම්බර් මාසේ 21 වැනිදා අපිට ඡන්දය නොදුන් වෙන කාට හරි ඡන්දය දුන්න කෙනෙක් ඉන්නව නම් එයාටත් හිතෙනවා ටික දවසක් යනකොට අපරාදේ ජාතික ජන බලවේගයට තමයි ඡන්දෙ දෙන්න තිබ්බෙ කියලා. අපිට ඡන්දය නොදුන්න කෙනාගෙත් විශ්වාසය දිනා ගන්න අපි කටයුතු කරනවා. 11 September 2024
අනුන් එක්ක විවාද කරන්න පෙර පක්ෂය ඇතුලේ එකඟතාවයකට එන්න තමාට විවාදයකට කතා කරන්නට පෙර මාලිමාව අනුගමනය කරන්නේ අපනයන ආර්ථිකයද? ආනයන ආර්ථිකයද? කියා පක්ෂය ඇතුලේ විවාද කොට එකඟතාවය කියන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කුරුණෑගල දී පැවසීය. 11 September 2024
සීතා අරඹේපොලට තවත් රාජ්‍ය අමාත්‍යංශයක් විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පත් කර තිබේ. 11 September 2024
පවුල් 34ක ඡන්ද පත්‍රිකා පැහැරගෙන කිලිනොච්චිය තැපැල් කාර්යාලයේ ලියුම් බෙදන්නෙකුට තර්ජනය කර පවුල් තිස් හතරකට අයත් ඡන්ද පත්‍රිකා තොගයක් පැහැර ගත් පුද්ගලයෙකු ඊයේ (10) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 11 September 2024
’’අනුර දවල් හීන දකිනවා’’ අනුර කුමාර ජනාධිපතිධුරය සම්බන්ධයෙන් දවල් හීන දකිමින් සිටින බවත් උතුරට ගොස් දකුණේ අය ඔහුට ඡන්දය දෙන නිසා උතුරත් දිය යුතුයැයි පවසන බවත් සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාවතගමදී පැවසීය. 11 September 2024
ඉන්දියාවෙන් පැන්නු කහ සේරක්කුලිය වෙරලේ ඉන්දියාවෙන් නීති විරෝධි ලෙස රැගෙන ආ ලක්ෂ 23 කට ආසන්න කහ තොගයක් වනාතවිල්ලුව සේරක්කුලිය වෙරළ තිරය ආසන්නයෙ කෑලැවක සගවා තිබියදී ගගේවාඩිය විශේෂ යාත්‍රා බළඝණයෙ නිළධාරීන් සොයා ගත් බව කියයි. 11 September 2024
තැපැල් ජන්ද සලකුණු කරන්න අද - හෙට පුළුවන් ජනාධිපතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට අද (11) සහ හෙට (12) තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී තැපැල් ජන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. 11 September 2024
ඔලිම්පික් නව ලෝක වාර්තාවක් තැබු සමිත ලංකාවට ප්‍රංශයේ පැරිස් නුවර පැවති 2024 පැරා ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී , නව ලෝක වාර්තාවක් තබමින් , රිදී පදක්කම දිනා ගත් සමිත දුලාන් ක්‍රීඩකයා පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 11 September 2024
ටිපරයක ගැටී සිසුවිය මරුට යාපනයේදී ටිපර් රථයක ගැටී පාසල් සිසුවියක මියගොස් ඇතැයි පොලිසිය සදහන් කරයි. 11 September 2024
අදත් තැනින් තැන වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 September 2024
ට්‍රම්ප් හැරිස් විවාදය ඇමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් අතරේ පළමු සජීවී රූපවාහිනී විවාදය අද (11) ආරම්භ වෙයි. 11 September 2024
කේට් කුමරිය පිළිකාව පරද්දයි පිළිකා රෝගය සඳහා වෛද්‍යවරුන් නිර්දේශ කළ කිමෝතෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කළ බවත් ඉදිරි මාසවලදී නැවතත් රාජකීය වැඩකටයුතු සඳහා සීමා සහිතව සහභාගීවීමට බලාපොරොත්තුවන බවත් බ්‍රිතාන්‍යයේ කේට් මිඩ්ල්ටන් කුමරිය ඊයේ(09) වීඩියෝ පණිවුඩයක් තබමින් ප්‍රකාශ කළාය. 10 September 2024
ජනාධිපති අපේක්ෂකයෝ 19 දෙනෙක් තවමත් හැංගිලා ජනාධිපති අපේක්ෂකයන් 19 දෙනකු ජනාධිපතිවරණයට අදාළව අද (10) වන විටත් කිසිම ප්රචාරක කටයුත්තක් කර නොතිබූ බව තොරතුරු අනාවරණය වී ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය. 10 September 2024
ජනපති අපේක්ෂකයකුගේ නිති කැඩූ ගෝලයෝ 30 ක් පස්ස දොරෙන් ගෙදර යවලා ඡන්ද නීති කඩ කළේ යැයි කියන මුල් පෙළේ ජනාධිපති අපේක්ෂකයකුගේ ආධාරකරුවන් තිස් දෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක නොකර මුදා හැරියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල මූලස්ථාන පොලිසියේ ප්‍රධානීන්ට එරෙහිව පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත. 10 September 2024
ත්‍රිරෝද රථයක බිලිදු මළ සිරුරක් ආගරපතන , හෙන්ෆොල්ඩ් වතුයායේ ජි.එල් කොටසේ වතු නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු ත්‍රිරෝද රථයක පිටුපස පොලිතින් බැගයක තිබි බිලිදු මළ සිරුරක් හමු වී ඇතැයි ආගරපතන පොලීසිය කියයි. 10 September 2024
රාජ්‍ය අමාත්‍යවරුන් පහක් ඉවතට ගීතා කුමාරසිංහ මහත්මිය ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉවත් කර තිබේ. 10 September 2024
සොරණාතොට කන්දේ අක්කර 10 ක් විනාශයි බදුල්ල සොරණාතොට කන්දේ අද (10) පස්වරුවේ ඇති වූ හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි . 10 September 2024
ස්පා කතුන්ට හදිකළ සිද්ධියට 5ක් අල්ලයි යක්කල පිහිටි සම්භාහන මධ්‍යස්ථානයකින් තරුණියන් දෙදෙනෙකු රැගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන පුද්ගලයින් පස් දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගනු ලැබූ බව යක්කල පොලීසිය සඳහන් කරයි. 10 September 2024
හොර කච්චේරියක් වටලා 5ක් අත්අඩංගුවට කොට්ටාව පන්නිපිටිය ප්‍රදේශයට කළ සෝදිසි මෙහෙයුමක දී ව්‍යාජ සහතික,හැදුනුම්පත් සහ රියදුරු බලපත්‍ර සකසන හොර කච්චේරියක් වටලා පුද්ගලයින් පස් දෙනෙකු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. 10 September 2024
මැතිවරණ පැමිණිලි 4041ක් ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 4041 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි 10 September 2024
කඳුරට ජනතා බලයේ සහාය අනුරට 2024 ජනාධිපතිවරණයේ කදුකරට ජනතා බලයේ සහය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතාට බව එම පක්ෂයේ නායක රාමන් සෙන්දුරන් මහතා (10) දින හැටන් කොටගල පෞද්ගලික උත්සව ශාලාවකදි මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසිය. 10 September 2024
සජිත්ගේ රැලියේ රතිඤ්ඤා පත්තු කළ තුනක් සැකපිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිටදී පැවති සමගි ජන බලවේගය ප්රචාරක රැළිය අවස්ථාවේදී රතිඤ්ඤා තොගයක් පුපුරා පුද්ගලයන් හත් දෙනකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි . 10 September 2024
හමුදා ලොරිය ත්‍රීරෝද රථයක හා යතුරුපැදියක ගැටී අයෙක් මරුට දියතලාව යුධ හමුදා කදවුරේ සිට මහනුවර පල්ලෙකැලේ යුධ හමුදා කදවුර දක්වා ගමන් කරමින් තිබූ ලොරි රථයක් අද (10) පෙරවරු 10.30 ට පමණ බදුල්ල මහියංගණය මාර්ගයේ තිබිරිගස්පිටිය ප්‍රදේශයේදී, මහියංගණයේ සිට බදුල්ල දෙසට ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයක හා යතුරුපැදියක ගැටීමෙන් ත්‍රීරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර යතුරුපැදිකරු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත්කර ඇතැයි පොලීසිය පවසයි. 10 September 2024
’’රනිල් අනුර දෙවැනි මනාප බෙදාගෙන’’ රට විනාශ කරන රට ගිනිබත් කරන රනිල් වික්‍රමසිංහ අනුර දිසානායක අයිය මලෝ ජනාධිපතිවරණයේදි තමන්ව පැරදවීම අරමුණ කරගනිමින් දෙවැනි මනාප බෙදාගෙන ඇති බව සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවරදී පැවසීය. 10 September 2024
අපේක්ෂක ප්‍රවර්ධන ස්ටිකර් ගලවන්න ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධන ආකාරයෙන් වාහන වල අලවා ඇති සියලුම ස්ටිකර් වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ. 10 September 2024
කේප් ටවුන් සම්මුතිය පාර්ලිමේන්තුවට ජංගම උපකරණවල ජාත්‍යන්තර හිමිකම් පිළිබඳ (කේප් ටවුන් සම්මුතිය) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 September 2024
බලශක්ති නියාමනයට නව ආයතනයක් බල ශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 September 2024
චීනෙට තිරිඟු නිවුඩු යවන්න ගිවිසුමක් ශ්‍රී ලංකාවෙන් චීන වෙළෙඳ පොළට තිරිඟු නිවුඩු පෙති (Wheat Bran Pellets) අපනයනය කිරීම සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 September 2024
ඇමෙරිකා ඩොලර් මිලියන 200ක ණයක් ගන්න කැබිනට් අනුමැතිය ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 200 ක ණය මුදල ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 September 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026