ඖෂධ මිල අඩු කරන්න පුළුවන් - ඒත් බාධාවක් තියෙනවා ඖෂධ මිල අඩු කිරීමේ හැකියාව තිබුණ ද ඖෂධ ගෙන්වන ආයතනයක් පවරා ඇති නඩුවක් හේතුවෙන් එය වැළකී ඇති බවත් අධිකරණය පනවා ඇති තහනම් නියෝගය ඉවත් කළ පසු ඖධ්‍ය මිල අඩු කිරීම නිසිපරිදි නියාමනය කර ජනතාවට දරාගත හැකි මිලට ඖෂධ සැපයීමට කටයුතු කරන බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය. 15 December 2024
ඕන දේකට අපි ඉන්නවා-එ:ජා සංවිධානය ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් තාක්ෂණික සහ මූල්‍ය සහාය ඉදිරියටත් නො අඩුව ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාක් ඇන්ඩ්ර ෆ්රෙැන්ච් මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවේ පැවසීය. 15 December 2024
පෙදරේරුවා මැරූ පෙදරේරුවා මාට්ටු සිදුව විලේජ් නිවාස සංකීරණයේ දෙවන පටුමගේ අලුතෙන් ඉදිකරමින් පවතින නිවසක පුටුවක් මත ඝාතනය කර ඇති පෙදෙරේරුවකුගේ සිරුරක් සොයාගෙන ඇතැයි පොලීසිය කියයි. 15 December 2024
ආනන්තරීය පාපකර්මය කළ පුතා ගොඩකවෙල පල්ලෙබැද්ද ගල්පාාය ප්‍රදේශයේදි සිය පුතා විසින් සිදුකල පහර දිමක් හේතුවෙන් 82 හැවිරිදි මව අද (15) මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 15 December 2024
ලොරි දෙකක් ගැටී අයෙක් මරුට:පහක් රෝහලට ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් එක් අයකු ජීවිතක්ෂයට පත්ව පස් දෙනකු තුවාල ලබා ඇති බව තඹුත්තේගම පොලිසිය පවසයි. 15 December 2024
මත්වෙන්න සිසිල් බීම දී රියදුරන් කොල්ලකාලා මත්වන සිසිල් බීම ලබාදී දිවයිනේ විවිද ප්‍රදේශවල රියදුරන්ගේ රථවාහන සහ ඔවුන් පැළඳි රන් භාණ්ඩ කොල්ලකන කණ්ඩායමක ප්‍රධානියා අැතුළු තිදෙනකු ඊයේ (14) කැකිරාවේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි. 15 December 2024
ශ්‍රීපාද වන්දනාවේ යන බැතිමතුන්ට ලංගම අතිරේක බස් ශ්‍රිපාද වන්දනාවේ යන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා ශ්‍රී ලංගම අතිරේක බස් සේවා යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්. පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසීය. 15 December 2024
සුපිරි ඉන්දීය නළු අල්ලු අර්ජුන්ට ඇප මේ වනවිට වාර්තා පිට වාර්තා තබමින් ලොව පුරා තිරගත වන ‘පුෂ්පා 2’ චිත්‍රපටයේ, ප්රඡාන චරිතයට පණ දෙන, ජනප්‍රිය තෙලිගු නළු අල්ලු අර්ජුන් පසුගිය දා අත්අඩංගුවට ගැණුනු අතර, ඔහු ඇප මත නිදහස් කෙරුණි. 15 December 2024
ගුවන් තොටේ ගැටලු ඉක්මනින් විසඳනවා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ක්‍රමවේදයන්ට අනුකූල වන පරිදි කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය කරන බව නාවික සිවිල් ගුවන් සේවා ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 15 December 2024
ධනවතුන්ට මත්ද්‍රව්‍ය සැපයූ ජාවරම්කරුවෙක් අල්ලයි වැල්ලවත්ත සුපිරි මහල් නිවාස සංකීර්ණයක රැදි සිටින සුපිරි ධනවතුන්ගේ පරිහරණය සදහා කොකේන් හා කූෂ් මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ජාවාරම් කළ ජාවාරම්කරු ඇතුළු දෙදෙනෙක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් ඊයේ (14) අත්අඩංගුවට ගනු ලැබූහ. 15 December 2024
සමෘද්ධි කාර්යාල සහයක වෙඩි තබා මරලා යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ඊයේ (14) මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේ දී සිදුකල වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. 15 December 2024
පළාත් රැසකට අදත් වැස්ස ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අද අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින අතර එම පද්දතිය තවදුරටත් සෙමින් වර්ධනය වෙමින් බහිරට වයඹ දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 15 December 2024
වැලිපැන්න හෝටලයක ගැටුමක් : 3ක් රෝහලේ වැලිපැනන ගබඩා හන්දිය ප්‍රදේශයේ හෝටලයකට ආහාර ලබා ගැනීමට අද (14) පැමිණි තරුණයන් පිරිසක් හා හෝටල් සේවකයන් අතර ආහාර සම්බන්ධයෙන් ඇති ගැටුමක් දුරදිග යාමෙන් තිදෙනකු කැපුම් තුවාල ලබා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි. 14 December 2024
හැටන් - නුවරඑළිය පාරට ගලක් වැටේ හැටන් - නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ පතන මංසන්ධිය ආසන්නයෙන් ප්‍රධාන මාර්ගයට විශාල ගලක් පෙරලීමෙන් එම ස්ථානයේ රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය. 14 December 2024
පොලිස් ලොක්කෙකුගේ සහයකයකුගේ සිරුරක් වත්තේගමින් මාතලේ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පෞද්ගලික සහායක වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් මොළගොඩ මහතා අභිරහස් ලෙස මියගොස් සිටියදී වත්තේගම නගරයේදී සොයා ගත් බව පොලිසිය කියයි. 14 December 2024
ගුල්ලන් ගැසූ සහල් නැවත හරවා යවයි පෞද්ගලික ආනයනකරුවන් මෙරටට ගෙන්වූ බහලුම් තුනක අඩංගු සහල් කිලෝග්රැම් 75,000 ක පමණ ප්‍රමාණයක් මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි තීරණය කිරීම හේතුවෙන් නැවත හරවා යැවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 14 December 2024
‘‘ශීතාගාර රජයට ගන්නවා‘‘ ධිවර අමාත්‍යංශය මගින් පසුගිය කාලයේ දි පුද්ගලික අංශයට ලබාදි ඇති ශිතාගාරවල බදු කාලය අවසන් විමෙන් පසු යළි පුද්ගලික අංශයට ලබානොදි එම ශිතාගාර රජය සතුව පවත්වාගෙන යාමට තින්දුකොට ඇති බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා අද (14) ගාල්ලේ දි පැවසිය. 14 December 2024
දිස්ත්‍රික් 4 ට නායයෑම් අනතුරු පවතින අධික වර්ෂාවත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් දිස්ත්‍රික්ක හතරකට අද (14) පස්වරු 4 සිට හෙට (15) පස්වරු 4 දක්වා නාය යාමේ පූර්ව අනතුරු ඇගවීමේ පනිවිඩයක් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ බදුල්ල ප්‍රධාන භූවිද්යාය හර්ශනී පෙරේරා මහත්මිය පවසයි . 14 December 2024
දකුණු කොරියා ජනපති දෝෂාභියෝගයෙන් පරදී යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන්, දකුණු කොරියා ජනාධිපති ජනාධිපති යූන් සුක් යෝල්ට එරෙහිව, එරට විපක්ෂය පාර්ලිමේන්තුවට ගෙනා දෝෂාභියෝගයෙන්, ජනාධිතිවරයා පරාජයට පත් විය. 14 December 2024
මාලිගාකන්දේ වෙඩි තැබිමක් මාලිගාකන්ද උසාවිය අසල මාර්ගයේදි යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් කළ වෙඩි තැබීමකින් කාන්තාවක තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතලත් කළ බව මරදාන පොලිසිය පවසයි. 14 December 2024
උසාවියේ වැරදිකරුවන් පාර්ලිමේන්තු ආ රටක උපාධිය ප්‍රශ්න කිරීම සතුටුයි අධිකරණය තීන්දුවකින් වැරදිකරු වූ අය පවා පාර්ලිමේන්තු යැවූ දේශපාලන සංස්කෘතියක් තිබූ රටක මන්ත්‍රීවරුන්ගේ උපාධිය ප්‍රශ්න කරන තරමට පුරවැසි මනස දියුණු වීම ගැන සතුටු වන බව අලුත් පියාපත් සංවිධානය පවසයි. 14 December 2024
කතානායක අස්වූ බවට මහලේකම්ට ලිපියක් කථානායක අශෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියට ලිඛිතව දැනුම් දී ඇත 14 December 2024
ඉන්දීය මහ කොමසාරිස් ඇමති බිමල් හමුවෙයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අතර හමුවක් බත්තරමුල්ල, මඟනැගුම පරිශ්‍රයේ පිහිටි අමාත්‍ය කාර්යාලයේදී සිදු විය. 14 December 2024
කතානායකගේ ලිපිය තවමත් මහලේකම්ට ලැබී නෑ කතානායක අශෝක සපුමල් රන්වල මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතත් තවමත් ඒ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට නිල වශයෙන් දැනුම් දී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 14 December 2024
කොත්මලේ ජලාශයේ මළසිරුරක් තලවකැලේ, ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබූ නාඳුනන මළසිරුරක් අද (14) සොයා ගත් බව තලවකැලේ පොලිසිය පවසයි. 14 December 2024
කතානායක ධුරයට නම් තුනක් මීළඟ කතානායක ධුරයට නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුනාරච්චි යන මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. 14 December 2024
සූර් වී බැන්නැයි පොලුවලින් පහරදී මස්සිනා මරා දමලා බිරියගේ නිවසට බීමතින් පැමිණ බැණ වැදුනයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බිරියගේ සහෝදරයා සහ සහෝදරිය විසින් පොලු වලින් පහරදී මස්සිනා ඝාතනය කර ඇතැයි වාලච්චේන පොලිසිය පවසයි . 14 December 2024
පුංචි ඡන්දෙට ආණ්ඩුව වැඩ අරඹයි පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාළ අලුත්ම නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරි සති කිහිපයේදී ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය. 14 December 2024
ශ්‍රී පාදය වදින්න මහා සෙනඟක් 2024-2025 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය (14) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ විය. 14 December 2024
ජනපති හෙට ඉන්දියාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා හෙට (15) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. 14 December 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026