සීතා අලුත් අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කෙරුණු විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ එම ධූරයේ දිවුරුම් දුන්නාය. 13 September 2024
’’ඡන්දෙට කාඩ් එක අත්‍යවශ්‍ය නෑ’’ ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නිල ඡන්ද පත්‍රිකාව අත්‍යවශ්‍ය නොවන බවත් ජාතික හැදුනුම්පත ඇතුළු මැතිවරණ කොමිසම නියම කර ඇති හැදුනුම්පතක් ඉදිරිපත් කිරීමෙන් ඡන්දය ප්‍රකාශ කළ හැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පැවසීය. 13 September 2024
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානීවරයෙක් යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධාන ලෙස සිංහ රෙජිමේන්තුවේ මේජර් ජනරාල් දිනේෂ් නානායක්කාර මහතා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් පත්කරනු ලැබීය. 13 September 2024
’’රනිල් - අනුර දේශපාලන දීගයක’’ රටේ මේ තරම් ගැටලු තිබියදී රනිල් සහ අනුර බලය ගන්න ගිවිසුම් ගතව දේශපාලන දීගයක නිරත වී ඇතැයි සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගාල්ල බද්දේගමදී පැවසීය. 13 September 2024
කන්ටේනරයේ යතුරුපැදියක් ගැටී අයෙක් මරුට කාර්මික දෝෂයක් හේතුවෙන් මීගමුව දන්කොටුව ප්‍රධාන මාර්ගයේ වම් පස නවතා තිබු කන්ටේනර් රථයක පසුපස යතුරුපැදියක් අද (13) පෙරවරුවේ ගැටීමෙන් අයෙකු මරණයට පත් වී ඇති බව වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය කියයි. 13 September 2024
දුම්රියේ ගැටී දෙකක් මරුට අයෙක් බේරෙයි රත්ගම විජයරත්න මාවත දුම්රිය හරස් මාරගයේ දී ඊයේ(12)වැනි දා පෙරවරුවේ කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ත්‍රී රෝද රථයක් හැපි දෙදෙනකු මියගොස් එක් අයෙක් දිවි ගලවාගෙන ඇතැයි රත්ගම පොලිසිය පවසයි. 13 September 2024
ආයේ කමලා එක්ක විවාදයකට යන්නේ නෑ ඩිමොක්රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් සමඟ තමන් යළි විවාදයකට නොයන බව, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 13 September 2024
සොරකමේ ඇවිත් ආරක්ෂකයාටත් පිහියෙන් ඇනලා රත්මලාන දුම්රිය අංගනයට සොරකමේ පැමිණි සැකකරුවකු එල්ල කළ පිහිපහරකින් දුම්රිය ආරක්ෂක අංශයේ උප පරීක්ෂකවරයකු තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව දුම්රිය ආරක්ෂක අංශය පවසයි. 13 September 2024
ගනේෂ් රාජාගේ සේවය අත්හිටුවයි ත්‍රිකුණාමලයේ දිසා විනිසුරු එම්. ගනේෂ් රාජා මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අධිකරණ කොමිසම කටයුතු කර ලැබිය. 13 September 2024
සහල් මිල දිනෙන් දින ඉහළට කතරගම, තිස්සමහාරාම ඇතුළු අවට ප්‍රදේශයන්හි කුඹුරු අස්වැන්න නෙලීම ආරම්භ කළ ද සහල් මිල දිනෙන් දින සීග්‍රයෙන් ඉහළ යන බව ප්‍රදේශවාසීහු පවසති. 13 September 2024
ආගම විගමන පාලක ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවයි වාහාම අද දින පෞද්ගලිකවම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ආගමන විගමන පාලකවරයාට ශේෂ්ඨාධිකරණය නියම කළේය. 13 September 2024
කෝටි 3 ක අම්බර තොගයක් අල්ලයි රුපියල් කෝටි 3 කට ආසන්න වටිනා තල්මස් අම්බර් තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු හොරණ හොරකැටිය ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 13 September 2024
හිතවත් වී සුද්දෙ දුන් දෙකක් මාට්ටු දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් හා මිතුරු වී ඔවුන් හා එක්ව ගන්නා ආහාර පානවලට කිසියම් පෙති වර්ගයක් කලවම් කොට සිහි මුර්ජා වීමට සළස්වා ඔවුන් සන්තයේ ඇති රන් භාණ්ඩ , මුදල් හා දේපල කොල්ලකෑමට පුරුදුව සිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ කර්යාල කාර්ය සහායකයකු හා ඔහුගේ අනියම් බිරිය අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. 13 September 2024
ගමන් බලපත්‍ර පාලකවරයා ක්‍රිකට් ක්‍රීඩකයා පන්නලා සිම්බාබ්වේහිදී මේ මස 21 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ටී10 ක්‍රිකට් තරගාවලිය සහභාගි වන ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදේශ ගමන් බලපත්‍රය ගැනීමට බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට ගිය අවස්ථාවේදී විදේශ ගමන් බලපත්‍ර පාලකවරයා එම ක්‍රීඩකයා එළවාදමා තිබේ. 13 September 2024
‘මාලිමාව රට පුරා වෛරය වපුරනවා‘ මාලිමාව රට පුරා වෛරය වපුරා ඔවුන් බලය ලබාගතහොත් අවසානයේ රටට සිදුවන්නේ කුමක්දැයි ජනතාව සිතා බැලිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැස්බෑවේ දී පැවසීය. 13 September 2024
රැස්වීමකට ආ අයට කෑම සැකසූ අයෙක් අත්අඩංගුවට හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ගාල්ල හාලිවල ප්‍රදේශයේදි ජනපති අපේක්ෂකයකුට සහාය සඳහා පවත්වන ලද රැස්විමකට පැමිණි පිරිසකට ලබා දිමට සුදානම් කළ බවට සැකකරන ආහාර පාර්සල් 331ක් සමග එම ආහාර පාරසල් සකස් කළ පුද්ගලයා මැතිවරණ කොමිසමේ නිලධාරින් සහ පොලිසිය එක්ව අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 13 September 2024
වෙලේ සුදාගේ සිරකුටියෙන් නවීන ජංගම දුරකතනයක් බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හදිසි පරික්ෂාවකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන ජි.ඩබ්. සමන්ත කුමාර නෙහොත් වෙලේ සුදාගේ සිර කුටියේ තිබී නවීන පන්නයේ ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 13 September 2024
සුද්දාගේ නියෝගයකින් මරා දැමූ හෙන්රි පේද්‍රිස්ට ජනපති සමාව දෙයි දැනට වසර 109 කට පෙර මෙරට බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අසාධාරණ ලෙස මරණයට පත් කරනු ලැබූ කපිතාන් දියුණුගේ එඩ්වර්ඩ් හෙන්රි පේද්‍රිස් මහතාට වසර 110කට පමණ පසු ජනාධිපති සමාව ලබා දෙයි. 13 September 2024
අද වහින තැන් මෙන්න සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 September 2024
මුතියංගන විහාරයේ ‘මධූ‘ හස්තියා වළකට වැටී මරුට මහියංගණ රාජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යයට රැගෙනවිත් සිටි බදුලු මුතියංගණ රාජමහා විහාරයට අයත් ’මධූ’ නමැති හස්තියා ඊයේ (12) පස්වරුවේ හසලක සෙවෙල බෝක්කුව ප්‍රදේශයේදී පැරැණි වැසිකිළි වළකට වැටී එහි සිරවී ජීවිතක්ෂයට පත්ව ඇතැයි හසලක පොලීසිය පවසයි. 13 September 2024
මානගේට මැකෝ අවවාද කරයි සමගි ජන බලවේගය පක්ෂයේ මාතර තංගල්ල සහ ඒ අවට ප්‍රදේශවල රැස්වීම් කිහිපයකට සහභාගීවී කතා පැවැත්වූ ජනාධිපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතාට මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් අවවාද කර ඇත. 13 September 2024
ඡන්දෙ දාන්න දුරකථන තහනම් ජනාධිපතිවරණයේදී ඡන්දය සළකුණු කරන අවස්ථාවට ජනාධිපති ධූර අපේක්ෂකයන්ට සහ ඡන්දදායකයන්ට ජංගම දුරකථන රැගෙන යෑම තහනම් බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා අද (12) පැවසීය. 12 September 2024
වතුර නැති සරසවි සිසුන් මහ පාරේ බදුල්ල බණ්ඩාරපුර ජයගම කලුගල්පිටිය බදුලු සිරිගම රඹුක්පොත ප්‍රදේශයට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය අද (12) ජලය ලබා නොදිම නිසාවෙන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සරසවි සිසුන් මෙන්ම ජනතාව දැඩි අපහසුතාවට පත්වූහ. 12 September 2024
දේශප්‍රේමී සම්මත්‍රණයේ දී දෙපිිරිසක් ගැටිලා දේශප්‍රේමී ජාතික පෙරමුණ සංවිධාන කළ සම්මන්ත්‍රණයක් කොළඹ 7 පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙමින් තිබියදී එහි කඩා වැදුණු පොලු මුගුරු ගත් කණ්ඩායමක් කෑ ගසමින් එම සම්මන්ත්‍රණය කඩාකප්පල් කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් එම පොලු මුගුරු ගත් පිරිස සහ සම්මන්ත්රණ සංවිධායකයන් අතර ගුටිබැට හුවමාරුවක් පස්වරුවේ සිදුවිය. 12 September 2024
කිලෝ 75ක බෝම්බයක් කොටහේනෙන් හමු වෙයි ගුවන් යානා මගින් බිමට හෙළන කිලෝ 75 ක පමණ බරින් යුත් බෝම්බයක් කොළඹ 12 මෛත්‍රී බෝධිරාජ මාවත පුද්ගලික ආයතනයක ගබඩා සංකීර්ණයක් තුළ තිබී හමු වූ බව කොටහේන පොලිසිය කියයි. 12 September 2024
’’ටයිම්ස් ස්කූල්‘‘ සුභ මොහොතින් විවෘත වේ ’’ටයිම්ස් ස්කූල් ඔෆ් හයර් එඩියුකේෂන්’’ ආයතනය තවත් එක සාම්ප්‍රදායික අධ්‍යාපනික ආයතනයක් නොවේ. වර්තමානයේ අප බලාපොරොත්තු වන නවීන අධ්‍යාපන ක්‍රමයට අයත් ආයතනයක් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ආයතනය විවෘත කරමින් අද (12) පැවැසුවේය. 12 September 2024
මාධ්‍ය ආයතන නීති කැඩුවොත් ඡන්ද ප්‍රතිඵල නෑ ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන (නීති රීති) අනුව ක්‍රියා නොකරන මාධ්‍ය ආයතනවලට නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කරනාවද නැද්ද පිළිබඳව තීරණය ගැනීමේ අවස්ථාව මැතිවරණ කොමිසන් සභාවට ඇති බව එම කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා අද (12) පැවසීය. 12 September 2024
උසාවියට කට්ටි පැන්න යුද හමුදා සෙබළා අත්අඩංගුවට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක් මග හරිමින් සිටි යුද හමුදා සෙබළකු ඊයේ (11) අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය පවසයි. 12 September 2024
සිසු ගැටුමක් ජපුර වහයි සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) සවස 6.00 සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබේ. 12 September 2024
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කටුනායකට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම වසර 10 කට පසුව ටෙස්ට් තරගයකදී , එංගලන්තය තුළ දී පරාජයට පත් කළ ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(12) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ 12 September 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026