IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


විද්‍යා ඝාතකයන්ගේ අභියාචනයට දින දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

මහත් ආන්දෝලනයකට තුඩුදුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවන්ට වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් අගෝස්තු 25 වැනිදා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී එලෙස තීරණය කළේය.

මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ 18 හැවිරිදි සිවලෝගනාදන් විද්‍යා නමැති පාසැල් දැරිය 2015 වසරේදී පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර මරා දැමීමේ චෝදනාවන්ට වරදකරුවන් වු ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට යාපනයේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 2017 සැප්තැම්බර් 27 වැනිදා මරණීය දණ්ඩනය නියම කරනු ලැබීය.

විසින් තමන්ට එම දඩුවම් නියම කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් මහාධිකරණ තීන්දුව අහෝසි කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් විසින් මෙම අභියාචන පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

 



අදහස් (1)

විද්‍යා ඝාතකයන්ගේ අභියාචනයට දින දෙයි

Senarath Friday, 07 February 2025 09:15 AM

මේ දැරිය දූෂණය කරලා මරලා දානකොට තොපි නොදැන හිටියද ඒක නීතිවිරෝධී බව? මරණීය දණ්ඩනය නිමා කරලා හිරගෙවල් වල දමාගෙන කන්න බොන්න දීලා බලාගන්න එක තවත් අපරාධයක් . මේ වගේ අපරාධකරුවන්ට මරණීය දඬුවම් දීම ඉතාම කාලෝචිතයි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 30 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site