IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි

(යොහාන් භාසුර)

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක්  අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම හා ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට  ජපානයේ අඛණ්ඩ සහයෝගය දීමට මෙහිදී අවධානය යොමු කෙරිණ.

ශ්‍රී ලංකාවේ ණය  ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන් සහ ගෝලීය සහ කලාපීය අභියෝගවලට විසඳුම් සෙවීමේ ප්‍රයත්නයන් සඳහා ජපානයේ සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය  සිය ප්‍රසාදය මෙහිදී පළ කළාය. 

අධ්‍යාපනය, ආර්ථික වර්ධනය සහ පාරිසරික තිරසාරභාවය යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමනට සහය වීමට ජපානයේ සුදානම් බව  උප අමාත්‍යවරිය අවධාරණය කළාය.

අධ්‍යාපනයේ වැදගත්කම හා පාසල් මට්ටමින් වෘත්තීය පුහුණුව ලබාදීම  සම්බන්ධයෙන් සාකච්ඡාවේදී  ප්‍රධාන අවධානයක් යොමු වූ අතර  ක්ලීන් ශ්‍රී ලංකා  වැඩසටහන ද සාකච්ඡාවේ කේන්ද්‍රීය කරුණක් විය.

විනිවිදභාවයෙන් යුත් පාලනය, වගවීම සහ පාරිසරික තිරසාරභාවය සහතික කිරීම සඳහා මහජන සහයෝගය ලබාගැනීමේ  වැදගත්කම අගමැතිවරිය මෙහිදී අවධාරණය කළාය

ජපාන තානාපති අකියෝ ඉසොමාටා  ප්‍රධාන ජපන් රජයේ නියෝජිතයින්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා  ඇතුළු මෙරට නිලධාරීන් පිරිසක්ද  මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (1)

ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි

Gavin Wednesday, 05 February 2025 05:10 PM

අර රංවලගේ උපාධි සහතිකය හොයාගන්න උදව්වක් ගන්න බැරිද?

:       7       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site